කමිල් මිෂාර ජයග්‍රාහීව දෙවැනි ශතකයට

118

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති තරගයක දී කොළඹ රාජකීය විද්‍යාලයේ කමිල් මිෂාර ශතකයක් ලබා ගැනීමට සමත් විය.

කෘෘස්පුල්ලේ – අවිශ්ක පළමු දිනයේම ශතක අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ නැගී එන…

කොළඹ ඉසිපතන සහ කොළඹ රාජකීය විද්‍යාල (Group A)

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී අද (13) ආරම්භ වූ මෙම තරගයේ දී රාජකීය විද්‍යාලයේ වමත් ආරම්භක පිතිකරු ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 92ක් පමණි. එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 23කට දවා ගැනීමට දකුණතින් පිට දඟපන්දු යවන ප්‍රශාන් සිල්වා සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 157ක් ලබා සිටියේය. එම ඉනිම වෙනුවෙන් කමිල් මිෂාර පන්දු 155කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා සිටියේය. ඔහු මීට පෙර මෙම තරග වාරයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ද ශතකයක් රැස් කර ගත්තේය.

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (41.2) ප්‍රශාන් සිල්වා 6/23, ගිශාන් බාලසූරිය 2/29, කවිඳු පතිරත්න 2/18

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 157 (51) කමිල් මිෂාර නොදැවී 102, සදීශ රාජපක්ෂ 23, යසිරු කස්තුරිආරච්චි 2/35

තරගය හෙට (14) දිනටත් පැවැත්වීමට නියමිතය.


කොළඹ සාන්ත ජෝසප් සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාල (Group I)

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත ඇලෝසියස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් ලබා ගත්තේ ලකුණු 88ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී දකුණතින් වේගපන්දු යවන ලක්ෂාන් ගමගේ ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයීය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා සිටියේය. එම ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු 67කට සහභාගී වෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියේය. ඊට අමතරව ජොහැන් ද සිල්වා පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51ක් ලබා ගත්තේය.

තරගය හෙට (14) දිනටත් පැවැත්වීමට නියමිතය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 88 (41.3) චානුක නිකේශන නොදැවී 27, ඔමල් සංජිත් 19, මිතුන් නිශාක 19, ලක්ෂාන් ගමගේ 4/22, දුනිත් වෙල්ලාලගේ 2/16, ජොහැන් ද සිල්වා 2/17

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 164 (44) දුනිත් වෙල්ලාලගේ නොදැවී 102, ජොහැන් ද සිල්වා 51, දිනෙත් ජයකොඩි 24, චාමික සඳරුවන් 2/19

පාකිස්තානයට යන ශ්‍රී ලංකා අපේක්ෂිත ටෙස්ට් සංචිතය

එළඹෙන මස 11 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත…


ගාල්ල මහින්ද සහ කොළඹ ආනන්ද විද්‍යාල

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද ආරම්භ වූ සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ආනන්ද ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 144ක් පමණි.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සත්කාරක මහින්ද ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට පළමු දිනය අවසන් වන විට ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 59ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට  සීමා කිරීමේ දී තිසුර අයේෂ් ලකුණු 07කට කඩුලු 3ක් දවා ගත්තේය.

තරගය හෙට (14) දිනටත් පැවැත්වීමට නියමිතය.

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 144 (50) සොනාර කරුණාතුංග 32, ජනිඳු ජයවර්ධන 29, කළණ විජේසිරි 21, කුසල් මධුශාන් 3/26, සුබානු රාජපක්ෂ 2/27, තීක්ෂණ සංජීව 2/39

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 59 (42) ශාක්‍ය සම්පත් 27, තිසුර අයේෂ් 2/07, දසුන් තාරක 2/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<