සුමංගල ක්‍රීඩකයින්ට ලකුණු 74ක ජයක්

567

සිංගර් වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩයේ පාසල් තරගාවලියේ එක් තරංගයක් ඊයේ (02) රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහභාගී වෙමිනි.

රෙවාන් කෙලී, සාලින්ද සහ අශේන් සාන්ත ජෝසප් නම බබලවති

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ…

කාසිය වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි  පොළොන්නරුව රාජකීය විද්‍යාල ක්‍රීඩකයෝ තම ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 56කි. ඉතා දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ටී. ටී. ඒකනායක පන්දුවාර 10ක් තුල ලකුණ 7කට කඩුලු 3ක් හා ටී. කේ. රාජපක්ෂ පන්දුවාර 7.4ක් තුල ලකුණු 24කට කඩුලු 3ක් සහ රත්නායක පන්දුවාර 3ක් තුල ලකුණු 16කට කඩුලු  2ක් ද දවා ගැනීමට සමත් වූහ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාල ක්‍රීඩකයෝ තම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 8කට ලකුණු 170ක් ලබා ගැනීමට සමත් විය. ටී. ටී. එ්කනායක ඉතා අගනා ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 71ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉඳුවර පන්දුවාර 5ක් තුල ලකුණු 23ක් ලබා දී කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. තවද දිලුක්ෂ පන්දුවාර 11ක් තුල ලකුණු 43කට කඩුලු 2ක් සහ නාදරත්න සහ රශ්මික ද කඩුලු 1 බැගින් දවා ගත්හ.

තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි පොළොන්නරුව රාජකීය කණ්ඩායම් ක්‍රීඩකයෝ, ප්‍රතිවාදීන්ගේ දැවැන්ත පන්දු යැවීම හමුවේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 40ක් පමණි. සුමංගල විද්‍යාලයේ ටී. ටී. ඒකනායක කඩුලු 6ක් දවා ගන්නා විට බණ්ඩාර, මාධව සහ මදුවන්ත එක කඩුලු බැගින් ලබා ගත්හ.  අවසානයේ ඉනිමක සහ ලකුණු 74ක ජයක් ලබා ගැනීමට ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ සමත් වූහ.

පොළොන්නරුව රාජකීය විද්‍යාලය (පළමු ඉනිම) – 56/10 (25.4): ටී. ටී. ඒකනායක 3/07,  ටී. කේ. රාජපක්ෂ 3/24, රත්නායක 2/16

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය (පළමු ඉනිම) – 170/8d (37.5): ටී. ටී. එ්කනායක 71*,  බණ්ඩාර 25, ඉඳුවර 3/23,  දිලුක්ෂ 2/43

පොළොන්නරුව රාජකීය විද්‍යාලය (පළමු ඉනිම) – 40/10 (26):  ටී. ටී. එ්කනායක 6/12.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට