ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

350
Peter Woods

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ පුහුණුකරු තනතුරට, හිටපු නවසීලන්ත රග්බි ක්‍රීඩක පිටර් වුඩ්ස් තෝරා පත් කර තිබේ. ආසියානු රග්බි තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමත් සමඟ, හොන්ග් කොන්ග් හී අප්‍රේල් මස 7 වන දින සිට 9 වනදා දක්වා පැවැත්වෙන වර්ල්ඩ්ස් සෙවන් (World 7s) සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානමින් සිටියි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා රග්බි පිටියේ නිහඬ විරුවා – සුහිරු ඇන්තනීක

පෙර පුහුණුකරු වශයෙන් එංගලන්තයේ මැට් ටර්නර් කටයුතු කල අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තවත්  පියවරක් ඉදිරියට ගෙන ඒම සඳහා පිටර් වූඩ්ස් සමඟ සාකච්ඡාවෙන් පසු දිගු කාලින කොන්ත්‍රාත්තුවකට එළඹ ඇති බව වාර්තා වෙයි.

මැලේසියාවේ දී මාර්තු 17 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන BORNEO 7s තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වීමට ඉඩ ඇති අතර හොන්ග් කොන්ග් හී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට මෙය බොහෝ සෙයින් ඉවහල් වෙනු ඇත. සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සතියකට පසු Asia Rugby Division 1 තරගාවලිය මැලේසියාවේ දී අප්‍රේල් 16 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඩයලොග් රග්බි සෙවන්ස් තරගාවලියෙන් පසු 7s කණ්ඩායම සහ XV කණ්ඩායමේ මෙම තරඟ සඳහා සහභාගි කරවීම සුදුසුම කාලය වනු ඇත.

ශ්‍රී ලංකා රග්බි කමිටුවෙහි (SLR) ලේකම් නසීම් මොහොමඩ් මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැකිවිය.

“ආසියාවේ දෙවැන්නන් වෙමින් සාර්ථක ලෙස ගිය අවුරුද්දේ තරඟ සදහා අප මුහුණ දුන් අතර අප කනිෂ්ඨයින් වන 18න් පහල සහ 20න් පහල  කණ්ඩායම් ඉතිහාස පොත් අලුත් කරමින් තරගාවලියේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය. දැන් අපේ ඉලක්කය සෙවන්ස් වෙත, රග්බි දැන් ඔලිම්පික් ක්‍රීඩාවක්.”

මේ අතරතුර SLR ආයතනය විසින් ක්‍රීඩකයන් සමඟ කොන්ත්‍රාත්තු වලට එලබෙමින් වෘත්තීය වශයෙන් කටයුතු කරීමට දැඩි ලෙස කටයුතු කරයි.

පෙබරවාරි 26 වෙනිදා පැවැත්වෙන ක්ලිෆඩ් කුසලාන අවසාන තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු වීම් කටයුතු වල ආරම්භය නව පුහුණුකරු සමඟන් සිදු වනු ඇත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට