විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මහා මංගල්‍යය ගැන දන්නවා ද?

197

අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල කීයක් තියනවා ද? ඒ ඒ විශ්වවිද්‍යාල වල ක්‍රීඩා කණ්ඩායම් කීයක් විතර ඉන්නවා ද? ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම හැම ක්‍රීඩා කණ්ඩායමක්ම එකට තරග වදින එක තරගාවලියක් තියනවා ද?

ThePapare.com ඔබ වෙත ගෙන එන මේ සටහන 2019 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල (Sri Lanka University Games – SLUG) ගැනයි.

ශ්‍රී ලංකාවේ තියන රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා කුසලතා එළිදැක්වෙන තරග බිම විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලයි. රාජ්‍ය විශ්වවිද්‍යාල 14ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙල මෙම වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර සරසවි ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය රුහුණු විශ්වවිද්‍යාලයට හිමිව තිබේ.

ආරම්භය

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ආරම්භය සිදු වන්නේ 1980 දීයි. 1980 වසරේ මාර්තු මාසයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සත්කාරකත්වය දරන ලද පළමු විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වුනා.

1980 වසරෙන් පසුව සෑම වසර තුනකටම වරක් පැවැත්වෙන මේ සරසවි ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය විටින් විට විශ්වවිද්‍යාල කීපයකටම හිමි වුනා.

සහභාගීත්වය

මේ විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලට රාජ්‍ය විශ්වවිද්‍යාල 14ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීම විශේෂත්වයක්.

  • පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
  • කොළඹ විශ්වවිද්‍යාලය.
  • කැලණිය විශ්වවිද්‍යාලය.
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
  • මොරටුව විශ්වවිද්‍යාලය.
  • රුහුණ විශ්වවිද්‍යාලය.
  • යාපනය විශ්වවිද්‍යාලය.
  • නැගෙනහිර විශ්වවිද්‍යාලය.
  • අග්නිදිග විශ්වවිද්‍යාලය.
  • රජරට විශ්වවිද්‍යාලය.
  • සබරගමුව විශ්වවිද්‍යාලය.
  • වයඹ විශ්වවිද්‍යාලය.
  • සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.
  • ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය.

තරග ඉසව්

මෙම විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල පිරිමි හා කාන්තා වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනවා. ඒ අනුව පිරිමි තරග ඉසව් 21ක් හා කාන්තා තරග ඉසව් 15ක් පැවැත්වෙනු ඇත.

පිරිමි තරග ඉසව්

  1. බැඩ්මින්ටන්
  2. බේස්බෝල්
  3. පැසිපන්දු
  4. කැරම්
  5. චෙස්
  6. ක්‍රිකට්
  7. එල්ලේ
  8. පාපන්දු
  9. හොකී
  10. කරාටේ
  11. මාර්ග ධාවන
  12. ඔරු පැදීම
  13. රග්බි
  14. පිහිනුම්
  15. මේස පන්දු
  16. ටයිකොන්ඩෝ
  17. ටෙනිස්
  18. ජවන හා පිටිය
  19. වොලිබෝල්
  20. බර ඉසිලීම
  21. මල්ලවපොර ෙ

කාන්තා තරඟ ඉසව‍ෙ

  • බැඩ්මින්ටන්
  • පැසිපන්දු
  • කැරම්
  • චෙස්
  • එල්ලේ
  • හොකී
  • කරාටි
  • දැල්පන්දු
  • ඔරු පැදීම
  • පිහිනුම්
  • මේස පන්දු
  • ටයිකොන්ඩෝ
  • ටෙනිස්
  • ජවන හා පිටිය
  • වොලිබෝල්

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල අගෝස්තු මස 26 සිට සැප්තැම්බර් මස 6 දක්වා සති දෙකක් පුරාවට පැවැත්වීමට නියමිතය.

විශ්වවිද්‍යාල 14ක් උරෙන් උර ගැටෙන මේ ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<