ගෙවුනු දවස අප්‍රේල් 24 – ගාල්ලේ සහ දඹුල්ලේ ක්‍රීඩකයෝ ජය ගනිති

779
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ධනංජයගෙන් 66*ක්

U19 Super Provincial

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන ශක්තිය සහ අධීක්ෂණය යටතේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින තරගාවලියේ තරග කිහිපයක්  ඊයේ (24) කොළඹ සහ ඒ ආශ්‍රිත ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

උතුරු මැද පළාත – සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 33.5): කවිඳු මදරසිංහ 50, අසංක කුලරත්න 20, සඳුන් මෙන්ඩිස් 3/32, අවිඳු තීක්ෂණ 3/19.

දකුණු පළාත – කඩුලු 3ක් දැවී ලකුණු 117 (පන්දුවාර 20): ධනංජය ලක්ෂාන් 66*.

වයඹ පළාත – කඩුලු 9ක් දැවී ලකුණු 285 (පන්දුවාර 50): නවෝද්‍ය ඉමේෂ් 68*, නිපුන් ධනංජය 64, කවීන් බණ්ඩාර 49, කවිඳු ඉරේෂ් 34, නිම්සර අතරගල්ල 3/31.

මධ්‍යම පළාත – සියල්ලන්ම දැවී ලකුණු 257 (පන්දුවාර 47.5): රවිශ්ක උපේන්ද්‍ර 61, නිම්සර අතරගල්ල 57*, නිපුන් ධනංජය 2/25, පුබුදු ගනේගම 2/36.

සම්පූර්ණ වාර්තාව: වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින තරගාවලිය ඇරඹේ


මැතිව්ස් යලිත් නායකත්වයට

ICC-SL-SQUADICC ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කරනු ලැබීය. වසර දෙකක නිහැඬියාවකින් පසු ලසිත් මාලිංග එක්දින සංචිතයට පැමිණ තිබීම ද විශේෂත්වකි.

සම්පූර්ණ සංචිතය: ශූරයන්ගේ කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය; මැතිව්ස් යළි පැමිණේ


ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් ජය ගනි

SLC Super Provincialඑළඹෙන ශූරයින්ගේ කුසලානය සඳහා සුපිරි සංචිතයක් නම් කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවැත්වූ තරග දෙකෙන් ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් දෙක ජයග්‍රහණ ලබා ගන්නා ලදී. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශූරයින්ගේ කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා ජාතික සංචිතය නිළ වශයෙන් ඊයේ (24) ප්‍රකාශයට පත් කළේය.

සම්පූර්ණ වාර්තාව: සාර්ථක තරග දෙකකින් පසුව ගාල්ලට හා දඹුල්ලට ජය


මලල ක්‍රීඩා –

ජොයිසන් වාර්තාව සම කරයි

unnamedශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලබන “2017 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා  ශූරතාවයේ” දෙවැනි දිනය සාර්ථකව අවසන් මේ වූයේ නව තරග වාර්තා කිහිපයක්ම බිහි කරමිනි. ඒ අතරින් අවුරුදු 20න් පහළ බාලක රිටි පැනීමේ ජාතික කනිෂ්ඨ තරග වාර්තාව සම කිරීම ඊයේ දිනයේ දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම විය. තරගාවලිය අප්‍රේල් මස 23 සිට 26 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සම්පූර්ණ වාර්තාව: රිටි පැනීමේ තමාගේම ජාතික කනිෂ්ඨ වාර්තාව ජෝයිසන් සම කරයි.

දිනයක අවසානය