සාන්ත ලුසියා හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනයේ උදෑසන ඇති වූ ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ’ චෝදනාව පිළිබඳ සිදුවීම් මාලාව නිසා තරගය ආරම්භ කිරීමට පැය දෙකක පමණ ප්‍රමාදයක් ඇතිවූ අතර ඒ පිළිබඳ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා පුහුණුකරු, නායක හා කළමනාකරු යන තිදෙනාටම විරුද්ධව චෝදනා ගොනු කර තිබේ.

පන්දුව පළුදු කිරීමේ සිදුවීම ගැන SLC ප්‍රකාශයක් නිකුත් කරයි

සාන්ත ලුසියා හි දෙවන කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය ආරම්භයට පෙර..

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවට වරදකරු කර ඇති අතර ඒ අනුව ඔහුට එක් ටෙස්ට් තරගයක් හෝ විස්සයි විස්ස තරග දෙකක් හෝ එක්දින තරග දෙකක තහනමක් පැනවෙන අතර එය නුදුරුදේ දී පැවැත්වෙන තරගය සඳහා බලපැවැත්වේ. ඊට අමතරව තරග තහනම් (suspension points) ලකුණු දෙකක් හා තරග ගාස්තුවෙන් 100%ක දඩයක් නියම කර තිබේ.

ICC ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා අඟහරුවාදා (19) ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.3.1 කොටස ‘ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කිරීම’, උල්ලංඝනය කර 3 වැනි මට්ටමේ වරදක් කර ඇති බව ප්‍රකාශ කළේය. තෙවන දිනයේ උදