වෙනස්කම් 4ක් සහිතව ශ්‍රී ලංකා රග්බි සංචිතය එළියට

753

ලබන 14 සහ 15 දෙදින පුරාවට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ  තෙවන හා අවසන් අදියර සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුතු  ශ්‍රී ලංකා සංචිතය, ජාතික තේරීම් කමිටුව විසින් නම් කර ඇති අතර, මේ සඳහා නවක ක්‍රීඩකයින් සිව්දෙනෙකු ද ඇතුළත් කොට තිබේ.

ජාතික සත් සාමාජික ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු

ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) මේ වන විට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි..

පසුගිය 10 වැනිදා අවසන් සංචිතය තේරීම් කටයුතු සිදුකර ඇති අතර, අත්දැකීම් බහුල ක්‍රීඩක රිචඩ් ධර්මපාල හා කවිඳු පෙරේරා නැවතත් කණ්ඩායම හා අත්වැල් බැඳගන්නා විට, නවක ක්‍රීඩකයින් දෙපළක් වන රෙහාන් සිල්වා හා රීසා රෆයිඩීන් පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයට ඇතුළත් කර ඇත.

පසුගිය අදියරේ දී ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ චානක චන්දිමාල්, හිරන්ත පෙරේරා, කෙවින් ඩික්සන් හා ආබාධයකට ලක්වූ නවීන් හේනකන්කානම්ගේ මෙම සංචිතයෙන් ඉවත්ට ගොස් තිබේ.

නවීන් හේනකන්කානම්ගේ සත් සාමාජික සංචිතයෙන් ඉවතට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා..

ඩික්සන් හා නවීන් හොංකොං හිදී හා දකුණු කොරියාවේ දී  නිමා වූ මුල් අදියර දෙක තුළම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලදි. මෙම තරගාවලියේ දෙවන අදියර තුළ දී ආබාධයකට ලක්වීම නිසා තරගාවලිය අතරතුර ඉවත්වීමට අත්දැකීම් බහුල කවිඳු  හට සිදු වූ අතර, ඒ වෙනුවට ධර්මපාලව සංචිතයට ඇතුළත් කරන ලදි.

සුදර්ශන මුතුතන්ත්‍රි විසින් මෙවරත් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම මෙහෙයවනු ඇත.

රීසා රෆයිඩීන්

වයස – අවුරුදු 22
පාසල – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය
ප්‍රධාන ක්‍රීඩා සමාජ – පොලිස් ක්‍රීඩා සමාජය, CR & FC
ශ්‍රී ලංකා නියෝජනය – වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම/ බෝනියෝ සත් සාමාජික කණ්ඩායම

රෙහාන් සිල්වා

වයස – අවුරුදු 22
පාසල- කොළඹ ඉසිපතන විද්‍යාලය
ප්‍රධාන ක්‍රීඩා සමාජ – CR & FC
ශ්‍රී ලංකා නියෝජනය – වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම

ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා රග්බි සංචිතය

  • සුදර්ශන මුතුතන්ත්‍රි (නායක)
  • ජේසන් දිසානායක
  • ධනුෂ්ක රංජන්
  • ශ්‍රීනාත් සූරියබණ්ඩාර
  • සුදම් සූරියආරච්චි
  • ඔමල්ක ගුණරත්න
  • කවිඳු පෙරේරා
  • රිචඩ් ධර්මපාල
  • තරින්ද රත්වත්තේ
  • දනුශ් දයාන්
  • රීසා රෆයිඩීන්
  • රෙහාන් සිල්වා
  • පුහුණුකරු – පීටර් වුඩ්ස්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<