Home Sinhala ශ්‍රී ලංකා නැගී එන පිළ අඛණ්ඩව තෙවැනි ජයත් වාර්තා කරයි!

ශ්‍රී ලංකා නැගී එන පිළ අඛණ්ඩව තෙවැනි ජයත් වාර්තා කරයි!

10575

මනා පාලනයකින් යුතු වූ පන්දුකරණයත්, මැදපෙළ පිතිකරුවන් පෙන්වූ විශ්වසනීය පිතහරඹයත් නිසා දකුණු අප්‍රිකානු සංචාරයේ අඛණ්ඩව ලබා ගත් තෙවැනි ජයග්‍රහණය වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අද (05) අවස්ථාව උදා විය. ඒ උණුසුම් තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු සරසවි ක්‍රීඩා කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමිනි.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියක්…

තරගය ප්‍රිටෝරියා හිදී පැවති අතර එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායක චරිත් අසලංකට හැකි විය. ඒ අනුව මීට පෙර පැවති තරග දෙක ජයග්‍රහණය කළ අයුරුම සැලකිල්ලට ගෙන අද තරගයේත් මුලින් පන්දු යැවීමේ අවස්ථාව ලබා ගැනීමට ඔහු නැණවත් තීරණයක් ගත්තේය. මීට පෙර නිමා වූ තරග දෙක ද ඉතාමත් හොඳ තරගයක් ලබා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිළ ජය ගත්තේ මුලින් පන්දු යැවීම මගින් ප්‍රතිවාදීන් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ අනුව ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු පිළේ මුල් කඩුල්ලේ සබඳතාවය ලකුණු 27ක් වන විට ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පළමු කඩුල්ලේ හිමිකරු වීමට ලහිරු මධුශංකට හැකි විය. එතැන් පටන් ශ්‍රී ලංකාවට තවත් කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ දැමීමට හැකි වූ අතර දකුණු අප්‍රිකානු ඉනිමට ලකුණු 61ක් එක් වෙද්දී ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් පස් දෙනෙකු ක්‍රීඩාගාරයේ විවේක සුව විඳිනු දැක ගන්නට ලැබුණි. එහි දී අමිල අපොන්සු, චාමික කරුණාරත්න සහ අසිත ප්‍රනාන්දු සාමූහික දක්ෂතා ප්‍රකට කළ අතර මොවුන්ගේ මෙම සාර්ථකත්වය නිසා දකුණු අප්‍රිකානු ලකුණු වේගය ද සෑහෙන දුරකට අඩපණ විය.

කෙසේ වෙතත් නොදැවී කඩුල්ලේ රැඳී සිටි මැදපෙළ පිතිකරු ඩෙලෝනෝ පොගීටර් නැවතත් ශ්‍රී ලංකා පිළට හිසරදයක් වෙමින් දකුණු අප්‍රිකානු ඉනිම පිළිසකර කිරීමේ කාර්යය ආරම්භ කළේය. ඔහු පසුගිය දා නිමා වූ අවසන් එක්දින තරගයේ දී ද විශිෂ්ට ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණය උදුරා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ ක්‍රීඩකයායි. අද ඔහු සයවැනි කඩුල්ල වෙනුවෙන් රුබින් හර්මන් සමඟ ගොඩ නැගූ සබඳතාවය ලකුණු 94කි. හර්මන් අද ලකුණු 44ක් රැස්කර ගත්ත ද ඒ වෙනුවෙන් ඔහු පන්දු 88කට මුහුණ දීමෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් එල්ල කළ පීඩනයේ තරම වටහාගත හැකිවනු ඇත.

මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය කෙසේ නිමා වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන අවසන් තරගය සඳහා…

පසුගිය තරගයේ දී ද අවාසනාවන්ත වූ පොගීටර් අදත් ඉනිම නිමා වන තුරුම කඩුල්ලේ රැඳී සිටිය ද ඔහුට ශතකය ලබා ගැනීමට නොහැකි වීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට කණගාටුදායක සිදුවීමක් වන්නට ඇත. ඉනිම නිමා වන විට පන්දු 106කට මුහුණ දී සිටි පොගීටර් නොදැවී ලකුණු 97ක් ලබා සිටියේ හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟයි. පන්දු යැවීමේ දී ලහිරු මධුශංක කඩුලු ද්විත්වයක් බිඳ හෙලද්දී, අසිත, අමිල සහ චාමික අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 50ටම මුහුණ දුන්න ද එහි දී කඩුලු 6ක් දැවී ලකුණු 207ක් පමණක් ලබාගත් නිසා ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක පහස විඳ ගැනීමේ අවස්ථාව උදා විය. නමුත් එම බලාපොරොත්තුවලට ප්‍රබල පහරක් එල්ල වූයේ ශ්‍රී ලංකා පිළේ මුල් කඩුලු දෙක ලෙස සඳුන් වීරක්කොඩි සහ මිනෝද් භානුක ශ්‍රී ලංකා ඉනිම ලකුණු 9ක් වෙද්දීම දැවී යාම නිසයි. මෙම කඩුලු දෙකේම හිමිකරුවා බවට පත්වූ බෙය’ර්ස් සෑන්පෝල්, සංගීත් කුරේව ද ඉක්මනින් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 30කට කඩුලු 3ක් බවට පත් කළේය.

මෙම තීරණාත්මක මොහොතේ තරගයේ පාලනය දකුණු අප්‍රිකානුවන් අතට නතු වෙන්නට ඉඩ නොදුන් නායක අසලංක සහ ශම්මු අශාන් යන පාසල් සගයින් දෙදෙනා අතිවිශිෂ්ට ශතක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පිළට නැවතත් ජයග්‍රහණ බලාපොරොත්තු ගෙන ආහ. එහි දී චරිත් අසලංක පන්දු 84ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 66ක් රැස්කළ අතර ශම්මු අශාන් ලකුණු 57කින් ශ්‍රී ලංකා ඉනිම ඉහළ දැමීය. හිටපු රිච්මන්ඩ් විද්‍යාලයීය නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 10යි.

කෙසේ වෙතත් මෙම නම ගිය මැදපෙළ පිතිකරුවන් තිදෙනාම රාජකාරිය නිමා වන්නට පෙර දැවී යාම නිසා ජය කණුව පසු කිරීමේ වගකීම පැවරුණේ අශේන් බණ්ඩාර සහ ලහිරු මධුශංක ඇතුළත් පසුපෙළටයි. තරගයේ අවසන් කොටස ඉතාමත් හොඳින් තේරුම් ගත් මෙම පිතිකරුවන් දෙදෙනා අවශ්‍ය ලකුණු වේගය ද පවත්වා ගනිමින් අද ශ්‍රී ලංකාවට පිට පිටම තෙවැනි එක්දින තරග ජය ලබා දෙන්නේ ඉන් අනතුරුවයි. එහි දී අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 32ක් රැස්කර ගනිද්දී, ලහිරු මධුශංක ලකුණු 22ක් ලබාගෙන තරගයේ නිමාව තෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය. 

ශ්‍රී ලංකාවටත් කොදෙව්වන්ටත් ICCයෙන් දඩ!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර 2019 ලෝක කුසලාන…

ඒ අනුව අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් අවසන් වන විටම කඩුලු 4ක ජයග්‍රහණයකින් තරගය නිමා කිරීමට ශ්‍රී ලංකා පිළට අවස්ථාව උදා විය. පන්දු යැවීමේ දී බිඳ වැටුණු ශ්‍රී ලංකා කඩුලු 6 සම සමව බෙදා ගැනීමට බෙය’ර්ස් සෑන්පෝල් සහ ලූක් ෆිලැන්ඩර් සමත් වූහ. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා පිතිපෙළ ශක්තිමත් කළ චරිත් අසලංකටයි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය හෙට (06) දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සමඟින් මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එහි සියලු තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්!

Result


Sri Lanka Emerging Team
211/6 (49.1)

University Sports South Africa XI
207/6 (50)

Batsmen R B 4s 6s SR
Kabelo Sekhukhune c Ashen Bandara b Lahiru Madushanka 14 25 2 0 56.00
Isma-eel Gafieldien lbw b Amila Aponso 19 31 2 0 61.29
Neil Brand b Chamika Karunarathne 5 13 1 0 38.46
Lesego Senokwane run out (Charith Asalanka) 2 6 0 0 33.33
Delano Potgieter not out 97 106 3 5 91.51
Ruan de Swardt c Charith Asalanka b Asitha Fernando 6 16 2 0 37.50
Rubin Hermann c Charith Asalanka b Lahiru Madushanka 45 88 2 1 51.14
L Philander not out 11 16 1 0 68.75


Extras 8 (b 0 , lb 1 , nb 1, w 6, pen 0)
Total 207/6 (50 Overs, RR: 4.14)
Fall of Wickets 1-27 (5.5) Kabelo Sekhukhune, 2-36 (8.6) Neil Brand, 3-42 (11.5) Isma-eel Gafieldien, 4-44 (13.2) Lesego Senokwane, 5-61 (18.2) Ruan de Swardt, 6-155 (43.4) Rubin Hermann,

Bowling O M R W Econ
Asitha Fernando 10 1 46 1 4.60
Lahiru Madushanka 8 0 47 2 5.88
Chamika Karunarathne 10 1 38 1 3.80
Amila Aponso 10 0 33 1 3.30
Charith Asalanka 7 0 21 0 3.00
Sammu Ashan 5 1 21 0 4.20


Batsmen R B 4s 6s SR
Sandun Weerakkody c Delano Potgieter b Beyers Swanepoel 0 4 0 0 0.00
Sangeeth Cooray c Rubin Hermann b Beyers Swanepoel 15 23 2 0 65.22
Minod Bhanuka c Rubin Hermann b Beyers Swanepoel 5 13 1 0 38.46
Charith Asalanka c Rubin Hermann b L Philander 66 84 6 0 78.57
Sammu Ashan lbw b L Philander 57 90 5 0 63.33
Kamindu Mendis lbw b L Philander 10 20 0 0 50.00
Ashen Bandara not out 32 36 2 1 88.89
Lahiru Madushanka not out 22 25 2 0 88.00


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 211/6 (49.1 Overs, RR: 4.29)
Fall of Wickets 1-0 (0.4) Sandun Weerakkody, 2-9 (4.3) Minod Bhanuka, 3-30 (8.4) Sangeeth Cooray, 4-141 (32.4) Charith Asalanka, 5-152 (38.1) Sammu Ashan, 6-161 (40.4) Kamindu Mendis,

Bowling O M R W Econ
Beyers Swanepoel 5 2 9 3 1.80
Gideon Peters 7.1 0 38 0 5.35
Ruan de Swardt 8 0 33 0 4.12
L Philander 10 1 33 3 3.30
Delano Potgieter 4 0 22 0 5.50
S Mallie 4 0 17 0 4.25
Neil Brand 8 0 39 0 4.88
Lesego Senokwane 3 0 19 0 6.33



>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<