වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හමුවේ ඉසිපතන විද්‍යාලය කඩුලු 6ක පරාජයක් ලබාගත් අද (3) දිනය තුල පාසල් ක්‍රිකට් පිටියේ 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරග කිහිපයක්ම පැවැත්විය. ඊට අමතරව අද අවසන්වූ අනෙක් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකි විය.

සාන්ත ජෝසප් හා සාන්ත සෙබස්තියන් කරට කර සටනක

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ 2018 නව වර්ෂය ආරම්භ වූවාට පසුව පැවති පළමු තරග දෙක අද (2) දිනය තුල ක්‍රියාත්මක විය……….

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 224ක් පසුපසින් සිටින ලදි.

දිලේෂ් පෙරේරා හා පසුපෙළ පිතිකරු දුනිත් වෙල්ලාලගේ පිළිවෙළින් ලකුණු 87ක් හා 85ක් ලබාගෙන සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට අවශ්‍ය මූලික පදනම සකස් කළේය. නිපුන් සුමනසිංහ ද අද දිනය තුල අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම ලකුණු 416කට සීමා විය. පන්දු යැවීමේ දී දකුණතින් පා දඟපන්දු යවන තරුෂ ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 82ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට අවතීර්ණ වූ සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වූ නිෂිත අභිලාෂ් ලකුණු 37ක් ලබා ගන්නා විට මලින්ත පීරිස් නොදැවී ලකුණු 34*ක් ලබා ගන්න ලදි. දුනිත් කඩුලු 2යි. තරගය ජය පරාජයෙන් තොරව නිමා වුවත් මෙහි පළමු ඉනිම ජය ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 334/7d (72.3): නිෂිත අභිලාෂ් 129, ශනෙල් ප්‍රනාන්දු  87, ටශික පෙරේරා 51, ගිහාන් සේනානායක 33*, අශේන් ඩැනියල්  4/76.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 416/10 (101.1): දිලේෂ් පෙරේරා 87, දුනිත් වෙල්ලාලගේ 85, ජොහාන් ද සිල්වා 63, නිපුන් සුමනසිංහ 50, ශෙවෝන් රාසුල් 48, තරුෂ ප්‍රනාන්දු 5/94.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉනිම –  121/5 (27): නිෂිත අභිලාෂ් 37, මලින්ත පිරිස් 34*, තරුෂ ප්‍රනාන්දු 21, දුනිත් වෙල්ලාලගේ 2/36.


කොළඹ ඉසිපතන විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස වත්තල සාන්ත අන්තෝනි විදුහල් පිටියේ පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට ඉසිපතන විද්‍යාලය සාන්ත අන්තෝනි පළමු ඉනිමට වඩා ලකුණු 67ක් ඉදිරියෙන් සිටින ලදි.

අද උදෑසනම ක්‍රියාත්මක වූ අශේන් මලිත් හා සනිල් නිදුෂ ඉසිපතන දෙවන ඉනිමේ අවසන් කඩුලු 3 ලකුණු 50ක් තුල දවා ගැනීමට සමත් වූයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 130කට සීමා කරමිනි. අනුපම හේරත් ලකුණු 36යි.

ලකුණු 118ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් හරින්ද චතුරංග හා අවිශ්ක තරිඳු පිළිවෙළින් ලකුණු 27ක් හා නොදැවී ලකුණු 26*ක් ලබාගෙන සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 6ක ජයක් ලබා ගැනීමට දායක විය.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – 86/10 (31): සනිල් විදුෂ 4/34, අවිශ්ක තරිඳු 4/41.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 99/10 (30.4): යසිඳු ජයවීර 23, දිනත් දිසානායක 6/31

ඉසිපතන විද්‍යාලය දෙවන ඉනිම – 130/10 (50.2): අනුපම හේරත් 36, එශාන් ප්‍රනාන්දු 23, සංජුල අබේසිංහ 23, අශේන් මලිත් 3/38, සනිල් නිදුෂ 3/60.

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉනිම –  120/4 (30): හරින්ද චතුරංග 27, අවිශ්ක තරිඳු  26*.

ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චන්දනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේ දී මේ මස 8 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන


ගාල්ල සාන්ත ඇලෝසියස්  විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස මොරටු මහා විදුහල් පිටියේ පැවැත්වූ මෙම තරගය අද පළමු දිනය සඳහා ක්‍රියාත්මක විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස්  විද්‍යාල නායක රවිඳු සංජන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි පිතිකරුවන් හට සවිමත් සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි විය.

