2019 ThePapare පාපන්දු ශූරතාව දිනා ගන්නේ කවුද?

130

2019 ThePapare පාපන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කණ්ඩායම් 19ක සහභාගීත්වයෙන් මේ දිනවල පැවැත්වෙමින් තිබේ. 

වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ‘A’ කාණ්ඩයේ පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අනුග්‍රහය යටතේ ‘ThePapare පාපන්දු ශූරතාවලිය’ යන නාමයෙන් මේ ආකාරයට සංවිධානය වන්නේ අඛණ්ඩව දෙවන වසරටයි. 

සාන්ත තෝමස් – ගේට්වේ වාර්ෂික පාපන්දු ගැටුමට සියල්ල සූදානමින්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ගේට්වේ ……

තරගාවලියේ පළමු වටය කාණ්ඩ තරග වටයක් යටතේ පවත්වනු ලබන අතර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් 19 කාණ්ඩ 4කට බෙදා වෙනකොට ඇත. ඒ අනුව පළමු කාණ්ඩ තුන කණ්ඩායම් 3 බැගින් ද සිව්වැනි කාණ්ඩය කණ්ඩායම් 4කින් ද සමන්විත වේ. 

මේ වන විට තරගාවලියේ සති 3ක තරග පවත්වා අවසන් කර ඇති අතර සිව්වැනි සතියේ තරග මේ වන විට ආරම්භ වී ඇත. 

තරගාවලියේ සති 3ක් අවසානයේ එක් එක් කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහන දැක්වෙන්නේ පහත පරිදි ය.

‘A’ කාණ්ඩය

‘B’ කාණ්ඩය

‘C’ කාණ්ඩය

‘D’ කාණ්ඩය

තරගාවලියේ මේ වන විට පැවැත්වෙමින් තිබෙන සිව්වැනි සතියේ තරග කාලසටහන මෙසේය.

කාණ්ඩ තරග වටය අවසානයේ එක් එක් කාණ්ඩයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ද්විත්වය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අතර එතැන් පටන් තරගාවලිය පවත්වනු ලබන්නේ පිළිමළුන් පිටුදැකීමේ ආකෘතිය යට‍තේ ය. 

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි මස 23 දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ජයග්‍රාහක කණ්ඩායම්වලට පිරිනැමෙන කුසලාන, පදක්කම් සහ සහතික පත්වලට අමතරව මෙහි දී තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා සඳහා වන ‘රන් පන්දුව (Golden Ball), තරගාවලියේ වැඩිම ගෝල ලාභියා සඳහා වන ‘රන් සපත්තුව (Golden Boot) සහ තරගාවලියේ හොඳම ගෝල රකින්නා සඳහා වන ‘රන් අත්වැස්ම (Golden Glove) යන කේවල සම්මාන ද මෙහි දී පිරිනැමෙනු ඇත. 

ම්බාපේ එංගලන්තයට එයි ද?

ලෝක ශූර ප්‍රංශ ජාතික පාපන්දු ක්‍රීඩක කිලියන් ම්බාපේ………

2018 වසරේ පැවති පළමු ThePapare පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායම් අතර පැවති අතර ඉතා තියුණු තරගයකින් දඬුවම් පහර වටයෙන් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් ය. 

එහි තුන්වැනි ස්ථානය දිනා ගනු ලැබුවේ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය යි. එමෙන්ම මෙම තරග සඳහා පාපන්දුලෝලීන් අතිවිශාල සංඛ්‍යාවක් ක්‍රීඩාංගණය බලා පැමිණීම ද කැපී පෙනෙන දසුනක් විය. 

මෙවර තරගාවලිය තුළ මේ වන විටත් ඉතා උණුසුම් තරගය කිහිපයක්ම පැවති අතර තරගාවලිය ඉදිරියටයත්ම එය තවත් උණුසුම් වනු ඇති බව නොඅනුමාන ය. 

තරගාවලිය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශය කරමින් එහි උණුසුම විඳගැනීමට පාපන්දු ක්‍රීඩාලෝලී ඔබට අප අවස්ථාව සලසා තිබෙන අතර තවදුරටත් තරගාවලියේ නවමු පුවත්, තරග විස්තර, වීඩියෝ පට, ඡායාරූප ඇතුළු සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<