ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ආසියානු අභියෝගයට සූදානම්

450

තායිවානයේ පැවැත්වෙන ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම එළඹෙන 30 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවය නැවතත් බස්නාහිරට

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලිය පසුගිය 18 හා 19 දෙදින තුළ සුගතදාස පිහිනුම් සංකීර්ණයේ දී පැවැත්විය.

පාකිස්තානයේ පැවති ආසියානු බටහිර කලාපීය බේස්බෝල් තරගාවලියේ දී රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ දැවැන්තම කණ්ඩායම් අතර සිට සටන් වදින ප්‍රථම අවස්ථාව මෙයයි. ආසියානු බේස්බෝල් ක්ෂේත්‍රය නියෝජනය කරන රටවල් 27කින් 8කට පමණක් මේ අවස්ථාව ලැබේ.

කණ්ඩායම් 8, කාණ්ඩ දෙකක් යටතේ තරග වදිනු ඇත.

  • “A කාණ්ඩය” – කොරියාව, තායිපේ, පිලිපීනය, ශ්‍රී ලංකාව
  • “B කාණ්ඩය” – ජපානය, චීනය, හොංකොං, පාකිස්තානය

ජපානය මෙහි වත්මන් ශූරයන් වන අතර ඔවුන් නියෝජනය කරන්නේ B කාණ්ඩයයි. තායිපේ කණ්ඩායම සහ කොරියාව පිළිවෙළින් ශ්‍රේණිගත කිරීම්වල දෙවන සහ තෙවන ස්ථානවල පසුවන අතර ඔවුන් දෙදෙනාටම තම මූලික තරගවල දී මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වෙන කොරියාවට එරෙහි තරගය ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයයි.

24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතයක් මේ සඳහා සහභාගී වේ. අත්දැකීම් බහුල අකලංක රණසිංහ කණ්ඩායමේ නායකත්වය ද, සමීර රත්නායක උපනායකත්වය ද දරයි. කණ්ඩායමේ පුහුණුකාරීත්වය මලිදු හේවගේ විසින් දරන අතර ජපාන ජාතිකයෙකුගේ සහය ද ඔහුට ලැබී තිබේ.

ශ්‍රී ලංකා බේස්බෝල් සංචිතය – අකලංක රණසිංහ (නායක), සමීර රත්නායක (උ.නායක), සංජීව ජයරත්න, සාලිය විජේසිංහ, තරිඳු මධුමාල්, සම්පත් රුවන් කුමාර, ශෂික දුල්ෂාන්, චිරත් කරුණාරත්න, චාමික යසස්, නෙලංක කරුණාරත්න, ඉසර ගුණසිරි, දිල්ශාන් ප්‍රියදර්ශන, නවීන් අනුරාධ, සංජීව මාන්නඋතුම්, සඳුන් මධුශංක, ක්‍රිෂ්ණ හපුආරච්චි, අශාන් වීරසේකර, අරුණ ශාන්ත, සහන අවිශ්ක, දිලින නිශ්ශංක, සුපුන් අබේසූරිය, කෞෂල ප්‍රබුද්ධ, අසංක ලක්මාල්, අමිල පුෂ්පකුමාර.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට