SAG ලැයිස්තුවට තවත් නමක් එකතු වෙයි

144

දෙසැම්බර් මාසයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට, තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් හෂිනි බාලසූරිය ඇතුළත් කිරීමට තීරණය කර ඇත. 

SAG යන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය……

SAG යන ශ්‍රී ලංකා සංචිතය අඩු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශයෙන් මලල ක්‍රීඩා සංගමයට දැනුම් දීමත් සමඟ නිමා වූ ජාතික ශූරතාවයේ දී තුන් පිම්ම ඇතුළු තෝරාගත් ඉසව් කිහිපයක පළමුවැනි ස්ථාන වාර්තා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම සංචිතයට ඇතුළත් කිරීමට තීරණය කෙරුණි. 

ජාතික ශුරතාවයේ දී තුන්පිම්ම ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත් හෂිනි ඉසව්වේ දී වාර්තා කළ ප්‍රමාණය වන දුර මීටර 12.95, 2016 වසරේ SAG ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කමට සමාන බවත්, ඇයගේ දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් ද සලකා බලන ලෙසත් ඇය විසින් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව ජාතික තේරීම් කමිටුව ඇයව ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

හෂිනි මේ වසරේ ඇයගේ හොඳම දක්ෂතාවය ලෙස මීටර 13.06ක දුරක් සටහන් කරමින් දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වූ අතර ඇයගේ සමස්ත හොඳම දක්ෂතාවය වන්නේ මීටර 13.40ක්. 

ජාතික සංචිතයේ ක්‍රීඩකයින් ගණන අඩු කිරීම හේතුවෙන් පසුගිය වසරේ ලෝකඩ පදක්කමට වඩා දක්ෂතා පෙන්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර SAG වරම් අහිමි වී ඇත. කෙසේ නමුත් ඊයේ (07) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කරන බවයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<