ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම 13 වන ස්ථානය දිනා ගනී

441

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 14 වන දිනය වූ ඊයේ (01) පිරිමි වොලිබෝල් 13 වැනි හා 14 වැනි ස්ථාන සඳහා වූ තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ 13 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඔවුන් හමුවේ වට 3-0ක් ලෙස පරාජය වූයේ වියට්නාම් කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව තරගාවලියේ පළමු වටයේ දී ද වියට්නාමය පරාජය කිරීමට සමත් විය. කරට කර තරගයක් තිබුණු පළමු වටය ලකුණු 25-21ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

නූලෙන් පදක්කමක් අහිමි වේ

ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 12 වන දිනයේ ඊයේ (30) නිමා විය

දෙවන වටය ඉතා උණුසුම් වූ අතර තරගය ආරම්භයේ දී ම ලකුණු 7-7ක් ලෙස කණ්ඩායම් දෙකම ලකුණු දඩයමේ නිරත වී සිටියේය. ශ්‍රී ලංකාව පසුපසින්ම හඹා ආ වියට්නාමය ලකුණු තත්වය 14-13ක් ලෙස ඉතා ආසන්නයට පැමිණි නමුත් 17-13ක්, 20-15ක් ලෙස ඉදිරියට ඇදුණු ශ්‍රී ලංකාව වටය ජය ගත්තේ ලකුණු 25-21ක් ලෙසයි.  

ජයග්‍රහණයට අවශ්‍යම වී තිබුණු මොහොතක වියට්නාම් ක්‍රීඩකයෝ ප්‍රබල තරගයකට අවතීර්ණ වූ අතර 5-5ක්, 15-15ක්, 17-17ක් ලෙස තරගය ඉදිරියට ඇදී ගියේය. කෙසේ වුවත් පීඩනය ඉතා හොඳින් දරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 20-17ක් ලෙස පෙරමුණට පැමිණි අතර ඔවුන් ඉක්මනින්ම වටය නිමා කළේ ලකුණු 25-20ක් ලෙසය.

දීප්ති රොමේෂ් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 25ක් රැස්කළ අතර ලසිඳු මෙත්මල් හා ජනිත සුරත් ලකුණු 14ක් හා ලකුණු 9ක් බැගින් රැස්කරන ලදි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<