ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන දින පහේ සටනට අයර්ලන්තය සූදානමින්

91

ටෙස්ට් ක්‍රිකට් පිටියට තවමත් ආධුනිකයන් වන අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පළමු වරට දීර්ඝ තරග රටාවෙන් මුණ ගැසීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම හට උදා වී තිබේ.

තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස මෙරට දී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්  කරමින් පවතින අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම 2020 වර්ෂය ආරම්භ කරමින් තරග වඳින ප්‍රථම ටෙස්ට් තරග‍ය ලෙස ඔවුන්ගේ දිනපොතට ඇතුළත් වනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි වන පාකිස්තාන සංචිතයේ නායකත්වය කාටද?

මේ මස අවසානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කිරීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස සංග්‍රාමයන් ද්විත්වය සඳහා පාකිස්තාන….

ටෙස්ට් තරග අත්දැකීම වඩාත් තරගකාරී මුහුණුවරකින් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමේ පරමාර්ථයෙන් හඳුන්වා දුන් ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා මෙම තරගය හෝ එහි ප්‍රතිඵලය කිසිදු බලපෑමක් එල්ල නොකරන නමුත් ප්‍රබල කණ්ඩායම් කිහිපයකටම එරෙහිව එළඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත තරග සංචාරයන් සඳහා අවශ්‍ය ජයග්‍රාහී මානසිකත්වය සකසා ගැනීමට මෙම ටෙස්ට් තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් වනු ඇත.

තත්වය එසේ වූවත් සීමිත පන්දුවාර තරගය හිදී මෙම කණ්ඩායම් දෙක අවස්ථා කිහිපයක දී ම එකිනෙකා මුණගැසී තිබෙන අතර එම සෑම අවස්ථාවක දී ම ජයග්‍රාහී සටහනකින් සියලුම තරග නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබීම වඩාත් කැපී පෙනේ. 

2007- 2016 දක්වා කාලපරිච්ඡේදය තුල දෙරට අතර පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව  හතරක් වන අතර 2009 වසරේ දී දෙපිල අතර එක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටිය කේන්ද්‍රකර ගනිමින් පවත්වා ඇත.

ස්කොට්ලන්තයේ පුදුම හිතෙන ලෝක කුසලාන සංචිතය

2020 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග, එළඹෙන….

2017 වසරේ දී ටෙස්ට් වරම් හිමිකර ගන්නා අයර්ලන්ත කණ්ඩායම මේ දක්වා පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය යන කණ්ඩායම්වලට එරෙහිව තරග කොට තිබෙන නමුත් ඉන් එකදු තරගයක් හෝ ජය ගැනීමට ඔවුන් සමත් වී නැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<