දේවපතිරාජයේ පවන්ගෙන් දැවැන්ත ඉනිමක්

516
Pawan Sandesh

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති තරගවල දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ පවන් සංදේශ් දැවැන්ත ඉනිමක් ගොඩ නගමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.

මහින්ද පළමු තරගය ලෙහෙසියෙන්ම දිනයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට්

මීට අමතර ව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රනුග සෝමරත්න ද මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව නොදැවී ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. පන්දු යැවීමේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ අනුශ්ක ශෙහාන් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා වූයේ ය.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර තරගය (Group H)

රත්ගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 254ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට දේවපතිරාජ විද්‍යාලය සමත් විය. කාසියේ වාසිය දිනා ගත් රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දේවපතිරාජයන් සතු කළ අතර ඔවුන් ඒ අවසරයෙන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් දකුණත් පිතිකරු පවන් සංදේශ් පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 152ක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රතිවාදී රාහුල ඉනිම ලකුණු 51කට සීමා කිරීමේ දී දකුණතින් වේගපන්දු යැවූ අනුශ්ක ශෙහාන් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

දේවපතිරාජ විද්‍යාලය; කඩුලු 5ක් දැවී 305 (50) පවන් සංදේශ් නොදැවී 152, ජීවක සචින් 48, නිතින් චමුද 28, ඔවින් 2/58

රාහුල විද්‍යාලය; සියලුම දෙනා දැවී 51 (19.2) අනුශ්ක ශෙහාන් 5/18, ජීවක සචින් 2/03

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධකය පිත්ත ද, එසේත් නැතිනම් පන්දුව ද යන්න පිළිබඳ තරගාවලිය


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය (Group L)

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 63ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි නායකයාගේ ආරාධනාව අනුව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 287ක් ලබා ගත්තේ ය. පිළිතුරු ලෙසින් සාන්ත අන්තෝනි විද්‍යාලයට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 224ක් පමණි.

ත්‍රිත්ව විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් දකුණතින් මැද පෙළින් පන්දුවට පහර දුන් රනුග සෝමරත්න පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහුට අමතරව පවන් පතිරාජ පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ දී ගිහාන් ඊබට් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

ත්‍රිත්ව විද්‍යාලය; කඩුලු 7ක් දැවී 287 (50) රනුග සෝමරත්න නොදැවී 102, පවන් පතිරාජ 44, අභිෂේක් ආනන්දකුමාර් 39, උමයිර් රයිසාන් 36, මොහොමඩ් අක්‍රම් 22, දිව්යේශ් රාමයියා 2/62

සාන්ත අන්තෝනි විද්‍යාලය; කඩුලු 8ක් දැවී 224 (50) ගිහාන් ඊබට් නොදැවී 55, චමිඳු වික්‍රමසිංහ 36, කවිඳු බණ්ඩාර 25, චන්දිමාල් හේරත් 26, නිම්නක ජයතිලක නොදැවී 26, අභිෂේක් ආනන්දකුමාර් 2/32, තීරක රණතුංග 2/38, උමයිර් රයිසාන් 2/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<