ගෙවුනු දවස අප්‍රේල් 21 – ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වේ

471

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

  ක්‍රිකට්  

එක්දින තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට

Sri Lanka v Australia U19 cricket 4th ODIසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 5කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (21) සමත් විය. ඒ ඊයේ පැවති සිව්වැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 163 (පන්දු වාර 50): ජෙහාන් ඩැනියෙල් 36, ක්‍රිෂාන් ආරච්චිගේ 29, නිපුන් රංසික 28, තිසරු ඩිල්ශාන් 25*, විශ්ව චතුරංග 15, හරීන් බුද්ධිල 7*, සැක් එවන්ස් 4/30, ඉයන් කාලිසල් 2/18, මැතිව් ස්පෝස් 1/16.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 164 (පන්දු වාර 45.4): ඕස්ටින් වෝ 60, ජොනතන් මර්ලෝ 43*, මැතිව් ස්පෝස් 32, ජැක් එඩ්වඩ්ස් 15, නිපුන් රංසික 2/22, හරීන් බුද්ධිල 2/22, ජෙහාන් ඩැනියෙල් 1/28.

සම්පූර්ණ වාර්තාව: නොතිබූ ජයක් ගෙනෙන්නට උත්සාහ දැරූ පන්දු යවන්නන්ගේ වෑයම වරදී


  පාපන්දු  

ශූරතාවය Expo ලංකා සමාජයට

2017 Mercantile Footballවෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ “A” කාණ්ඩයේ අවසන් තරගය ඊයේ (21) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ගෝල 1 – 0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින් ශූරයින් බවට පත්වීමට Expo ලංකා ක්‍රීඩා සමාජය සමත්විය.

ප්‍රථම අර්ධය: Expo ලංකා කණ්ඩායම 00  – 00 LB ෆිනෑන්ස් කණ්ඩායම 

අවසන් ලකුණු තත්වය: Expo ලංකා කණ්ඩායම 01  –  00 LB ෆිනෑන්ස් කණ්ඩායම 

ගෝල ලාභීන්

  • Expo ලංකා කණ්ඩායම – එම්.ඊසෙඩ්. ජෝහාර් 65’

සම්පූර්ණ වාර්තාව: Expo ලංකා “A” කාණ්ඩයේ ශූරයින් වෙයි.


සිවිල් ආරක්ෂකයින්ට ගුවනින් ප්‍රහාරයක්

Air Force v Civil Securityසුපිරි තිස් දෙදෙනාගේ වටයේ තවත් උද්වේගකර තරගයක්, සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර ඊයේ (21) කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාවට පත්විය. නියමිත කාලය නිමා වන විට ගෝල 1-1ක් ලෙස අවසන් වූ තරගයේ ජය පරාජය තීරණය කිරීම සඳහා දඬුවම් පහර වටයක් ක්‍රියාත්මක කළ අතර, එය 4-3ක් ලෙස නිමාවට පත්වූයේ ගුවන් හමුදා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි වෙමිනි.

සම්පූර්ණ වාර්තාව: දඩුවම් පහර ගුවන් හමුදාවට ජය ගෙන එයි.

දිනයක අවසානය