ගෙවුනු දවස ජූලි 22 – BMSට පහසු හඹා යෑමක්

236

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

පුහුණු තරගය නිමා වෙයි

SLvIND

තරග 3කින් සමන්විත ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙරාතුව දෙරට අතර පැවති දෙදින පුහුණු තරගය ඊයේ (22) සංචාරක ඉන්දීය කණ්ඩායමේ වැඩි දක්ෂතා මැද නිමාවට පත්විය. එහි දී රතු පන්දුව හමුවේ ධනුෂ්ක ගුණතිලක සහ ලහිරු තිරිමාන්න පමණක් සාර්ථක වූ අතර පන්දුවෙන් යම් තරමක හෝ සාර්ථකත්වයක් දැක්වූයේ නවක වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සහ තරිඳු කෞෂාල් පමණි.

ශ්‍රී ලංකා සභාපතිගේ පිළ – සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 55.5): ධනුෂ්ක ගුණතිලක 74, ලහිරු තිරිමාන්න 59, සඳුන් වීරක්කොඩි 10, කුල්දීප් යාදෙව් 4/14, රවීන්ද්‍ර ජඩේජා 3/31.

ඉන්දියානු පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 312 (පන්දුවාර 68): කේ.එල්. රාහුල් 54, විරාත් කෝලි 53, ශිකර් ධවාන් 41, අජින්ක්‍යා රහානේ 40, රෝහිත් ශර්මා 38, විශ්ව ප්‍රනාන්දු 2/37, තරිඳු කෞෂාල් 2/81.

සම්පූර්ණ වාර්තාව: ඉන්දියාවට වැඩි ගෞරව ගෙනදෙමින් පුහුණු තරගය නිමාවෙයි


BMS ශූරතාවය රැගෙන යයි

BMS-Redbull-Campus-Cricket-Winners

සති කිහිපයක් පුරාවට ක්‍රියාත්මක වූ “Redbull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ” අවසන් මහා තරගය ඊයේ (22) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමාවට පත්විය. සේජිස් විශ්ව විද්‍යාලය පරාජයට පත්කරමින් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබාගත් BMS කණ්ඩායම මෙවර ශූරතාවයත් සියතට ගන්නට සමත් විය.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ BMS කණ්ඩායම් නායක දිනුක් වික්‍රමනායක පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

සේජිස් විශ්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී 100 (පන්දුවාර 17): අනූෂ පෙරේරා 20, නිපුන ගමගේ 19, චතුරංග කුමාර 17, ජනිත් ලියනගේ 3/07, වනිඳු හසරංග 2/10, ගෙශාන් විමළධර්ම 2/12.

BMS – එක් කඩුල්ලක් දැවී 105 (පන්දුවාර 10.4): ගෙශාන් විමලධර්ම 46, හශාන් දුමිඳු 29*, සධීර සමරවික්‍රම 17*, චරිත් ප්‍රනාන්දු 1/11.

සම්පූර්ණ වාර්තාව: යළිත් වරක් ශූරතාවය BMS කණ්ඩායමට

දිනයක අවසානය