ගෙවුනු දවස ජුලි 06 – ICC යෙන් කුසල්ට සාධාරණයක්

426
ThePapare Recap post

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

-ක්‍රිකට් –

ජාතික කණ්ඩායමට A කණ්ඩායමෙන් පාඩමක්

ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තානු A කණ්ඩායම අතර පසුගිය ජුලි 3 වනදා එංගලන්තය ලෙයිස්ටර් හිදී ආරම්භ වූ නිල නොවන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය ඊයේ (06) ක්‍රියාත්මක විය. මෙම තරඟය ශ්‍රී ලංකා A කණ්ඩායම අනාගත ජාතික කණ්ඩායමටද බලාපොරොත්තුවක් තබමින් ලකුණු 33 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

තරගයේ සම්පූර්ණ ලකුණු සටන,

ශ්‍රී ලංකා A පළමු ඉනිම – 299 – 10 (79.5) මහේල උඩවත්ත 64, රොෂේන් සිල්වා 48,හසන් අලි 4/63, මොහොමඩ් නවාස් 2/35

පාකිස්තාන A පළමු ඉනිම – 277 -10 (88) මොහොමඩ් නවාස් 68, බාබර් අසාම් 61, සර්ජීල් ඛාන් 42, උමාර් සිද්ධික් 39, අශාන් ප්‍රියන්ජන් – 2/25, අසිත ප්‍රනාන්දු 2/42, සචිත් පතිරණ 2/54, ලහිරු ගමගේ 2/68

ශ්‍රී ලංකා A දෙවන ඉනිම – 131 -10 (62.5) මිනෝද් භානුක 26, සචිත් පතිරණ 21, රොෂාන් සිල්වා 17, අසිසුල්ලා 4/21, මොහොමඩ් නවාස් 4/31

පාකිස්තාන A දෙවන ඉනිම – 120 -10 (46.5) ජාහිඩ් අලී 38, මොහොමඩ් හසන් 24, අසිත ප්‍රනාන්දු 5/33, සචිත් පතිරණ 3/27

කුසල්ට සාධාරණයක්

අසත්‍ය තහනම් උත්තේජක පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගනිමින් කුසල් ජනිත්ට පනවා තිබූ තරග තහනම වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය (ICC) එකග වී තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අනාවරණ කළේ පසුගියදා අවසන් වූ ජගත් ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමේදී මෙම තිරණයට එලඹි බවයි.

සම්පූර්ණ ලිපිය: කුසල් ජනිත්ට දුන් වැරදි වාර්තාවට කෝටි තුන හමාරක වන්දියක්

කාන්තා 20-20 දෙවැනි දිනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබු 20-20 කාන්තා තරගාවලිෙය් දෙවන දිනය වන අතර කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි සහ පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදි පැවැත්විය.

ලකුණු සාරාංශය –

යුධ හමුදා ක්‍රීඩා සමාජ A – 129/4 (20): නිපුනි හංසිකා 52*, රෙබෙකා වර්ඩොට් 24, ඉනෝකා රනවීර 2/38.

නාවික හමුදා ක්‍රීඩා සමාජ A – 116/9 (20): ප්‍රසාදිනි වීරක්කොඩි 32, ප්‍රියානි අධිකාරි 21, සුගන්ධිකා කුමාරි 3/27.

මාතර ක්‍රීඩා සමාජය – 99/8 (20): මල්ෂා ශෙහානි 34*, ශකිලා කුමාරි 3/20, චතුරාණි ගුණවර්ධන 2/15.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ B – 100/3 (14.3): දර්ශණි ධර්මසිරි 33, චතුරාණි ගුණවර්ධන 29, ශයනි දිලක්ෂිකා 2/23

යුධ හමුදා ක්‍රීඩා සමාජය B – 76/9 (20): ගයනි බණ්ඩාර 21, ඔ්ෂදි රණසිංහ 2/12, චමරි පොල්ගම්පොල 1/7

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ A – 77/0 (9.3): චමරි අතපත්තු 39, යසෝද මෙන්ඩිස් 35

නාවික හමුදා ක්‍රීඩා සමාජය B – 86/8 (20): දුෂන්ති දේදුනු 30, සදනි තිවංකා 3/8, පූජානි ලියනගේ 2/18

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 90/1 (13.2): ශමින් ශයිලා 37, හර්ශිතා සමරවික්‍රම 20*, එස්. ජයවර්ධන 1/12


-පාපන්දු-

ලයනල් මෙසි සිරගෙදට

බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය ලෝක ප්‍ර‍සිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසි හට මාස 21ක සිරදඩුවමක් ලබා දීමට එරට අධිකරණය විසින් අද (06) නියෝග කර ඇත. මෙලෙස සිරගත කිරීමට හේතුව ලෙස සදහන් වන්නේ නිසි ආකාරව බදු නොගීම හෙවත් බදු මුදල් වංචා කිරීමකි.

සම්පූර්ණ ලිපිය: මෙසි මාස 21කට ඇතුලට

දවසේ නිමාව