මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට

103

අබුඩාබි T10 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (24) අබුඩාබි හිදී නිමා වූ අතර එහි දී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් මෙවර ශූරතාව දිනා ගැනීමට මරත ඇරබියන්ස් කණ්ඩායමට හැකි විය. ඔවුන් තරගය ජයග්‍රහණය කළේ කඩුලු 8කිනි. 

භානුක සහ මාලිංගගේ කණ්ඩායම් අවසන් සටනට

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසානයේ දී මරත ඇරබියන්ස්…..

අවසන් තරගය – මරත ඇරබියන්ස් හා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් අතර 

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මරත ඇරබියන්ස් නායක ඩ්වේන් බ්‍රාවෝ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඩෙකෑන් කණ්ඩායමට ලබා දුන්නේය. 

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි මොහොමඩ් ශෙශාඩ් හා ශේන් වොට්සන් ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලසිත් මාලිංග හා මිචෙල් මැක්ලෙගන් සමත් විය. මොහොමඩ් ශෙශාඩ් ලකුණු 14කට දැවී ගිය අතර ශේන් වොට්සන් ලබාගත්තේ එක් ලකුණක් පමණි. 

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන යාමට භානුක රාජපක්ෂ හා අසීෆ් ඛාන් සමත් වූයේ ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වෙමිනි. 

භානුක පන්දු 12ක දී හයේ පහර දෙකක් හා එක් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් රැස් කළ අතර අසීෆ් ඛාන් පන්දු 17ක දී නොදැවී ලකුණු 25ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර තුනක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. 

“මහා” නොහොත් දෙවන මැක්ග්‍රාත්

අන්තර්ජාතික ක්‍රිකට් විචාරකයන් ඔහුව හැඳින්වූයේ එලෙසින් ය. ඒ ඔහු ජාත්‍යන්තර පිටියට පිවිසෙන විට එතරම් නිවැරදි……

නියමිත පන්දුවාර 10 අවසානයේ දී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 8කට ලකුණු 87ක් ලෙසිනි. පන්දු යැවීමේ දී ඩ්වේන් බ්‍රාවෝ කඩුලු 2ක් දවා ගත් අතර මිචෙල් මැක්ලෙගන්, ලසිත් මාලිංග හා කසුන් රාජිත එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය. 

ලකුණු 88ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි මරත ඇරබියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ක්‍රිස් ලින් හා චැඩ්වික් වෝල්ටන් පළමු කඩුල්ල සඳහා ලකුණු 56ක් එක් කළේ පන්දුවාර 4ක දී ය. මරත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ක්‍රිස් ලින් දැවී ගියේ ලකුණු 16ක් ලබා සිටිය දී ය. 

ඉන් අනතුරුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඇඩම් ලියත් ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා එවීමට මිගෙල් පිටෝරියස් සමත් විය. ඇඩම් ලබා ගත්තේ ලකුණු 2ක් පමණි. 

තුන්වැනි කඩුල්ල සඳහා පිටියෙහි එක්වූ චැඩ්වික් වෝල්ටන් හා නජිබුල්ලා සද්‍රාන් ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 7යි පන්දු දෙකක් තුල පසුකර යාමට සමත් විය. ආරම්භක පිතිකරු වූ චැඩ්වික් වෝල්ටන් පන්දු 26ක් තුල ලකුණු 56ක් වාර්තා කිරීමට සමත් විය. 

ඔහුගේ ඉනිමට හතරේ පහර හයක් හා හයේ පහර තුනක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී බිඳ වැටුණු කඩුලු දෙක සඳහා හිමිකම් කීමට මිගෙල් පිටෝරියස් හා සහූර් ඛාන් සමත් විය. 

තරගයේ වීරයා ලෙස චැඩ්වික් වෝල්ටන් සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා වූයේ ක්‍රිස් ලින් ය. 

ඩෙකෑන් ග්ලැඩියේටර්ස් – 87/8 (10): භානුක රාජපක්ෂ 23 (12), අසීෆ් ඛාන් 25 (17), ඩ්වේන් බ්‍රාවෝ 16/2, ලසිත් මාලිංග 18/1, කසුන් රාජිත 5/1

මරත ඇරබියන්ස් – 89/2 (7.2): චැඩ්වික් වෝල්ටන් 51 (26), ක්‍රිස් ලින් 16 (10), මිගෙල් පිටෝරියස් 16/1, සහූර් ඛාන් 22/1

ඉන්දියාව ටෙස්ට් වාර්තා පොත් අලුත් කරයි

සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ද දින තුනක් ඇතුළත……

තුන්වැනි ස්ථානය සඳහා වන තරගය – බංග්ලා ටයිගර්ස් හා ක්වාලෑන්ඩර්ස් 

තුන්වන ස්ථානය සඳහා වන තරගය බංග්ලා ටයිගර්ස් කණ්ඩායම හා ක්වාලෑන්ඩර්ස් කණ්ඩායම අතර පැවති අතර එහි දී කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට තිසර පෙරේරා නියෝජනය කරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. 

පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ක්වාලෑන්ඩර්ස් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාවය ලකුණු 28ක් බවට පත්වන විට ලූක් රොන්චි ගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. ඉන් පසුව එල්ල කළ පන්දුවෙන්ම අම්ජාඩ් ගුල් ද දවා ගැනීමට ප්‍රභාත් සමත් විය. 

ක්වාලෑන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 57ක් එක් කිරීමට පීටර් ට්‍රේගෝ හා පිලිප් සෝල්ට් සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පිලිප් සෝල්ට් ලකුණු 30ක් රැස් කළේ පන්දු 15කිනි. එයට හයේ පහර දෙකක් හා හතරේ පහර දෙකක් ඇතුළත් විය. 

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් හා කෙවින් කොත්තිගොඩ එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. 

110ක ඉලක්කයක් හඹා ගිය බංග්ලා ටයිගර්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වූයේ තවත් පන්දු දෙකක් ඉතිරිව තිබිය දී ය. 

බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52කි. ඔහුගේ ඉනිමට පන්දු 30ක් වැය වී තිබූ අතර එයට හයේ පහර හතරක් හා හතරේ පහර තුනක් ඇතුළත් විය. 

අනෙක් ආරම්භක පිතිකරුවා වී රයිලි රුසෝ ලකුණු 31ක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 73ක් එක් කිරීමට සමත් විය. පන්දු යැවීමේ දී පීටර් ට්‍රේගෝ, සුල්තාන් අහ්මඩ්, සමිත් පටේල් හා ජෝර්දාන් ක්ලාක් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය. 

තරගයේ වීරයා ලෙස බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් සම්මාන දිනා ගත්තේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<