ගෙවුනු සතිය – සතියක ක්‍රීඩා පුවත්

342
Sri Lanka Sports news last day summary june 12

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ ඔබට මඟ හැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

ශ්‍රී ලංකා, එංගලන්ත තුන්වන ටෙස්ට් තරගය සිව්වැනි දිනය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ (12) එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී නිමාවිය. දිනය නිමා වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 33 ක් ලබාගැනීමට සමත් විය.

එංගලන්ත දෙවන ඉණිම – 233-7 (71) ඇලෙක්ස් හේල්ස් 94,ඇලෙස්ටයර් කුක් 49*,ජොනාතන් බෙයාර්ස්ටොවු 32 නුවන් ප්‍රදීප් 3/37 , ශමින්ද එරංග 3/58

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම (සිව්වන දිනය නිමාවන විට) – 33-0 (12) දිමුත් කරැණාරත්න 19 කෞෂාල් සිල්වා 12

සම්පූර්ණ ලිපිය: එංගලන්ත අභියෝගයට සාර්ථක ඇරඹුමක්

 පසුගිය සතියෙන් 

සෙනසුරාදා පැවැති පාසල් රග්බි සංග්‍රාමය

පසුගිය සෙනසුරාදා සිංගර් පාසල් රග්බි තරගාවලියේ තරග 4ක් පැවැත්විනි. ඒ

  • රාජකීය විද්‍යාලයට එදිරිව ඉසිපතන විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලයට එදිරිව විද්‍යා විද්‍යාලය
  • ශාන්ත අන්තෝනි විද්‍යාලයට එදිරිව ත්‍රිත්ව විද්‍යාලය
  • වෙස්ලි විද්‍යාලයට එදිරිව සාන්ත පීතර විද්‍යාලය

එයින් රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහනය සිය පාසලට රැගෙන යෑමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: ඉසිපතනය සහ ශාන්ත තෝමස් විද්‍යාල තවමත් අපරාජිතව පෙරමුනේ

එෆ්. ඒ. කුසලානය යුධ හමුදාවට

කාගිල්ස් ෆුඩ් සිටි සංවිධානය කරනු ලබන කාගිල්ස් එෆ්. ඒ. පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟය යුධ හමුදා කණ්ඩායම හා රිනවුන් කණ්ඩායම අතර කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී ඊයේ (11) සවස විදුලි ආලෝක මැද පැවැත්විණි. මෙම තරඟය ගෝල 3-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට යුධ හමුදා කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ ලිපිය: අවසන් කිරුල යුධ හමුදාවට

එක් දින තරගවලට තවත් කිහිප දෙනෙක්

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලද ටෙස්ට් පරාජයෙන් පසුව අයර්ලන්තය සමඟත් ඉන්පසුව නැවත එංගලන්තය සමඟත් එක් දින තරගාවලි කිහිපයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර අැති අතර ඒ් සඳහා සුළු වෙනස්කම් සහිත නව සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව විසින් පත් කර අැත.

සම්පූර්ණ ලිපිය: මහරූෆ්, තරංග, රන්දිව් නැවතත් එක්දින පිටියට

ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන්ට

වරාය ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන්, තේරීම් කම්ටුව විසින් ශ්‍රී ලංකාව ඉදිරියේදි, එංගලන්තය සමග පැවැත්වීමට අැති තරගාවලිය සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක ලෙස පත් කර අැත.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා A කණ්ඩයාමේ වගකීම ප්‍රියන්ජන්ට

සතියක නිමාව