ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම තායිලන්තයට

247
Sri Lanka U19 volleyball team

11 වන ආසියානු යොවුන් වොලිබෝල් ශූරතා තරගාවලිය මාර්තු මස 28 වැනිදා සිට අප්‍රේල් මස 5 වැනිදා දක්වා මියන්මාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා සහභාගී වීමට, නුවන් තාරකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අද (24) සවස දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.  

නැන්ජින් ලෝක ශූරතාවයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

එළඹෙන ජුනි මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වීමට නියමිත බීච් වොලිබෝල් ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම් සමත් විය.

මෙම තරගාවලිය සඳහා ආසියානු වොලිබෝල් සම්මේලනය යටතේ පවතින රටවල් 12ක් සහභාගී වීමට නියමිත අතර තරග‍ාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය මාර්තු 28 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය ජපානයට එරෙහිව මාර්තු 29 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකාව C කාණ්ඩයෙන් මෙම තරගාවලියට ඉදිරිපත් වන අතර උස්බෙකිස්තානය,  ජපානය සහ තායිලන්තය එම කාණ්ඩයේ අනෙකුත් රටවල් වේ. මියන්මාරය, ඕස්ට්‍රේලියාව සහ හොංකොං යන රටවල් ත්‍රිත්වය “A” කාණ්ඩයෙන් ද, “B’ කාණ්ඩය යටතේ ගියවර ශූරයින් වූ ඉරානය සමඟින් දකුණු කොරියාව සහ බංග්ලාදේශය ද තරගය කරයි. චීනය, තායිපේ සහ කසකස්තානය යන රටවල් “D” කාණ්ඩයෙන් තරග කරනු ඇත.

අවසන් වරට 2014 වස‍‍රේ දී පැවති තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 5 වන ස්ථානයයි. චමින්ද ලක්ෂ්මන් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ සහභාගී වන මෙවර කණ්ඩායමට, පළපුරුදු ක්‍රීඩකයින් වන නුවන් තාරක සහ සජිත් රොෂාන් ද ඇතුළත් කර ඇත.

වයස අවුරුදු 19න් පහළ පිරිමි වොලිබෝල් සංචිතය

  • නුවන් තාරක (නායක) – සාන්ත ජොසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව
  • දිනිඳු රුචින්ත (උපනායක) – දවිසමර මධ්‍ය විද්‍යාලය
  • මහේල ඉඳුවර බණ්ඩාර – සාන්ත ජොසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව
  • කේ. බී.එස්. ඩී. ජයරත්න – රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, රුවන්වැල්ල
  • චමෝද් මලීෂ සේනාධීර – සාන්ත ජොසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව
  • පසිඳු සදරුවන් – දවිසමර මධ්‍ය විද්‍යාලය
  • යොහාන් සනුක – දම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තණ්ඩිය
  • කවින් තිවන්ක සිල්වා – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මීගමුව
  • සචිත් රොෂාන් පෙරේරා – සාන්ත ජොසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
  • මලීෂ රවිෂාන් –  දම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තණ්ඩිය
  • යු. කේ . දිලංක මදුරංග – දම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය, නාත්තණ්ඩිය
  • සහය පුහුණුකරු – තාරක රත්නවීර
  • භෞත චිකිස්ක-  උපේන්ද්‍ර පෙරේරා
  • එච්. කේ. දමිඳු රසංජන පිරීස් – සාන්ත ජොසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට