සිංගප්පූරු ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට

394
Singapore to play Kandy

2017 වසර සඳහා වන ‘Dialog’ රග්බි ලීග් තරගාවලියට පෙර ගියවර එහි ශූරතාවය දිනාගත් මහනුවර ක්‍රීඩා සමාජය සමඟ තරග කිරීමට සිංගප්පූරු ජාතික රග්බි කණ්ඩායම මෙම මාසයේ අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙවර තරග වාරය ආරම්භ වීමට පෙර මහනුවර ක්‍රීඩා සමාජයට තරමක් කාර්යබහුල සමයක් ගත කිරීමට සිදු වූ අතර ඒ අනුව 2017 වසර සඳහා වන තරග වාරය ආරම්භ වීමට පෙර ඔවුන් සහභාගී වන අවසන් තරගය වන්නේ මෙම මස 21 වන දින නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම සිංගප්පූරු ජාතික කණ්ඩායම සමඟ තරගයයි.

ගයාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම පසුගිය මාසයේ දී ආසියානු බටහිර ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ මහනුවර දී අබුඩාබි හාලෙක්වින්ස් කණ්ඩායම සහ බහරේන් RFC කණ්ඩායම සමඟ තරග වැදුණු අතර ඒ අනුව සිංගප්පූරු ජාතික කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරගය නව තරග වාරය ආරම්භ වීමට ඔවුන් සහභාගී වන තුන්වන තරගය වේ.

කරට කර තරගයේ ජය පැරදුම සමව බෙදී යයි

බටහිර ආසියානු කුසලාන රග්බි තරගාවලියේ තවත් තරගයක් මහනුවර නිත්තවෙල…

ඊට පෙර ඔවුන් සහභාගී වූ තරග දෙකේ දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ අඩුව පිරවීම සඳහා ඔවුන් නවක ක්‍රීඩකයින් යොදා ගනිමින් අත්හදා බැලීම් සිදු කළ අතර එහි දී අබුඩාබි කණ්ඩායම සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීමත් බහරේන් කණ්ඩායමට ඉතා උණුසුම් තරගයක් ලබා දීමට ඔවුන් සමත් වීමත් තුළින් පැහැදිලි වන්නේ එම නවක ක්‍රීඩකයින් හට කණ්ඩායමට ඉහළ සේවයක් ලබාදිය හැකි බවයි.

බහරේන් සමාජය මහනුවර කණ්ඩායමේ ශූරතා බලාපොරොත්තු බිඳ දමයි

තියුණු සටනකින් පසු මහනුවර ක්‍රීඩා සමාජය සමඟ නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති රග්බි තරගය…

විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා වාර්තා වන අන්දමට ජාතික සත් සාමාජික කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ කටයුතු මෙම සති අන්තයේ දී (14 සහ 15) අවසන් වන නිසා සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය සඳහා මහනුවර ක්‍රීඩා සමාජයේ සම්පූර්ණ කණ්ඩායමම ක්‍රීඩා කරනු ඇත.

ඒ අනුව එම තරගය සඳහා සම්පූර්ණ කණ්ඩායමම ක්‍රීඩා කරනු ඇතැයි මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක ගයාන් වීරරත්න අපේක්‍ෂා කරනු නොඅනුමානය.

2017 වසර සඳහා වන ‘Dialog’ රග්බි ලීග් තරගාවලිය නොවැම්බර් මස 04 වන දින ආරම්භ වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<