ප්‍රබල සහිරාවන් පරදා රාජකීයයන් අවසන් මහා තරගයට

697

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය යටතේ මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අද (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති පළමු අවසන් පූර්ව තරගය ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් අනතුරුව දඬුවම් පහර වටය 3-4ක් ලෙස ජයග්‍රහණය කළ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

රත්නම් පරදා කොළඹ පාපන්දු සමාජයට දැවැන්ත ජයක්

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය යටතේ කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සහ රත්නම් SC කණ්ඩායම අතර අද (22) කොළඹ…

සහිරා විද්‍යාලයීය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූ අතර අනෙක් පසින් රාජකීය විද්‍යාලයීය කණ්ඩායම අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගනු ලැබුවේ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරගැනීමට අපොහොසත් වූ හෙයින් තරගය තරමක් උදාසීන ස්වරූපයක් ගන්නට විය.

කෙසේ නමුත් තරගය ඉදිරියට යත්ම සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් පන්දුව ඉදිරියට රැගෙන යන්නට සමත් වුවත් ඔවුන්ට රාජකීය විද්‍යාලයේ පසුපෙළ අභිබවා යන්නට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව එහි දී රාජකීය විද්‍යාලයීය පසුපෙළ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට විය.

තරගයේ 23 වන මිනිත්තුවේ දී සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව රැගෙන යමින් අවසානයේ මොහොමඩ් මෂූඩ් විසින් එය මොහොමඩ් සාජිඩ් වෙත බාර කළ අතර ඔහු සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමු කළත් එහි දී ඔහු ‘off-side’ නීතිය උල්ලංඝනය කළ බවට විනිසුරුවරයා සංඥා කළ නිසා එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත.

එතැන් සිට නැවතත් දෙපිළේම ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් නිර්මාණය කරගැනීමට සමත් වූයේ නැත. එහි දී ද සහිරා ක්‍රීඩකයින් පන්දුව තමන් සතුව රඳවා ගමින් ඉදිරියට රැගෙන ගියත් රාජකීය පසුපෙළට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත.

සාන්ත පැට්‍රික් ක්‍රීඩකයෝ දඩුවම් පහරවලින් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පරදති

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ 3 වන ස්ථානය තේරීම සඳහා තරගය අද (16) පස්වරුවේ…

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට ඉතා ආසන්නයේ දී සහිරා කණ්ඩායමේ මොහොමඩ් ෂයීන් ගෝල රාමු කලාපය පිටත සිට පහරක් එල්ල කරනු ලැබුවත් එහිදී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉහතින් ඇදී ගියේය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 00 – 00 රාජකීය විද්‍යාලය

සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ දෙවන අර්ධයේ දී ද සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කරන්නට වූ අතර ඒ අනුව තරගයේ 49 වන මිනිත්තුවේ දී ඔවුන්ට තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට හැකි විය. එහි දී ක්‍රියාත්මක වූ සාජිඩ් ගෝල රාමු කලාපය වෙත එහි දකුණු අන්තයෙන් පන්දුව රැගෙන යමින් රාජකීය ආරක්ෂක ක්‍රීඩකයෙක් මගහරිමින් ඉතා විශිෂ්ට ලෙස පන්දුව ගෝල රාමුව තුළට යොමුකරන්නට සමත් විය.

සහිරා ක්‍රීඩකයින් ඉන් අනතුරුව ද පන්දුව ඉදිරියට රැගෙන යමින් ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කිරීමට සමත් වුවත් එහි දී ඔවුන් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් නිර්මාණය කරගැනීමට සමත් වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 66 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ සිය පළමු ගෝලය වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරන්නට සමත් විය. එහි දී ඔවුන් ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව රැගෙන යමින් අවසානයේ එය මොහොමඩ් නෆීස් වෙත බාර කළ අතර ඔහු එල්ල කළ පහර නවතාළීමට සහිරා ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ශාකීර් සමත් වුවත් ඉන් අනතුරුව පන්දුව උස්මාන් අහමඩ් වෙත යොමු වූ අතර ඔහු සාර්ථකව එය ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය.

>>තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න<<

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ සහිරා ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක කරගන්නට රාජකීය විද්‍යාලයීය පසුපෙළ ක්‍රීඩකයින් සමත් වූයේ නැත. අනෙක් පසින් රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් හට ද ඉක්මන් අවස්ථාවන් හරහා අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. ඒ අනුව තරගයේ අවසන් තීරණය දඬුවම් පහර වටය වෙත යොමු විය.

සම්පූර්ණ කාලය: සහිරා විද්‍යාලය 01 – 01 රාජකීය විද්‍යාලය

සහිරා විද්‍යාලයේ හසන් රාසා, සාජිඩ් සහ සාහිල් අහමඩ් පමණක් සිය දඬුවම් පහර සාර්ථක කරගැනීමට සමත් වූ අතර ඒ අනුව මොහොමඩ් අක්තාර්, ෂයීන් සහ හසන් රීසා ලබාගත් දඬුවම් පහර අවස්ථා ඉතා විශිෂ්ට ලෙස රැකගන්නට රාජකීය විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් අසාද්ස මත් වෙද්දී මොහොමඩ් මුෂ්ෆීර් ලබාගත් දඬුවම් පහර අවස්ථාවේ දී පන්දුව ගෝල රාමුවේ වැදී ඉවතට විසි විය.

සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පාපන්දු ශූරතාවය මරදානට රැගෙන යති

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ 2018 අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ (16) සවස කොළඹ සුගතදාස…

අනෙක් පසින් රාජකීය විද්‍යාලයේ ප්‍රබුද්ධ, වී. එම්. කවිෂ්ක, සී. එම්. ඩයස් සහ අසාද් සිය දඬුවම් පහර අවස්ථා සාර්ථක කර ගනු ලැබූ අතර මොහොමඩ් සාජිඩ්, ඉනාම් උල් ඉස්ලාම් සහ මොහොමඩ් අම්මාර් ලබාගත් දඬුවම් පහර අවස්ථා පමණක් අසාර්ථක වූහ.

ඒ අනුව දඬුවම් පහර වටයෙන් තරගයේ ජයග්‍රහණය හිමිකරගත් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් මහා ස්ථානයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

දඬුවම් පහර වටය: සහිරා විද්‍යාලය 3 – 4 රාජකීය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් අසාද් (රාජකීය විද්‍යාලය)

ගෝල ලාභීන්

  • සහිරා විද්‍යාලය – මොහොමඩ් සාජිඩ් 50′
  • රාජකීය විද්‍යාලය – මොහොමඩ් නෆීස් 66′

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<