දෙවැනි වටයේ නිල සංචිතය නම් කෙරේ

111

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිල ජාතික රග්බි සංචිතය නම් කර තිබෙනවා.

රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!

2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති ….

කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් නොමැතිව දනුෂ් දයාන්ට හිමිව ඇති අතර පළමු අදියරේ දී සංචිතයේ සිටි ක්‍රීඩකයින් තිදෙනෙකු වෙනුවට නව සාමාජිකයන් සිව්දෙනෙකු සංචිතයට ඇතුළත් කර තිබෙනවා. මෙම ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි වටය සැප්තැම්බර් මස 14 හා 15 යන දිනයන් හිදී චීනයේ හුයිශෝ නුවර දී පැවැත්වීමට නියමිතයි.

Video – ඉසිපතනයේ මනිල්ක දෙහි කෑවේ මෙහෙමයි!

ThePapare.com අපේ අලුත්ම විශේෂාංගය……

දකුණු කොරියාවේ දී පැවැත්වුණු වටයේ පලඟ ශූරතාවයේ අවසන් තරගයේ විශාල කාර්යභාරයක් ඉටු කළ ශ්‍රීනාත් සූරියබණ්ඩාර කලවයේ ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඔහු වෙනුවෙන් මහනුවර ක්‍රීඩා සමාජයේ තිළිණ බණ්ඩාර ක්‍රීඩා කරනු ඇති.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය: 

දනුෂ් දයාන් (මහනුවර), තිළිණ විජේසිංහ (මහනුවර), ජේසන් දිසානායක (මහනුවර), තිළිණ බණ්ඩාර (ගුවන් හමුදා), රීසා රෆයිඩීන් (CR&FC), දිනුක් අමරසිංහ (CR&FC), ජනිදු ඩිල්ෂාන් (CR&FC), අදීශ වීරතුංග (නාවික හමුදා), ගැමුණු චේතිය (CR&FC), ඉරෝෂන් සිල්වා (පොලිස් ක්‍රීඩා සමාජය), සුධාරක දික්කුඹුර (යුද හමුදා), කෙවින් ඩික්සන් (CR&FC), නවීන් හේනකන්කානමගේ (අතිරේක ක්‍රීඩක)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<