සාන්තුවරයෝ ශූරතාව සම සේ බෙදා ගනී

110

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර ඊයේ (22) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවති අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අවසන් මහා තරගය විසඳුමක් නොමැතිව නිමා වූ අතර ඔවුන් සම ශූරයන් ලෙසින් නම් කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය කටයුතු කළේය. 

වෙන්නප්පුවත් කටුගස්තොටත් හමුවෙන අවසන් සටන

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ……………..

සිංගර් කුසලානය වෙනුවෙන් පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය තම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 166ක් ලබා ගනිමින් ඉනිම අත් හිටවූ අතර ඊට පිළිතුරු ලෙසින් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට තම පළමු ඉනිම සඳහා තරගය නතර කරන විට ලබා ගත හැකි වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 35ක් පමණි. සම්පූර්ණ තරගය සඳහා ක්‍රියාත්මක වූයේ පන්දුවාර 73ක් පමණි. 

මෙම තරගයට වර්ෂාව බාධා කිරීමත්  ඒ හේතුවෙන් ක්‍රීඩාංගණයේ පැවති තෙත් තත්ත්වයත් හේතුවෙන් ආරම්භය ද පැයක පමණ කාලයකට ප්‍රමාද විය. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය නායක මෙනුෂ පෙරේරා පළමු වෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායක ලහිරු අබේසිංහට ආරාධනා කළේය. ඒ අනුව සාන්ත අන්තෝනු ඉනිම ආරම්භ කළේ ඉඳුවර ගලපිටගේ සහ මොහොමඩ් අකීල් ය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 25ක සබඳතාවක් එක් කරද්දී ඉඳුවර ලකුණු 11කට දැවී ගියේය. 

අනතුරුව පිටියට පිවිසියේ තිසර ඒකනායක ය. මන්දගාමී ඉනිමක නිරත වූ තිසර දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ පන්දු 40කට මුහුණ දෙමින් ලකුණක් පමණක් ලබා සිටිය දී ය. එසේ වූවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක සබඳතාවක් එක් කිරීමට අකීල්ට සහ තිසරට හැකි විය. 

Photos: St. Joseph Vaz College vs St. Anthony’s College, Kandy | U15 Division I Tournament 2019 – Final

තෙවැනි කඩුල්ල වෙනුවෙන් මොහොමඩ් අකීල්ට එවර එක් වූයේ වමත් පිතිකරු නායක ලහිරු අබේසිංහ ය. ඔවුන් දෙදෙනා එක් ව ප්‍රතිවාදී පන්දු යවන්නෝ වෙහෙසට පත් කරමින් තරගය දිවා විවේකය තෙක් ඇදගෙන ගියහ. ඒ වෙද්දී සාන්ත අන්තෝනි ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2ක් දැවී ලකුණු 84ක් ලෙසිනි. 

දිවා විවේකයෙන් පසුව ලකුණු පුවරුවට තවත් ලකුණු 6ක් පමණක් එක් වෙද්දී එතෙක් සාර්ථකව ප්‍රතිවාදී පන්දු යවන්නෝ මෙල්ල කළ තිසර ඒකනායක දැවී ගියේය. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේය. අකීල් සහ ලහිරු අතර තෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 41කි.

මොහොමඩ් අකීල් පන්දු  පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටිය දී ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. අනතුරුව පසිඳු ජයවංශ ලකුණු 9ක් ලබා සිටිය දී ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් ඉනිම හැර ගියේය.

සාන්ත අන්තෝනුවෝ පන්දුවාර 45ක් අවසානයේ ඉනිම අත්හිටුවීමට තීරණය කරද්දී අංජුල බණ්ඩාර නොදැවී ලකුණු 17ක් ලබා ගනිමින් ද රයන් ඇන්තනී නොදැවී ලකුණු 11ක් ලබා ගනිමින් ද පිටියේ රැඳී සිටිය හ.

එංගලන්ත සුපිරි තරුවකට ටෙස්ට් පිටියෙන් තාවකාලික නිවාඩුවක්

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ටෙස්ට් තරගවලින් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්තය………..

පන්දු යැවීමේ දී සෙත් රන්සිත ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තේය. එය ඉනිමේ හොඳම පන්දු යැවීම විය. ඊට අමතරව නායක මෙනූෂ පෙරේරා ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තේය. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ සඳරු නවෝද්‍ය සහ කවිත් ෂෙහාර ය. ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නුවර ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැත. ඉනිමේ 8 වැනි පන්දු වාරයේ දී කවිත් ෂෙහාර (5) දවා ගැනීමට ඉඳුවර ගලපිටගේ සමත් විය. ඒ වෙද්දී සාන්ත ජෝසප් වාස් ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 8ක් ලෙසින් සටහන් වෙද්දී තරගය තේ පානය වෙනුවෙන් නතර විය.

අනතුරුව පිටියට එක් වූයේ අවිශ්ක පෙරේරා ය. තේ විවේකයෙන් පසුව යැවුණ දෙවැනි පන්දුවේ දී අනෙක් ආරම්භක පිතිකරු සඳරු නවෝද්‍ය (1) දවා ගැනීම පසිඳු ජයවංශ සමත් විය. ඒ වෙද්දී සාන්ත ජෝසප් වාස් ඉනිමට එක් වී තිබුණේ තවත් එක් ලකුණක් පමණි.

නවක පිතිකරු වූයේ නෙත්මාල් ද සොයිසා ය. වමතින් පිත්ත හැසිර වූ ඔහුට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැත. ලකුණු පුවරුව නපුරු 9 රැඳී සිටිය දී නෙත්මාල් (1) දැවී ගියේ නැවත ඉඳුවර ගලපිටගේගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙනි.

Dialog ඇගයූ රන්දෙණි වීරයෝ

Dialog 4G – The Sunday Times Schoolboy Cricketer 2019 සම්මාන උළෙල පසුගිය දා නිමා වූයේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට…………

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක පෙරේරා සහ නායක මෙතූෂ පෙරේරා පිටියේ ස්ථාවර වෙමින් සාන්ත අන්තෝනුවන්ගේ පීඩනය තරමක් දුරකට ලිහිල් කළහ. එහෙත් වැහි බර කාලගුණයත් සමගින් තර්ස්ටන් පිටියට අඳුර ගලා එන්නට වීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් අවස්ථා කිහිපයක්ම කළ නිරීක්ෂණයෙන්  පසුව තරගය නතර කරන ලදි. 

ඒ වෙද්දී සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 35ක් ලබා සිටි අතර අවිශ්ක පෙරේරා පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවි ලකුණු 16ක් ද, මතීෂ පෙරේරා පන්දු 59කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද ලබා සිටිය හ. 

පන්දු යැවීමේ දී ඉඳුවර ගලපිටගේ ලකුණු 10කට කඩුලු 2ක් ද, සහ පසිඳු ජයවංශ එක් ලකුණුකට කඩුල්ලක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූහ. 

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 166 (45) මොහොමඩ් අකීල් 40, ලහිරු අබේසිංහ 63, අංජුල බණ්ඩාර නොදැවී 17, සෙත් රන්සිත 3/33, මෙනූෂ පෙරේරා 2/19

සාන්ත ජෝසප් වාසි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 35 (28) අවිශ්ක පෙරේරා නොදැවී 16, ඉඳුවර ගලපිටගේ  2/10

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<