ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගයට නවසීලන්තයෙන් නව නායකයෙක්

568

එළඹෙන සිකුරාදා දිනයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය සඳහා වන නවසීලන්ත කණ්ඩායම අද දිනයේ දී (4) ප්‍රකාශයට පත්කර ඇති අතර කණ්ඩායමේ නායකත්ව වගකීම වේග පන්දු යවන ටිම් සවුති හට පැවරී තිබේ.

කලකට පසුව ලොකු කුසල් පිත්තෙන් වැඩ පෙන්වයි

කුසල් පෙරේරාගේ සටන්කාමී …..

පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ දී පුහුණු සැසියක් අතරවාරයේ දී දණහිස ආශ්‍රිතව හටගත් ආබාධයක් නිසාවෙන් මාස 9ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදු වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් ආබාධ තත්වය සුව වීමෙන් අනතුරුව නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් කණ්ඩායමට ඔහුගේ උපරිම දායකත්වය ලබා දෙනු ඇතැයි යන අපේක්ෂාව පෙරදැරිව ඔහුව සංචිතයට එක් කොට ඇත.

නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියම්සන් සහ නිත්‍ය පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා මෙම තරගය සඳහා විවේක ගන්වා ඇති අතර ඒ අනුව කණ්ඩායමට ගුරුහරුකම් ලබා දීමේ වගකීම හිටපු නවසීලන්ත ක්‍රීඩක ක්‍රේග් මැක්මිලන් හට පැවරී ඇත. මීට අමතරව ටෙස්ට් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ වමත් වේගපන්දු යවන ට්රෙන්ට්  බෝල්ට් සහ තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩි ග්‍රාන්ඩ්හොම් දෙදෙනාට ද විවේකයක් ලබා දීමට තීරණය කර ඇත.

පසුගිය කාල සීමාවන් හී ආබාධවලට ගොදුරු වූ ඇඩම් මිල්නේ සහ කොරේ ඇන්ඩර්සන් තවමත් පූර්ණ සුවය ලබා නොමැති නිසාවෙන් කණ්ඩායමට ඇතුළත් නොකිරීමට තීරණය කළ බවත්, ටොඩ් ඇස්ට්ල්ගේ ආබාධ තත්වය බොහෝ දුරට යහපත් අතට හැරී ඇති නමුත් එක්වරම තරගකාරි පිටියට පිවිසීම අවදානම් බැවින් ඔහු ද සංචිතයට නම් නොකළ බව අද දින පැවති මාධ්‍යය සාකච්ඡාවක දී නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් පවසා සිටියහ.

espncricinfo.com       මිචෙල් සැන්ට්නර්

පසුගිය වසර පුරාවට ටෙස්ට් තරගවල දී ඉතා හොඳින් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ හොන්රි නිකොලස් සහ ඊයේ දිනයේ දී නිමා වූ දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී ප්‍රවේගකාරි පිතිහරඹයක නියැලෙමින් තිසර පෙරේරා ක්‍රියාත්මක කළ 49 වැනි පන්දුවාරයේ දී හයේ පහර 5ක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය සොරාගත් ජිමී නීශාම් සංචිතයට එක්ව ඇති අතර  සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන නවක වේගපන්දු යවන ස්කොට් කග්ගලයින් හට ද 13 දෙනෙකුගෙන් සන්නද්ධ නවසීලන්ත සංචිතය හා එක්වීමට වරම් ලැබී තිබේ.

පාකිස්තානය සමඟ පසුගිය වසර අවසානයේ දී පැවති විස්සයි විස්ස තරගාවලිය නියෝජනය කර මාක් චැප්මන් මෙවර සංචිතයෙන් ඉවත් කර ඇති අතර ග්ලේන් ෆිලිප් සිය ස්ථානය රැක ගනිමින් මෙවර තරගාවලිය සඳහා එක් සිටී.

තරගාවලිය සඳහා වන සංචිතය මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි ප්‍රධාන තේරීම් කමිටු නිලධාරි ගැරී ලාර්සන් මහතා කණ්ඩායමේ සිදු වූ වෙනස්කම් පිළිබඳ මෙසේ සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.

කලකට පසුව ලොකු කුසල් පිත්තෙන් වැඩ පෙන්වයි

කුසල් පෙරේරාගේ සටන්කාමී ඉනිමට සහයෝගයක් දැක්වීමට අනෙක් ශ්‍රී ලංකා ….

“පසුගිය තරග වාරයේ දී පාකිස්තානය සහ කොදෙව් කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ තරගවල දී ටිම් කණ්ඩායම මෙහෙයවූ ආකාරය ගැන මම ඉතාමත් සෑහීමකට පත් වෙනවා. අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් එක්ක අලුත් මුහුණ කිහිපයක් ද සංචිතයට එක් කරලා තියෙන නිසා ඔහුට හොඳ ක්‍රීඩක සම්මිශ්‍රණයක් සහිත සමබර කණ්ඩායමක් අපි ලබා දීලා තියෙනවා කියල හිතනවා.”

“මිචෙල්ව නැවතත් අපි Blackcaps කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල ක්‍රියාත්මක වෙන සුපර් බෑෂ් තරගාවලියේ නයිට් කණ්ඩායම වෙනුවෙන් ඔහු පෙන්වපු දක්ෂතා සැලකිල්ලට අරගෙන තමයි තීරණය කළේ ඔහු නැවතත් ජාත්යන්තර තරගවලට එන්න සුදුසුකම කාලය දැන් තමයි කියලා.”

දෙරට අතර පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගය ජනවාරි 11වන දා ඕක්ලන්ඩ් හීදී පැවැත්වීමට නියමිතයි.

නවසීලන්ත විස්සයි විස්ස සංචිතය – ටිම් සවුති(නායක) ,ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, කොලින් මොන්රෝ, ජිමී නීෂාම්, හෙන්රි නිකොලස්, ග්ලේන් ෆිලිප්ස්, සෙත් රාන්ස්, මිචෙල් සැන්ට්නර්, ටිම් සෙයිෆර්ට් (කඩුලු රකින්නා), ඉශ් සෝධි, රොස් ටේලර්, ස්කොට් කග්ගලයින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<