මහනුවර අභියෝගයෙන් ගම්පහ සලිත වෙයි

567

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2017 වර්ෂය සඳහා පැවැත්වූ අවසන් තරග දෙක අද (31) පැවැත්වුණු අතර එහි එක් තරගයකින් ලකුණු 92ක පූර්ණ ජයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

එමෙන්ම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මුදිත් ලක්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් හොඳින් ප්‍රදර්ශනය වූ තරගයෙන් තර්ස්ටන් විද්‍යාලය ඩී. එස් සේනානායක විද්‍යාලයට එදිරිව පළමු ඉනිමේ ජයක් ලබා ගන්නා ලදි.

මාරිස් ස්ටෙල්ලා, රාජකීය, ආනන්ද විදුහල් ජය පැන් බොයි

පිතිකරුවන්ගේ දස්කම්වලට සාපේක්ෂව පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණු අද (30) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට්…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

A කාණ්ඩය යටතේ මහනුවර අස්ගිරිය ක්‍රිකට් පිටියේ ඊයේ (30) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලය ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කරන ලදි.

සිය සුපුරුදු තණතීරුව මත පළමුව පිතිකරණය සඳහා අවතීර්ණ වූ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් මීට පෙර නිමා වූ තරගයේ දී ලකුණු අතරට පිවිසි අභිෂේක් ආනන්ද කුමාර් ලකුණු 53ක් ලබා ගන්නා ලදි. ඔහුට අමතරව චානුක කුමාරසිංහ ද ලකුණු 24ක් ලබා ගත් අතර එය ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම ලකුණු 178ක් දක්වා ගෙන යාමට දායක විය. පන්දු යැවීමේ දී සහිරු රොෂේන් 4/12යි.

ඊයේ දිනය සඳහා තරගය නවතා දමන විට පිළිතුරු ප්‍රථම ඉනිම දියත් කළ බණ්ඩාරනායක විද්‍යාලය  කඩුලු 8ක් දැවී ලකුණු 131ක් ලබාගෙන තිබුණි.

දෙවන දිනය වූ අද (31) දිනයට තරගය ආරම්භ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි අරෝෂ මදුෂාන් සිය විදුහලට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකර දීමේ අභිප්‍රායෙන් ලකුණු  61*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටි නමුත් ලකුණු 66කට දැවී යාමත් සමඟ ඔහුගේ උත්සාහය ව්‍යර්ථ විය. බණ්ඩාරනායක විද්‍යාල පළමු ඉනිම ලකුණු 148කට සීමා කිරීමට ත්‍රිත්ව විද්‍යාලයට සවියක් වූ වමතින් පිට දඟපන්දු යවන විමුක්ති නෙතුමල් කඩුලු 5ක් දවා ගන්නා ලදි. කවිශ්ක සේනාධීර විසින් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ලකුණු 30ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටිය දී සිය දෙවන ඉනිම අත්හිට වූයේ සිය ප්‍රතිවාදීන් හට ලකුණු 208ක ඉලක්කයක් ලබා දෙමිනි. පිතිකරණය අතින් ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම සවිමත් කළ දකුණතින් පිත්ත හසුරුවන හසින්ත ජයසූරිය ලකුණු 57ක් ලබා ගනිමින් සිය අර්ධ ශතකය ද සම්පූර්ණ කරගත්තේය.

ඕෂදට ද්විත්ව ශතකය අහිමියි; වරායට සහ හලාවතට දැවැන්ත ජයග්‍රහණ

දකුණත් පිතිකරු ඕෂද ප්‍රනාන්දුගේ අති දැවැන්ත ඉනිමත්, වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක චානක කොමසාරුගේ විස්මිත පන්දු යැවීමත් නිසා අද (30) සුපිරි…

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ කවිශ්ක සේනාධීර හා විමුක්ති නෙතුමල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බණ්ඩාරනායක විද්‍යාල දෙවන ඉනිම ලකුණු 115කට සීමා විය. නමුත් යම් මට්ටමකට හෝ සටනක් දුන් පසිඳු බණ්ඩාර බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් ලකුණු 45ක් රැස්කර ගත්තේය. කෙසේ නමුත් තරගය අවසානයේ ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 92ක ජයක් හිමි විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 178/10 (57.4): අභිෂේක් ආනන්ද කුමාර් 53, චානුක කුමාරසිංහ 24, සහිරු රොෂේන් 4/12.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම – 148/10 (58.4): අරෝෂ මදුෂාන් 66, විමුක්ති නෙතුමල් 5/63, කවිශ්ක සේනාධීර 4/43.

ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම – 177/5 d (34.2): හසින්ත ජයසූරිය 57, ට්‍රෙවෝන් පර්සිවෙල් 39, සහිරු රොශේන් 3/46.

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිම – 115/10 (48.4): පසිඳු බණ්ඩාර 45, අරෝශ මදුශාන් 30, කවිශ්ක සේනාධීර 4/36, විමුක්ති නෙතුමල් 3/46.


කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මෙම තරගය A කාණ්ඩයේ තරගයේ ඊයේ දිනයේ දී කාසියේ වාසිය දිනාගත් සත්කාරක තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ශෙනාල් චන්ද්‍ර ලකුණු 49ක් ලබාගෙන  අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඔහුට සහය වූ අයන්ත ද සිල්වා ලකුණු 36ක් වාර්තා කළේය. පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලයේ සඳරු ඩයස් විසින් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

තරගයේ අද දිනය ආරම්භ වන විට නිමේෂ් පෙරේරා හා පසිඳු දේශාන් තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම සඳහා පිළිවෙළින් ලකුණු 67*ක් හා ලකුණු 30* ලබාගෙන සිටි අතර අද උදෑසන ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 74කට හා ලකුණු 45කට දැවී ගියේය. තර්ස්ටන් විද්‍යාලයේ මැදපෙළ තවදුරටත් සවිමත් කරමින් ලකුණු රැස්කරගත් සවන ප්‍රභාෂ් ලකුණු 51ක් ලබා ගන්නා ලදි. තර්ස්ටන් පළමු ඉනිම ලකුණු 231කට සීමා කිරීමට ඩී. එස්. සේනානායක කණ්ඩායම සමත්වූ අතර වමතින් දඟපන්දු යැවූ මුදිත ලක්ෂාන් කඩුලු 4ක් දවා ගැනීම ඊට මහත් රුකුලක් විය.

මීගමුව සහ කළුතර අතර තරගයේ ලකුණු සමවේ

තීරණය කුමකින් කුමක්වේ දැයි අවසානය දක්වාම කිව නොහැකි වූ මීගමුව ක්‍රිකට් සමාජය සහ කළුතර නාගරික සමාජය අතර කදිරානේ දී අද (30) නිමා වූ Tier B තරගය ජය පරාජයෙන්…

පන්දු යැවීමෙන් ද සිය දස්කම් ප්‍රදර්ශනය කළ මුදිත දකුණතින් පිත්ත හසුරුවමින් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දෙවන ඉනිමට ලකුණු 84ක් එක් කළේ සිය තුන් ඉරියව් දස්කම් මනාව ප්‍රදර්ශනය කරමිනි.  අනෙක් අන්තයෙන් ඔහුට සවියක් වූ පසිඳු ආධිත්‍යය ලකුණු 53යි. අවසානයේ ඔවුන් ලකුණු 213ක් ලබාගෙන සිය දෙවන ඉනිම අත්හිටුවන ලදි.

ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට තර්ස්ටන් විද්‍යාලය පිටියට පිවිසියත් ඒ සඳහා ඔවුන් හට ප්‍රමාණවත් පන්දුවාර ප්‍රමාණයක් ඉතිරිව නොතිබුණි. නමුත් ඔවුන් තරගය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 43ක් ලබා ගන්නා ලදි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 163/10 (45.5): ශෙනාල් චන්ද්‍ර 49,  අයන්ත ද සිල්වා  36, සඳරු ඩයස් 4/42.  

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 231/10 (66.4): නිමේෂ් පෙරේරා 74, සවන ප්‍රභාෂ් 51, පසිඳු දේශාන් 45, මුදිත ලක්ෂාන් 4/31, අයන්ත ද සිල්වා 3/16.

ඩී. එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 213/7 d (51): මුදිත ලක්ෂාන් 84, පසිඳු ආධිත්‍යය 52,  ටෙරෝන් බස්කරන් 21, අයේශ් හර්ශන 4/32.

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම – 43/4 (9): මෙතුශාන් කුමාර 2/16.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න