මහින්ද පළමු තරගය ලෙහෙසියෙන්ම දිනයි

148
Mahinda v Sri Devananda

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවති තරගයේ දී ලකුණු 123ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලය අද (10) සමත් විය.

යුවරාජ් සිංගේ රසිකයින්ට කණගාටුදායක පුවතක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගය අයහපත් කාලගුණය මධ්‍යයේ පන්දුවාර 26කට සීමා විය. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 191ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ශාක්‍ය සම්පත් අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. එම ඉනිමේ දී ශ්‍රී දේවානන්දය වෙනුවෙන් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගැනීමට ලසිඳු ලක්ෂාන් සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 68ක් පමණි. ඔවුන්ගේ ඉනිම 18 වැනි පන්දුවාරයේ දී අවසන් කිරීමට සංචාරක පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අතුරින් වඩාත් කැපී පෙණෙන පන්දු යවන්නා වූයේ කුශාන් මධූෂ ය. ඔහු ලකුණු 04කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව නවෝද් පරණවිතාන ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

මහින්ද විද්‍යාලය; කඩුලු 9ක් දැවී 191 (26) ශාක්‍ය සම්පත් 62, කෝසල උදයංග 33, සංදේව් ඉඳුවර 21, ලසිඳු ලක්ෂාන් 4/40, විහඟ මධුභාෂණ 2/08

ශ්‍රී දේවානන්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 68 (17.5) සසිඳු නිමේෂ් 21, කවීෂ කල්පන 20, කුශාන් මධූෂ 4/04, නවෝද් පරණවිතාන 3/16, සචින් තිලකරත්න 2/15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<