පළමු කඩුල්ල සඳහා පිටියේ එක්වූ නිලුක්ෂ දුල්මිණ හා නායක සංජන ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් යම් මට්ටමකට සිය විද්‍යාලයේ ලකුණු පුවරුව ඔසවා තබන ලදි. හෂාන් සංදීපගේ  පන්දුවක් හමුවේ දුල්මිණ ලකුණු 24කට දැවී ගිය පසුව සාන්ත ඇලෝසියස් පළමු ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

නමුත් එක් අන්තයක් රැකගෙන නායකත්වයේ වගකීම මනාව ඉටු කළ දකුණතින් පිත්ත හසුරුවන සංජන ලකුණු 92ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. අවසානයේ සාන්ත ඇලෝසියස් පළමු ඉනිම ලකුණු 139කට සීමා විය. ලහිරු කාවින්ද හා සංදීප අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

සංජනගේ දක්ෂ පන්දු යැවීම නිසා මහානාම පළමු ඉනිම එතරම් සාර්ථක කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. එහි දී යම් මට්ටමකට හෝ ලකුණු අතරට පැමිණීමට පැතුම් බොතේජු හා විනුක රූපසිංහ සමත් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 27ක් තුල කඩුලු 5ක් දවා ගැනීමට සංජන සමත් විය. අනතුරුව පළමු ඉනිමේ වාසිය ලබාගත් සාන්ත ඇලෝසියස්  විද්‍යාලය සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ අතර පළමු දිනය අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 4ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.

සාන්ත ඇලෝසියස්  විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 139 (45.1): රවිඳු සංජන 92, නිලුක්ෂ දුල්මිණ 24, ලහිරු කාවින්ද 3/33, හෂාන් සංදීප 3/38.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – 107/10 (42.3): පැතුම් බොතේජු 31, විනුක රූපසිංහ 25, රවිඳු සංජන 5/27, දිනුක ලක්මාල් 3/21.

සාන්ත ඇලෝසියස්  විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කිසිවෙක් නොදැවී ලකුණු 4 (2):

වසරේ පළමු ශතකය සචිත්‍ර සේරසිංහගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ පෙළහැර පාන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් …….


ගාල්ල මහින්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක මලියදේව විද්‍යාලය සිය ප්‍රතිවාදීන්ට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කරන ලදි. මෙම තරගයේ පළමු දිනය අවසානයේම පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලයට හැකි විය.

D කාණ්ඩයේ තරගයක් වූ මෙහි මහින්ද විද්‍යාලය වෙනුවෙන් ලකුණු 71ක් ලබා ගැනීමට නවෝද් පරණවිතාන සමත් වූයේ එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. ඔහුට සහය වූ කේ. කේ. කෙවින් හා විනුර දුල්සර පිළිවෙළින් ලකුණු 43ක් හා 41ක් ලබා ගත්තේ මහින්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 235ක් දක්වා රැගෙන යමිනි. දුලාජ් රණතුංග කඩුලු 4යි.

සුපුන් සුමනරත්න හා මුදිත ප්‍රේමදාස යම් ප්‍රශංසනීය පිතිකරණයක නිරත වෙමින් පිළිවෙළින් ලකුණු 53ක් හා 37ක් ලබා ගත්ත ද, අනෙකුත් පිතිකරුවන් හට සිය වගකීම නිසියාකාරව ඉටු කිරීමට නොහැකි විය. මහින්ද විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් නවෝද් ලකුණු 31ක් තුල කඩුලු 5ක් දවා ගනිමින් සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය. තරගයේ පළමු දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කරන මහින්ද විද්‍යාලය මලියදේව විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 112ක් පෙරමුණේ පසුවෙයි.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 235/10 (49.2): නවෝද් පරණවිතාන 71, කේ. කේ. කෙවින් 43, විනුර දුල්සර 41, දුලාජ් රණතුංග 4/78.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 131/10 (44.3): සුපුන් සුමනරත්න 53, මුදිත ප්‍රේමදාස 37, නවෝද් පරණවිතාන 5/31.

මහින්ද විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 8/0 (2):


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය

තරගයේ පළමු දිනය නිමා වන විට සාන්ත තෝමස් විද්‍යාලය නාලන්ද විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 58ක් පසුපසින් පසුවන මෙම තරගය සාන්ත තෝමස්  විදුහල් පිටියේ දී අද ආරම්භ විය.

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය තුල සාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායමේ ඉතිහාසය දෙස හැරී බලන විට ඔවුන් කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කරන ලද ප්‍රථම තරගය මෙයයි. සුහඟ විජේවර්ධන ලකුණු 57ක් ලබාගෙන නාලන්ද විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගන්නා විට අනෙක් පිතිකරුවන් හට මෙම පිටිය තුල ස්ථාවර වීමට ඉඩක් නොලැබිණි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක ශැනොන් ප්‍රනාන්දු ලකුණු 37ක් තුල කඩුලු 3ක් දවා ගන්නා ලදි.

අද දිනය තුල ක්‍රියාත්මක වූ අනෙකුත් පාසල් ක්‍රිකට් තරගවලට සාපේක්ෂව තරමක මන්දගාමී ස්වභාවයක් ගත් මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම දියත් කරන සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 93ක් ලබාගෙන සිටියි.  දුලිප් ගුණරත්න ලකුණු 47යි.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 151/10 (65.1): සුහඟ විජේවර්ධන 57, රවින් ද සිල්වා 22*, ශැනොන් ප්‍රනාන්දු 3/37,

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 93/2 (32): දුලිප් ගුණරත්න 47.

අද දිනය තුල පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග කිහිපයේ දෙවන දිනය හෙටත් (4) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<