ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කමක්

448

ජර්මනියේ පැවති ස්වෙන් ලාංජ් බොක්සිං තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමට සමත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රාජකීය විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩකයන් ලෝකඩ පදක්කම් දෙකක්ද ඇතුළුව රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

වසර දෙකකට පසු අනුෂා බොක්සිං වළල්ල හොල්ලයි

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලිය පසුගිය ඉරිදා අවසන් වුනේ කොළඹ MAS රාජකීය බොක්සිං..

පස්වැනි වරට පැවැත්වෙන තරගාවලිය ජර්මානු බොක්සිං ශූරයෙකු වන ස්වෙන් ලාංජ් අනුස්මරණ කුසලානය ලෙස හැඳින්වේ. බොක්සිං රජවරුන් සේ හැඳින්වෙන රාජ්‍යයන් සමඟින් කරට කර සටන් වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රී ලංකා නාමය එහි රඳවන්නට සමත් විය. එංගලන්තය, මොන්ගෝලියාව, යුක්රේනය ශ්‍රී ලංකාවට දැඩි අභියෝග ගෙන ආවේය.

කි. ග්‍රෑම්. 49 බරපන්තියෙන් සටන් වැදුණු ඒ. අල්තාෆ් එම බරපන්තියේ අවසන් මහා තරගයේ දී මොන්ගෝලියානු ක්‍රීඩකයෙකු පරාජය කරමින් ජය ගත්තේය. මෙම බරපන්තියෙන් ශ්‍රී ලංකාවට කලකට පසු ලැබුණු ජාත්‍යන්තර රන් පදක්කමක් ලෙස මෙය සැලකිය හැකිය.

ඔහුට අමතරව වී. හෙට්ටිආරච්චි සහ ඒ.  අහමඩ් පිළිවෙළින් කි. ග්‍රෑම්. 56 සහ 52 යන බරපන්තිවල ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩකයන් රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන් වූ අතර ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගැනීමට ඔවුන් සමත් විය. ක්‍රීඩකයන්ට පුහුණුකාරීත්වයෙන් සහාය වූයේ රාජකීය විද්‍යාලයීය බොක්සිං පුහුණුකරු අබ්දුල්ලා ඉබුනු විසිනි. මේ වසරේ ස්ටබ්ස් පළිහ ජයග්‍රහණය කිරීමට රාජකීයයන් පුහුණු කළ ඔහු දැන් සමස්ත ශ්‍රී ලංකාවටම පදක්කම් ගෙනෙන්නන් නිර්මාණය කොට ඇති බැව් තහවුරු ය.

කණ්ඩායම් කළමනාකරු ලෙස වී. පීරිස් සහ සහාය කළමනාකරු ලෙස එල්. අමරසේකර ද, කණ්ඩායම් භාර නිලධාරි ලෙස එම්. රියාස් මහතා ද සංචාරයට සහභාගී විය.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<