ශ්‍රී ලංකාවෙන් සටන්කාමී අවසානයක්!

76

ගෙවුණු කාලපරිච්ඡේදය පුරාවටම ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම හට බලාපොරොත්තු වූ මට්ටමේ ඉහළ දක්ෂතාවන් අතරට පැමිණීමට නොහැකිවූ බව නොරහසකි.

කෙසේ නමුත් නැවත වතාවක් තම සුපුරුදු ජයග්‍රාහී මාවත වෙත අවතීර්ණ වෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රියාත්මක වූ ආසියානු කලාපීය සුදුස්සන් තෝරාගැනීමේ තරගාවලිය සාර්ථක සටහනකින් නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්ව තිබේ.

ටයිෆූන් මැද Try පිරුනු ලෝක කුසලානයේ ජපන් සවාරිය

සත්කාරකයින්ගේ සුපිරි දක්ෂතා මැද වසර ගණනකට පසුව පැමිණි …..

චීනයේ Guangzhou නගරය කේන්ද්‍රකර ගනිමින් ඊයේ (10) සහ පෙරේදා (9) පැවති මෙම තරගාවලියේ දී තම අඩුපාඩු තරමක් දුරට සකසා ගනිමින් තරඟ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත සටහනේ පස්වැනි ස්ථානය තම නමින් වෙන්කර ගැනීමට සමත්කම් දැක්විය.

ඉසව්වක් වශයෙන් සත් සාමාජික රග්බි තරගාවලියක් ප්‍රථම වතාවට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඇතුළත් වූයේ 2016 වසරේ දී වන අතර මේ සඳහා සහභාගී වීම වන කණ්ඩායම් තෝරාගැනීමේ අරමුණින් සෑම කලාපයක්ම ආවරණය කරමින් සුදුස්සන් තෝරාගැනීමේ තරගාවලි කිහිපයක්ම දැනටමත් ක්‍රියාත්මක වී අවසන්ය.

පසුගිය මස මෙරට දී අවසන් වූ 2019 ආසියානු සත් සාමාජික ශූරතාවලිය සඳහා දායකත්වය ලබා දුන් තනූජා වීරක්කොඩි, සංජීවනී ද සිල්වා වැනි ප්‍රබල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ සේවය මෙම තරගාවලිය සඳහා ලබාගැනීමට නොහැකි වූ නිසාවෙන් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම අනුෂා අත්තනායක සහ අත්දැකීම් බහුල රන්දිකා කුමුදුමාලි යන ක්‍රීඩිකාවන් දෙදෙනාගේ කර මත පැටවිණි. 

“සමගිය බලය වේ” – දකුණු අප්‍රිකාවෙන් උගනිමු

භාෂා 4කින් සන්නිවේදනය කරන රග්බි කණ්ඩායමක්………

මූලික වටයේ තරගයන් හිදී තමන් සහභාගී වූ තරග ත්‍රිත්වයෙන් එක් තරගයක් පමණක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්  සමත් වූ නමුත් එම ජයග්‍රහණය 5 වැනි සහ 6 වැනි ස්ථාන තීරණය කෙරෙන සටන සඳහා අප කණ්ඩායම රැගෙන යාමට තරම් ප්‍රමාණවත් විය. 

හොංකොං සහ චීන කණ්ඩායම් වලට එරෙහිව පැවති පළමු තරග ද්විත්වය ලකුණු 27-07ක් සහ 55-00ක් ලෙසින් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව කොරියානු ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 19-05ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේ කණ්ඩායමේ ආත්ම විශ්වාසය ඉහළට ඔසවා තබමිනි.

5 වැනි සහ 6 වැනි සඳහා හිමිකර ගන්නා කණ්ඩායම් දෙක තෝරාගැනීම සඳහා ක්‍රියාත්මක වූ අවසන් පූර්ව තරගයේ දී පිලිපීන කණ්ඩායම ලකුණු 12-10ක් ලෙස ඉතා තියුණු සටනක් ලබා දීමෙන් අනතුරුව පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් තරගයේ දී සිංගප්පූරු කණ්ඩායම හට පරාජයේ වේදනාව උරුම කර දුන්නේ 5 වැනි ස්ථානය නිසැකවම තම නමින් වෙන් කරවා ගනිමිනි.

පසුබෑමට හේතු සොයන ඕස්ට්‍රේලියානුවන්ගේ මීළඟ පියවර

අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත කණ්ඩායම හමුවේ ලද අමිහිරි …..

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම හට ආබාධයන්ට ගොදුරු වීම නිසාවෙන් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ වරම අවාසනාවන්ත ලෙස අහිමි වී ගිය අතර එම ලැයිස්තුව තවත් දිගුකරමින් තවත් දක්ෂ තරගකරුවන් දෙදෙනෙකු හට ද ඇතිව තිබෙන අසනීප තත්වයන් හමුවේ රෝහල්ගතව ප්‍රතිකාර සිදුව තිබේ.

අවසන් මහා තරගයේ දී හොංකොං කණ්ඩායම ලකුණු 33-00ක් ලෙසින් දණින් වැට්ටූ චීනය ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා ආසියානු කලාපය නියෝජනය කරමින් සහභාගී වන දෙවන රට බවට පත්වීමේ භාග්‍ය උදාකර ගත්තේය.

පිරිමි අංශයේ ඔලිම්පික් වරම් හිමිකරගන්නා කණ්ඩායම තෝරාපත් කරගැනීමේ තරගාවලිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් 1 වැනිදා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<