රාජකීය බලකොටුවට උතුරෙන් එල්ලවූ අනපේක්ෂිත වෙඩිමුරය

445

කේ. කපිල්රාජ්ගේ සහ එම්. අභිනාෂ්ගේ සුපිරි පන්දු යැවීමේ දක්ෂතා හමුවේ සවිමත් වූ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සමඟ පැවති සාම්ප්‍රදායික ක්‍රිකට් තරගයෙන් ලකුණු 10ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

දශක තුනක දීර්ඝ නිහැඬියාවකින් පසු 2014 වසරේ දී මෙම සාම්ප්‍රදායික තරගය නැවත ආරම්භ කිරීමෙන් පසුව යාපනය ක්‍රීඩකයන් ජයග්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

කමිඳු තවත් ශතකයකට; ලුම්බිණි විද්‍යාලයට සුපිරි ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් අද දින (17) සාර්ථකව නිමාව දුටුවේය. අද දිනය තුළ රිච්මන්ඩ්…

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දෙවන කාණ්ඩයේ තරගයක් ලෙස යාපනයේ දී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීයයන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක කණ්ඩායමට ලබා දෙන ලදි. පළමුවෙන් පන්දු යැවීමේ තීරණයට සාධාරණය ඉටු කළ මනුල පෙරේරා සහ කවිඳු පතිරණ තමන් අතරේ කඩුලු 7ක අයිතිය බෙදා ගනිද්දී යාපනය සාන්ත ජෝන් පළමු ඉනිම 65කට සීමා විය.

කෙසේ වෙතත් සංචාරක කණ්ඩායමටත් පිත්තෙන් එතරම් ස්ථාවර දස්කමක් දැක්වීමට හැකියාව ලැබුණේ නැත. කේ. කපිල්රාජ් ප්‍රමුඛ පන්දු යවන්නන් සියලු පිතිකරුවන්ට හිසරදයක් බවට පත්වූ අතර ගයාන් දිසානායක සටන්කාමී ලකුණු 30ක් රැස් කළේ රාජකීය විද්‍යාල පළමු ඉනිම ලකුණු 111ක් දක්වා ඔසවා තබමින්. කපිල්රාජ් ලකුණු 39කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 6ක්.

පළමු දිනය තුළ සිය දෙවන ඉනිමත් ආරම්භ කළ සත්කාරක යාපනය සාන්ත ජෝන් විද්‍යාලය දිනය අවසන් වන විට වඩාත් සාර්ථක පිතිකරණ උත්සාහයක් සමඟින් කඩුලු 3කට ලකුණු 55ක් ලබා සිටියේ ලකුණු 9ක සුළු වාසියක් හිමි කර ගනිමිනුයි.

වෙනස්කම් දෙකක් සමඟින් ශ්‍රී ලංකාව තීරණාත්මක තෙවැනි එක්දින තරගයට!

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රියාත්මක වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ තීරණාත්මක තුන්වැනි එක්දින තරගය අද (18) අබුඩාබි …

දෙවන දිනයේ උදෑසන සාන්ත ජෝන් විද්‍යාලයේ ඉතිරි පිතිකරුවන් 7 දෙනාවද නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට රාජකීයයන් සමත් වුවත් ඒ වන විට දෙවන ඉනිම ලකුණු 163ක් දක්වා ඉහළ දමාගෙන සිටි සත්කාරකයන්, ප්‍රතිවාදීන් හට ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දී තිබුණි. සාන්ත ජෝන් දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩී. ශෝරපන් ලකුණු 31ක් රැස් කරන ලදි.

මේ තරගයේ තියුණු ස්වභාවය තවත් වර්ධනය කරමින් දෙවන දිනයේ දිවා ආහාරය වන විට රාජකීය විද්‍යාලයේ කඩුලු 4ක්, ලකුණු 54කට බිඳ හෙලන්නට සාන්ත ජෝන් පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසුව තරගයේ තීරණාත්මකම කොටසේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ එම්. අභිනාෂ් ලකුණු 36කට කඩුලු 6ක් දවා ගත් අතර රාජකීය දෙවන ඉනිම ලකුණු 107කට සීමා වුණේ සත්කාරක කණ්ඩායමට ලකුණු 10ක තියුණු ජයක් හිමි කර දෙමිනුයි. තම කණ්ඩායමේ පරාජය වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ අශාන් සචිත්‍ර ලකුණු 27ක් රැස් කළේය.

ලාහෝර් 20-20 තරගයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ස්ථීර කරයි

ලබන 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන තෙවන හා අවසන් 20-20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන බව ශ්‍රී …

සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිම –  (සියල්ලන් දැවී) – 65 (29.1) : මනුල පෙරේරා – 4/13, කවිඳු පතිරණ – 3/17

රාජකීය විද්‍යාල පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 111 (33.2) : ගයාන් දිසානායක – 30, කවිඳු චතුරංග – 29, කේ. කපිල්රාජ් – 6/39

සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම –  (සියල්ලන් දැවී) – 163 (34.3) : ඩී. ශෝරපන් – 37, වී. යදූෂන් 32, කේ. කපිල්රාජ් – 30, එම්. අභිනාෂ් 29, කමිල් මිශාර – 5/23

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – (සියල්ලන් දැවී) – 107 (33) : අශාන් සචිත්‍ර 27, කවිඳු චතුරංග 22, එම්. අභිනාෂ් – 6/36, කේ. කපිල්රාජ් – 2/31

ප්‍රතිඵලය – යාපනය සාන්ත. ජෝන් විද්‍යාලයට ලකුණු 10ක ජයක්

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<