ආරක්ෂාව ගැන බලන්න ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට 4ක්

8220
pakistan cricket

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර එරට පවතින වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් සිව්දෙනෙක් අගෝස්තු 6 සිට 9 දක්වා පාකිස්තානය තුල රැඳී සිටීමට නියමිතයි.

ක්‍රිස් ගේල් පසුකර යමින් රෝහිත් ශර්මාගෙන් තවත් ලෝක වාර්තාවක්!

එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ දෙවැනි ………

මෙම දූත පිරිසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා නායකත්වය ලබා දෙන අතර ප්‍රධාන ආරක්ෂක උපදේශක ගුවන් හමුදාපති (එයාර් චීෆ් මාෂල්) රොෂාන් ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සහ ආරක්ෂක අංශයේ සහාය කළමනාකරු පාලිත සෙනෙවිරත්න යන මහත්වරුන් මෙසේ පාකිස්තානයේ පවතින ආරක්ෂක තත්වය සොයා බැලීම සඳහා එරටට පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂක දූත පිරිස පිළිවෙළින් අගෝස්තු 7 සහ 8 යන දෙදින කරච්චි හි ජාතික ක්‍රීඩාංගණයට සහ ලාහෝර් හි ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත ගොස් දේශීය නීති බලාත්මක කිරීමේ ආයතන සහ එරට ආරක්ෂක අංශ වල ප්‍රධානීන් කිහිප දෙනෙක් හමුවී එරට පවතින ආරක්ෂක තත්වය පිළිබඳව විස්තර සොයා බැලීමට නියමිතය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් මෙහෙයුම් අංශයේ ප්‍රධානියා වන සකීර් ඛාන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව මෙසේ සිය අදහස් දක්වා තිබුණි.

Video – ශ්‍රී ලංකාවේ වමත් වේගපන්දු බලඇණියේ නවතම තරුව – ප්‍රවීන් නිමේෂ් ද සිල්වා – Powerplay

මෙවර වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ……

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී අපේ රටට එන්න අපේක්ෂාවෙන් ඉන්නවා. එය අපේ රටට ගොඩක් වැදගත් තරගාවලියක්. ඒ සංචාරය මත තමයි පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් අනාගතය රැඳී තියෙන්නේ.”

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සකීර් ඛාන් මහතා මෙසේ පවසා තිබුණි.

“පාකිස්තානය දැන් වෙනත් ඕනෑම ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් තරම්ම ආරක්ෂිත රටක් බවට අප තරයේ විශ්වාස කරනවා. මෑත කාලයේ දී අපේ රටේ ආරක්ෂක තත්ත්වය බෙහෙවින් දියුණු වී ඇති අතර පාකිස්තාන සුපර් ලීග් 2019 ක්‍රිකට් තරග අටක් කරච්චි නුවර දී සාර්ථක ලෙස පවත්වන්න අපට පුළුවන් වුනා. විදේශීය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 39 දෙනෙක් එම තරගාවලියට සහභාගී වුනා. එය මේ ප්‍රකාශයට හොඳ සාක්ෂියක්. විදේශීය තරු කරච්චි හි ආරක්ෂක විධිවිධාන පැසසුමට ලක් කළා පමණක් නොව, ක්‍රීඩා පහසුකම් මෙන්ම පාකිස්තානයේ ආගන්තුක සත්කාරය ද අගය කළා.”

ජ’පුර, සබර, යාපනය, රුහුණ, මොරටුව සහ රජරට පෙරටම

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග පසුගිය ……..

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත මේ ක්‍රිකට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අතර එම තරග දෙක  ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක දූත පිරිස සිය පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයට ඉදිරිපත් කිරීමෙන් පසුව තරග කාලසටහන පිළිබඳව සාකච්ඡා ආරම්භ වීමට නියමිතයි.

මේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් පාකිස්තානයට ගොස් 2021 සහ 2022 යන වසරවල දී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරග සංචාර පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට ද නියමිතව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<