ගෙවුණු දවස ජනවාරි 10 – ඕස්ට්‍රේලියා ඉනිමට රොහාන් හරස් වේ

153

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

සාන්ත ඇලෝසියස් ක්‍රීඩක මනුෂ්කගෙන් කඩුලු 5ක්

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (10) දිනයේ දී ද දිවයින පුරා පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුනා.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම: 128 (49.3) රශ්මික මෙවන් 63, හසිඳු නිෂංක 3/24, චරිත් රාජගුරු 2/13, පසන් හෙට්ටිආරච්චි 2/15, නදීර බාලසූරිය 2/36

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 143/7 (43) නදීර බාලසූරිය 66, අවිඳු හේරත් 26, සචින්ත චමිත් 3/15, රිෂිත සංකල්ප 2/31

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම: 75 (40.2) මනුෂ්ක සමිත් 5/16, කවිඳු දිල්හාර 3/21

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසනයේ): 169/3 (49) ගිම්හාන ආශිර්වාද 61*, ඔමල් සන්දිත් 36* , අර්ෂණ නදීෂ 29, ධනුක නිර්මාල් 2/43

සම්පූර්ණ වාර්තාව: ජෝසප් වාස් විද්‍යාලයේ ඉනිම ගොඩනැගුමට මනුෂ්ක හරස් වෙයි

යොවුන් ටෙස්ට් සටනේ දෙවැනි දිනය අදයි

ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගය ඊයේ (10) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ විය.

එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක රොහාන් සංජය පළමු දිනයේ දී ම ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අන්දමන්ද කරනු ලැබුවේ ලකුණු 94කට කඩුලු 5ක් දවා ගනිමිනි. රොහාන්ගේ එම සුපිරි පන්දු නිසාම කඩුලු 9ක් දැවී ලකුණු 269ක් ලබා සිටිය දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමෙන් පසු සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.

ඕස්ට්‍රේලියා යොවුන්  කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 269 (83.2) කොරේ හන්ටර්  71, බැක්ස්ටර් හෝල්ට්  60, ජැරොඩ් ෆ්රීමන් 36 , රොහාන් සංජය 5/94, රුවින් පීරිස් 2/40

 

ශ්‍රී ලංකා යොවුන්  කණ්ඩායම; පළමු ඉනිම කිසිවෙකු නොදැවී 20 (5) කමිල් මිෂාර 15 (නොදැවී)

සම්පූර්ණ වාර්තාව: රොහාන් සංජය තරගය කණපිට හරවයි

දිනයක අවසානය