ලෝක කුසලාන සංචිතයේ නායකත්වය රිච්මන්ඩ් ක්‍රීඩකයෙකුට

1759
Sri Lanka U19 squad

නවසිලන්තයේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකත්වයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්‌ව පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ දස්කම්වලින් ‘Social Media’ කැලඹෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ, නවදිල්ලි නුවර පැවති 3 වන..

ලබන වසරේ ජනවාරි මස 13 වන දා සිට පෙබරවාරි 3 වන දා දක්වා පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 13 වන වරටත්  සංවිධානය කරනු ලබයි. මෙවර තරගාවලිය සඳහා රටවල් 16ක් තරග කිරීමට නියමිතයි.

පසුගිය වසරේ සහභාගි වූ යොවුන් සංචිතයේ නායකත්වය දැරුවේ ද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේම ක්‍රීඩකයෙක් වූ චරිත් අසලංක විසිනි. ශ්‍රී ලංකා සංචිතයට සාන්ත ජෝසප් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියල් ද ඇතුළත්ව සිටින අතර ඔහු මෙම කණ්ඩායමේ උප නායකයා ද වේ.

මෙවර ශ්‍රී ලංකා සංචිතය තුල සිටින ක්‍රීඩකයින් අතුරෙන් මෙන්ඩිස් හා ඩැනිය‍ෙල් යන ක්‍රීඩකයින් දෙදෙනා 2016 වසරේ බංගලාදේශයේ පැවැත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද නියෝජන කරන ලදි. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් සිව්වැනි ස්ථානය දිනා ගත්තේය.

තවද  පසුගිය දා මැලේසියාවේ දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් 12 දෙනෙක් ද මෙම සංචිතයට ඇතුළත්ව සිටියි. මෙම තරගාවලියට ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 15 දෙනා සහ අතිරේක ක්‍රීඩකයින් කිහිප දෙනා රෝයි ඩයස් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ දී සිය පුහුණුවීම්වල නිරත වෙමින් සිටින අතර ශ්‍රී ලංකාව මූලික වටයේ දී D කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනු ඇත. තවද මෙම සෑම කාණ්ඩයකම කණ්ඩායම් 4ක් සිටියි.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කෝලිගේ සිහිනය බිඳ දමති

ඉන්දීය ක්‍රිකට් රණ පිටිය තම ජයග්‍රහණය වෙනුවෙන් සියලු සේනාවන් රැස්කර සිටිය ද…

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් මෙම සංචිතය නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නැත.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය

  1. කමිඳු මෙන්ඩිස් (නායක – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
  2. ජෙහාන් ඩැනියල් (උප නායක – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)
  3. හසිත බෝයගොඩ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
  4. තිසරු රශ්මික ඩිල්ශාන් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
  5. ක්‍රිශාන් සංජුල (කඳාන ද මැසනොඩ් විද්‍යාලය)
  6. කළණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය)
  7. ධනංජය ලක්ෂාන් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
  8. ප්‍රවීන් ජයවික්‍රම (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  9. නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  10. අශේන් බණ්ඩාර (ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය)
  11. හරීන් බුද්ධිල (ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය)
  12. නිශාන් මදුසංක පෙරේරා (මොරටු මහා විද්‍යාලය)
  13. නිපුන් මාලිංග (ගාල්ල මහින්ද විද්‍යාලය)
  14. නිපුන් ධනංජය (වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය)
  15. සන්තුෂ් ගුණතිලක (සාන්ත පීතර විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයින්

  • විශ්ව චතුරංග (මොරටුව වේල්ස් කුමර විද්‍යාලය)
  • අයන සිරිවර්ධන (ඉසිපතන විද්‍යාලය)
  • රවිඳු සංජන (ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය)
  • තිලිණ ප්‍රශාන් (මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය)
  • රන්ධීර් රණසිංහ (කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය)

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මූලික වටයේ සහභාගි වන තරග කාලසටහන

  • 2018 ජනවාරි 14 ශ්‍රී ලංකාව හා අයර්ලන්තය
  • 2018 ජනවාරි 17 ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය
  • 2018 ජනවාරි 19 ශ්‍රී ලංකාව හා පකිස්තානය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<