ආසියාවෙන් කඟවේනුන් බිහි කරන්නට සුගතදාසය යළිත් සූදානමින්

361

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තිඹිරිගෙය ලෙස විරුදාවලී ලත් සුගතදාස ධාවන පථයේ නවීකරණයෙන් පසු මීටර් 400 හා මීටර් 200 කෘතීම සින්තතික් ධාවන පථ අද (09) උදෑසන ගරු අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මේ සඳහා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හා ඒ. එච්. එම්. ෆවුසි යන අමාත්‍යවරුන් ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ විශාල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මංජුල කුමාර උස පැනීමෙන් අවසන් වටයට

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රියාත්මක 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ…

රුපියල් මිලියන 248.75ක ඇස්තමේන්තු ගත මුදලක ප්‍රතිඵලයක් ලෙස මේ ධාවන පථය නිර්මාණය වූ අතර මේ නිසා රටේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිගින් දිගටම ධාවකයන්ට අඩුපාඩුවක් වූ ධාවන පථ පිළිබඳ ගැටලුවට යම් අස්වැසිල්ලක් ගෙන එන ඇත.

මේ අවස්ථාවට සහභාගී වූ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාවේ ඉදිවන පළමු තහනම් උත්තේජක නිවාරණ රසායනාගාරය පිළිබඳව ද අදහස් දැක්විය. මේ තුලින් රටේ විනයගරුක ක්‍රීඩකයන් සහ සැබෑ දක්ෂයන් කවුරුන්ද යන්න තෝරා ගැනීම එතුමාගේ අරමුණයි. මෙහි දී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

“ලංකාවේ පළමු වතාවට සියලුම ක්‍රීඩකයන්ගේ පරීක්ෂණ සිදු කරන්නට මානව ජෛව යාන්ත්‍රණය පිළිබඳ අංග සම්පුර්ණ රසායනාගාරයක් අපි හදනවා. ඒකට අවශ්‍ය සියලු ශක්තිය ඕස්ට්‍රේලියානු ඇකඩමිය සූදානම් වෙලා තියනවා.”

“රුපියල් මිලියන 3400ක් යොදා තවත් ගෘහස්ථ ක්‍රීඩා පිටියක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. තවත් මාස කිහිපයකින් එය විවෘත කරනවා. මීට අමතරව සුගතදාස ක්‍රීඩාංගණයේ භාවිතා කරන්නට පුළුවන් හැමතැනක්ම භාවිතයට ගන්නවා” යැයි පැවසීය.

ගෝල්ඩ් එකක් දිනුවා වගේ සතුටක් දැනෙන්නේ – චතුරංග ලක්මාල්

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සමාරම්භයේ දී ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා…

පිටියේ ආරම්භක තරග ඉසව්වක් ලෙස ප්‍රදර්ශන පාසල් බාලක හා බාලිකා තරග ඉසව් දෙකක් ක්‍රියාත්මක වූ අතර එහි බාලක ප්‍රථම ස්ථානය මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දිනා ගැනීමට සමත් විය. සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගත්හ.

බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය ගේට්වේ ජාත්‍යන්තර පාසල විසින් දිනා ගත් අතර එහි දෙවන හා තෙවන ස්ථාන වත්තල ලයිසියම් හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය විසින් දිනා ගත්හ.

ඉදිරියේ දී පැවැත්වෙන දකුණු ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සහ ජාතික යොවුන් ක්‍රීඩා උළෙල සඳහා වන ක්‍රීඩකයන් ප්‍රධාන වශයෙන් ඉලක්කගත වන අතර ඉතිහාසයෙන් බිහි කළ සුසන්තිකා ලා සහ සුගත් ලා නැවත ඉපදීමේ කාලය එළඹ ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<