“ආරක්ෂාවට වඩා ක්‍රිකට් ගැන ලොකු අවධානයක් දෙනවා” – තිරිමාන්න

101

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (27) පාකිස්තානයේ කරච්චි නුවර දී ආරම්භ වෙනවා. එම තරගාවලියේ ආරම්භයට පෙර ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින නායක ලහිරු තිරිමාන්න හා පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් තරගාවලිය පිළිබඳව සිය අදහස් පළ කළා.

ලොවක් බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට පෙර

යං දෝ නොයං දෝ යැයි දෙගිඩියාවෙන් පසු වූ ශ්‍රී ලංකා ……

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 10කට පසුව එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි. 

1975 වසරේ සිට පැවත එන පාකිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 154ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග 58ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතුවෙද්දී පාකිස්තාන කණ්ඩායම තරග 90ක් ජයග්‍රහණය කර සිටී. එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වන විට තවත් තරග 5ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා.

මෙහේ ආරක්ෂක තත්වය ඉතාමත් හොඳයි, අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම අවශ්‍ය පහසුකම් තියෙනවා. අපි දැන් ආරක්ෂක තත්වය ගැන ප්‍රධාන ලෙස හිතන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන තමයි අපි ලොකුවටම අවධානය යොමු කරන්නේ. අපේ කණ්ඩායමේ ඉන්න ගොඩක් ක්‍රීඩකයින් වයස අවුරුදු 25ට අඩු අය. ඒගොල්ලෝ දේශීය මට්ටමේ ක්‍රිකට් තරග ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. මම හිතන්නේ මේක ඔවුන්ට ලැබුණු හොඳ අවස්ථාවක් කියලයි.” යැයි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ලහිරු තිරිමාන්න පවසන ලදි. 

පාකිස්තානු කණ්ඩායම ද ඔවුන්ගේ රටේ ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ එක්දින තරගාවලියක් ක්‍රීඩා කරන්නේ වසර 10කට පසුව වන අතර මේ ඉතිහාසගත තරගාවලිය සඳහා ඔවුන් සිය උපරිම ශක්තිය යොදවා තිබෙනවා.  

“අපි මේ දවස එනකන් ගොඩක් නොඉවසිල්ලෙන් හිටියේ, ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයින් ආවේ නැති වුනත් ඔවුන් අපේ රටට පැමිණීම සම්බන්ධව මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හා ක්‍රිකට් ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිට ඉතාමත් හොඳ තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් අපේ රටේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ ඉතාමත් හොඳ දක්වයි කියලා මම හිතනවා.” යැයි පාකිස්තානු කණ්ඩායම් නායක සෆ්රාස් අහමඩ් පැවසුවා.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කරච්චි පිටියේ මේ දක්වා එක්දින තරග 8ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ඉන් තරග 3ක් ජයගෙන තිබේ. සත්කාරක පාකිස්තානය තරග 5ක් ජයගෙන කරච්චි පිටියේ වාසිය දිනාගෙන ඉදිරියෙන් සිටියි.

සචිත් පතිරණට අලුත් වගකීමක්

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ……

යම් හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වනු ඇත.

තරගාවලිය පුරාවට ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකි අතර පිතිකරුවන්ගේ පිතිකරණ පාරාදීසයක් ලෙස මේ තණතීරුව හැසිරෙනු ඇත. එසේම තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 26-32 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – සැප්තැම්බර් 27 වැනිදා කරච්චි නුවර දී
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 29 වැනිදා කරච්චි නුවර දී
  • තෙවැනි එක්දින තරගය – ඔක්තෝබර් 2 වැනිදා කරච්චි නුවර දී
  • පළමු විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 5 වැනිදා ලාහෝර් නුවර දී
  • දෙවන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 7 වැනිදා ලාහෝර් නුවර දී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 9 වැනිදා ලාහෝර් නුවර දී

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි හා විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<