නිපුණ ලුම්බිණි ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

402

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ අද (20) නිමා වූ තරගයක දී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුණ ද සිල්වා දක්ෂ පන්දු යැවීමක නිරත විය. 

මේ අතර පැවති තවත් තරගයක දී ත්‍රිත්ව විද්‍යාලයේ අභිශේක් ආනන්දකුමාර සහ උමෙයිර් රයිශාන් ශතක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වීම කැපී පෙණුනි. 

ඊබට් සහ නිම්නක කන්ද උඩරටට වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ දෙවැනි වටයේ…

ලුම්බිණි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (Group V)

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ලුම්බිණි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි අතර ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 83ක් පමණි. එම ඉනිම විනාශ කිරීමේ දී දකුණතින් පා දඟපන්දු යැවූ නිපු ද සිල්වා පන්දුවාර 8.4ක් යවමින් නිලකුණු පන්දුවාර 2ක් ද සමඟින් ලකුණු 20කට කඩුලු 7ක් දවා ගත්තේය.  

Photo album: Photos : Lumbini College vs St. Joseph Vaz College – U17 Cricket Tournament 2019 | 2nd Round

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කළහ. එම ඉනිම වෙනුවෙන් පසිඳු දසනායක ලකුණු 28ක් ලබා ගනිද්දී තෂික නිර්මාල් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තේය. 

ලුම්බිණි විද්‍යාලය; සියලුම දෙනා දැවී 83 (33.4) චේතන ප්‍රනාන්දු 23, නිපුන ද සිල්වා 7/20

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; කඩුලු 7ක් දැවී 84 (16.3) පසිඳු දසනායක 28, තෂික නිර්මාල් 3/40, සසංක නෙත්මිණ 2/09

දිල්රුවන්ට තේරීම් කමිටුවෙන් ටෙස්ට් සංචිතයට ආරාධනාවක්

දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මේ මස 22 වැනිදා කොළඹ පී. සරා ඕවල්…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය (Group V)

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පැරබෝලා ක්‍රමය යටතේ ලකුණු 42ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාල සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 184ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් අභිශේක් ආනන්දකුමාර සහ උමෙයිර් රයිශාන් අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි. 

අභිශේක් පන්දු 88ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත් අතර උමෙයිර් රයිෂාන් පන්දු 95කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක් ලබා ගත් අතර එය ත්‍රිත්ව ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයේ සුබ සලකුණ ද විණි.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ සදිශාන් චමෝද්‍ය ලකුණු 47කට කඩුලු 4ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක මහානාම ක්‍රීඩකයන්ගේ ඉනිමේ 38 වැනි පන්දු වාරයේ දී ඇද වැටුණ වර්ෂාව තරගයේ නිමාව පමා කළේය. ඒ වෙද්දී ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 121ක් ලබා සිටිය හ. වර්ෂාව හේතුවෙන් තරගයේ පන්දුවාර 4ක් අඩු කෙරුණ අතර මහානාම විද්‍යාලයට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 46ක දී ලකුණු 179ක ඉලක්කයක් ලැබුණි. 

නමුත් ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණි. එම ඉනිම වමත් පිතිකරු විනුක රූබසිංහ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් පරාජිත පිලේ හොඳම පිතිකරු විය. 

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ සෙනුක ඉලුක්කුඹුර ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත්තේය. 

ත්‍රිත්ව විද්‍යාලය; සියලුම දෙනා දැවී 184 (48.2) අභිශේක් ආනන්දකුමාර 55, උමෙයිර් රයිෂාන් 63, තෙවින් අමරසිංහ 23, සදීශාන් චමෝද්‍ය 4/47, චමත් චමුපති 2/45

මහානාම විද්‍යාලය; සියලුම දෙනා දැවී 137 (42.2) විනුක රූබසිංහ නොදැවී 50, සචිර වැලිවත්ත 29, පුල්ශාන් රෝහණ 26, සෙනුක ඉලුක්කුඹුර 4/21, අභිශේක් ආනන්දකුමාර 2/31

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<