“Siyaට කන්න නොතිබුණු කාලයක් තිබුණා” – දකුණු අප්‍රිකානු පුහුණුකරු

171

2019 රග්බි ලෝක ශූර දකුණු අප්‍රිකානු පුහුණුකරු Rassie Erasmus, පළමු කළු ජාතික Springboks නායකයා වන Siya Kolisiව ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ වර්ණනා කර තිබුණා. Kolisiගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකානු Springboks කණ්ඩායම එංගලන්තය පරාජය කරමින් 2019 රග්බි ලෝක ශූරයින් බවට පත් වුනා.

ලෝක ශූර දකුණු අප්‍රිකාවට බරටම සම්මාන

මාස්ටර්කාඩ් හා ලෝක රග්බි සම්මේලනයේ රග්බි ……

Kolisi යටතේ දකුණු අප්‍රිකාව සිය තෙවැනි ලෝක කුසලානය දිනා ගත් අතර එම අවස්ථාව රග්බි ඉතිහාසයේ අමරණීය අවස්ථාවක් බව බොහෝ විචාරකයින්ගේ මතයයි. 

28 හැවිරිදි මේ සුපිරි ෆ්ලෑන්කර් ක්‍රීඩකයා කුඩා කළ දැඩි දරිද්‍රතාවෙන් පිඩා විඳි අයෙකු වන අතර පසුගිය සතියේ දී ඔහු හෙළි කළේ සිය නිවසේ රූපවාහිනියක් නොමැති වීම නිසා 2007ලෝක කුසලාන අවසන් මහා තරගය නරඹන්නට තමන්ට වෙනත් ස්ථානයක් පවා සොයාගෙන යාමට සිදු වූ බවයි. 

අපි හොඳ කතාවක් දැම්මා, ඔහුගේ 50 වැනි තරගයට ඔහුට ජර්සිය ප්‍රදානය කරපු මොහොතේ” Erasmus පවසා තිබුණා. “අමාරු අවස්ථාවන් වලට මුහුණ දෙන හැටි, ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා හැටි කතා කරන්න හරිම ලේසියි. ඒ වුනත් ඔබට කන්න යමක් නැති, යන්නට පාසලක් නැති, දාන්නට සපත්තු දෙකක් නැති අවස්ථා තිබුණම ඒ දේවල් කරන්න අපහසුයි. ඔහු වාඩි වෙලා කල්පනා කරද්දී, Siyaට කන්න නැති අවස්ථා පවා තිබුණා කියලා මතක් වෙනවා. ඒත් ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලෝක කුසලානය දිනූ නායකයෙක්. එකෙන් අපිට තේරෙනවා Siya කොහොම කෙනෙක් ද කියලා” 

දකුණු අප්‍රිකාවේ ඇති වර්ගවාදී අර්බුදය Kolisiට හා පුහුණුකරු Erasmus අතර කටයුතුවලට බාධාවක් වූයේ දැයි එංගලන්තය පරාජය කළ මොහොතේ මාධ්‍යවේදීන් දකුණු අප්‍රිකානු පුහුණුකරුවාගෙන් අසා සිටියා. “අපි ඒ පිළිබඳව එකිනෙකා හා අවංකවම කටයුතු කරනවා.”  

“ලෝක කුසලානයක පුහුණුකරු ලෙස මේ මගේ පළමු තරගාවලිය, නවසීලන්තය සමඟ පළමු වටයේ තරගය අපේ කණ්ඩායමට පීඩනය දරා ගන්න හැටි ඉගෙන ගන්න හොඳ උදාහරණයක් වුනා. ඒ සතියේ දී අපි අන්තිම නරක විදියට සෙල්ලම් කළත් පිළිමළුන් පිටුදැකීමේ වටයේ දී අපි ඉතා හොඳින් ක්‍රීඩා කළා. දකුණු අප්‍රිකාවේ දී නම් පීඩනය කියන්නේ රස්සවක් නැති වීම, පීඩනය තමයි ඔබේ ළඟම නෑදෑයෙක් කවුරු හරි මරා දැමීම. දකුණු අප්‍රිකාවට වෙනත් ගොඩක් ප්‍රශ්න තියෙනවා හා අපි කතා කළා රග්බි අපිට පීඩනයක් නෙවෙයි කියලා. රග්බි ඔබට බලාපොරොත්තුවක් දෙනවා. අපි හිතුවා අපි කොච්චර වාසනාවන්ත ද කියලා.”

ජපානය ලෝක කුසලානයෙන් ඔලිම්පික්වලට පාඩම් ඉගෙන ගනී.

2019 රග්බි ලෝක කුසලානය නිමා වූයේ දකුණු අප්‍රිකාවට තුන්වැනි …….

“බලාපොරොත්තුව කියන්නේ බලාපොරොත්තුව ගැන කතා කිරීම, බලාපොරොත්තුව ගැන Twitter පණිවිඩයක් දැමීම නෙවෙයි. බලාපොරොත්තුව කියන්නේ ඔබ ඒ වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන වෙලාවට. බලාපොරොත්තුව කියන්නේ මිනිස්සු BBQ සාදයක හිඳිමින් තරගය නරඹා සතුටින් කල් ගෙවන එකට. ඔබලා එකිනෙකාගෙන් කෙතරම් වෙනස් වුනත් ඒ මිනිත්තු 80 තුළ ඔබට වෙනවා කණ්ඩායමේ සියලු දෙනා සමඟම එකඟ වෙන්න. ඒක වගකීමක් නොවේ, ඒක අපිට ලැබුණු වාසනාවක්.”

ලෝක කුසලාන ජයත් සමඟ දකුණු අප්‍රිකාව වසර 10කට පසුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට සමත් වුනා. Erasmus වසර දෙකකට පෙර කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගද්දී දකුණු අප්‍රිකාව සිටියේ ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ වීම විශේෂත්වයක්.

Kolisi මාධ්‍ය හමුවේ මෙසේ පවසා සිටියා. “දකුණු අප්‍රිකාවේ මිනිස්සුන්ට ගොඩක් කරදර අපහසුතා අභියෝග තිබෙනවා. පුහුණුකරු අපිට කිව්වා අපි, අපි වෙනුවෙන් නෙවෙයි තවදුරටත් සෙල්ලම් කරන්නේ කියලා. අපි සෙල්ලම් කරන්නේ දකුණු අප්‍රිකානු ජනතාව වෙනුවෙන්. ඒක තමයි අපිට අද කරන්න ඕන වුනේ.”

“අපි ඔබ සියලු දෙනාගේම සහය අගය කරනවා. ආපනශාලා වල, shebeens, ගොවිපලවල සිට අපිට සහය දුන්, හිසට සෙවනක් නොමැති වුනත් අපි වෙනුවෙන් උදව් කළ සිය දෙනාට මම ස්තුති කරනවා. අපි දකුණු අප්‍රිකාවට ආදරෙයි හා අපි සියලු දෙනා එකට වැඩ කරොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<