දයාසිරි – ඩිල්ෂාන්ගේ ගැටුමේ සුල මුල

2525
Dayasiri Jayasekara didnt say anthing to Dilshan Thilakarathna

එක්තරා වෙබ් අඩවියක් විසින් අද (01) දින ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සම්බන්ධ ප්‍රචාරය කර ඇති  “මං කියන විදියට ගහන්න බැරිනම් යන්න” යැයි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදුකල ප්‍ර‍කාශයක් නිසා ඩිල්ෂාන් ක්‍රීඩාවෙන් ඉවත් වු බව යන අර්ථය එන ලෙස පලකරන ලද  ප්‍රවෘත්තිය සම්පූර්ණ සාවද්‍ය එකක් බවත්, අමාත්‍යවරයා සමග එලෙස කිසිදු මත ගැටුමක් සිදු නොවූ බවත්, තමා පෞද්ගලිකවම මෙම ප්‍රවෘත්තිය දැක අමාත්‍යවරයා හට දුරකතන ඇමතුමක් ලබාදී ඒ පිලිබදව පුදුම වූ බවත්, තමාගේ කණගාටුව පලකරන බවත් දැනුම් දුන් අතර, ඕනෑම අවස්ථාවක මාධ්‍ය මගින්  මේ සම්බන්ධව විමසා සිටියහොත් එහි අසත්‍යතාවය පිළිබදව මාධ්‍ය වෙත කරුණු දන්වා සිටීමට ක්‍රියා කරන බවත් ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්.දිල්ෂාන් මහතා ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අවිශ්වාස පුද්ගලයන් එළියට?

මෙම ප්‍රවෘත්තිය සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ කිසිදු පදනමක් නොමැති මෙවැනි අසත්‍ය ප්‍රචාර වගකිවයුතු ප්‍රවෘත්ති සපයන්නෙක් නොකරන අතර, තමාගේ බලවත් කණගාටුව මේ සම්බන්ධව ප්‍රකාශ කරන බවයි. තමා හා ටී. එම්. ඩිල්ෂාන් ක්‍රීඩකයා අතර එවැනි සිදුවීමක් සිදු නොවූ අතර, ටී. එම්. ඩිල්ෂාන් ක්‍රීඩකයා කතා කර, කිසි දිනක සිදු නොවූ එවැනි සිදුවීමක් සම්බන්ධව තමා පුදුම වූ අතර, තමා ඒ සම්බන්ධව කණගාටු වන බවද අමාත්‍යවරයාට දන්වා සිටින ලදි.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ටී. එම්. ඩිල්ෂාන් මහතා හමුවී හෝ දුරකතන මගින් මෑත කාලයේදී කිසිදු කතා බහක යෙදී නොමැති අතර දෙදෙනා අතර එවැනි මත ගැටුමක් ඇති බව පෙන්වීම රටේ දේශපාලන පෞරෂයක් තබාගෙන සිටින තමන්ට මෙන්ම රටේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ටී.එම්.ඩිල්ෂාන් ක්‍රීඩකයාටද සිදු කල බලවත් අපහාසයක් බවද, එම වෙබ් අඩවිය පෙන්වා දුන් ආකාරයට රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ක්‍රීඩා ලෝලීන්ට ලබා දුන් මෙම වැරදි ප්‍රවෘත්තිය මත ඔවුන්ද නොමග යැවීම ඉතා කණගාටුවට කරුණක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ටී. එම්. ඩිල්ෂාන් සදහන් කර සිටී.

තවත් මෙවැනිම උණුසුම් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න