සුපිරි ක්‍රිකට් තරු දෙකකට All Blacks වරම්

104

රග්බි පිටියේ දී පමණක් නොව ක්‍රිකට් තරග බිමේ දී ද තම හැකියා දක්ෂතාවන් එක හා සමානව ලෝකයා ඉදිරියේ විද්‍යාමාන කර ඇති ක්‍රීඩාශීලී සුපිරි නවසීලන්ත රග්බි සහ ක්‍රිකට් තාරකාවන් නැවත වතාවක් එකම වේදිකාවක උරින්උර ගැටෙනු දැක බලා ගැනීමේ මහඟු අවස්ථාවක් එරට ක්‍රීඩාලෝලීන් හට හිමිව තිබේ.

සිඩ්නි දුමාරය මැද ගෞරවය සොයා යන්නට නවසීලන්තය සැරසෙයි

ලැව් ගිනි නිසා ඇතිවූ දුමාරයෙන් බාධා විය හැකි නමුත් ඕස්ට්‍රේලියානු සංචාරයේ දී නැති වුණු ගෞරව…

ක්‍රෝ-ලොමු අනුස්මරණ කුසලානය උදෙසා පැවැත්වෙන T20 බ්ලැක් ක්ලෑෂ් ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය දෙවන වරටත් මෙම වසරේ දී දිග හැරෙණුයේ පසුගිය වසරේ දී ඒ සඳහා හිමි වූ විශාල ප්‍රේක්ෂක ආකර්ෂණය සහ ජනප්‍රියත්වය නිසාවෙනි.

මෙවර තරගය නවසීලන්ත වැසියන්ට පමණක්ම සීමා නොවී ශ්‍රී ලාංකිකයන් වන අප හටත් තරමක් වැදගත් වනුයේ මෙරටින් බිහි වූ අතිදක්ෂ, ලෝක ක්‍රිකට් පිටිය හෙල්ලූ ප්‍රබලයින් දෙදෙනෙකු ද තරග වැඳීම සඳහා කළ ඇති ආරාධනය සැලකිල්ලට ගනිමිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ එදා මෙදා තුර වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළමින් දඟපන්දු භීතිකාවෙන් ප්‍රබල පිතිකරුවන් පවා අන්ත අසරණ කළ මුත්තයියා මුරලිදරන් සහ මෙරටින් බිහි වූ දක්ෂතම පිතිකරු සහ නායක නාමාවලිය ඉහළින්ම වැජඹෙන මහේල ජයවර්ධන දෙදෙනා මෙසේ T20 බ්ලෑක් ක්ලෑෂ් තරගය වර්ණවත් කිරීම සඳහා එක්වීම සඳහා බලාපොරොත්තුවෙන් පසුවන බව ඊයේ (1) දිනයේ දී නිල වශයෙන් එරට මාධ්‍ය වාර්තා කිහිපයක්ම පළකොට තිබුණි.

තාත්තා නිසා ස්ටෝක්ස් 2019 ගැන දුකින්

එංගලන්තයේ බෙන් ස්ටොක්ස් ගෙවී ගිය 2019 වසර පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ තම පියා…

පළමු අදියර ජය ගනිමින් බ්ලැක් කැප්ස් කණ්ඩායම මවිත කළ ඕල් බැලෑක්ස් ක්‍රිකට් කණ්ඩායම මෙවරත් තම වික්‍රමයන් ගෙන හැර පෑමට සූදානම් වන්නේ මුරලි සහ මහේලගේ සේවය ලබාගැනීමේ වාසිය ද තමන් සතුකර ගනිමිනි.

හිටපු ඕල් බ්ලැක්ස් පුහුණුකරු සර් ග්‍රැහැම් හෙන්රි මහතා තමන්ට සුපුරුදු කාර්‍යභරයෙහි වගකීම කර මතට ගනිමින් ක්‍රිකට් ක්‍රීඩා පිටිය ද ජය ගැනීමට සූදානම් වන්නේ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරවරයා ලෙස කටයුතු කරමිනි. මහේල සහ මුරලි යනු ක්‍රිකට් වංශ කතා පොතේ පුරාවෘත්තයන් බවත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ  ඔවුන් සතුව ඇති දැනුම් සම්භාරය බෙදා හදා ගැනීමට හැකි වීමම සතුටට කාරණාවක් බවයි.

“මහේල සහ මුරලි ක්‍රිකට්වලට විතරක් නොවෙයි රග්බි ක්‍රීඩාවටත් උනන්දු බව අපි දන්නවා. මොකද නැත්තන් ඔවුන්ට රග්බි කණ්ඩායම නියෝජනය කරලා සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑනේ.” යනුවෙන් ඉතාමත් සිනා මුසු මුහුණින් මාධ්‍ය අමතමින් හෙන්රි මහතා සඳහන් කොට තිබුණි.

බ්ලැක් කැප්ස් නියෝජනය කරමින් ඉදිරිපත් කර ඇති කණ්ඩායමේ නායකත්වය හිටපු නවසීලන්ත නායක ස්ටිවන් ෆ්ලෙමින් හට හිමිව ඇති අතර ඔහු එකහෙලා ප්‍රකාශ කර තිබුණේ මුරලිගේ ඇතුලත් වීම නම් තමන්ට විශාල අභියෝගයක් වනු ඇති බවයි.

ඉන්දියාවට බැටදෙන්න ශ්‍රී ලංකාවෙන් හොඳ සංචිතයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය…

“මම ක්‍රීඩා කරන කාලේ මුරලිගේ පන්දුවලට මුහුණ දෙනවා කියන්නේ නරක හීනයක් වගේ. ආයිත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න වෙන එක නම් එතරම් ලේසි පහසු වෙන එකක් නැහැ.”

“මුරලි විතරක් නෙමෙයි මම මහේලත් එක්ක අන්තිම වතාවට ක්‍රීඩා කරද්දී 2007 දී ඔහු අපිට සංග්‍රහ කළේ ශතකයකින්. ඒකත් ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක දී. ඕල් බ්ලැක්ස්ලට නම් මේක හොඳ අවස්ථාවක්.”

ජනවාරි 17 වැනිදා නේපියර් හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මෙම තරගය සඳහා රිචී මැකෝව්, ආරෝන් ස්මිත් මෙන්ම සුප්‍රසිද්ධ ජෝඩි සහ බියුඩින් බැරට් සහෝදරයින් දෙදෙනා ද ඕල් බ්ලැකස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන අතර ඩැනියල් විටෝරි, ග්‍රාන්ට් එලියට්, නේදන් මැකලම් සහ ලුක් රොන්චි වැනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසකගේ දායකත්වය බ්ලැක් කැප්ස් කණ්ඩායම සතුවීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<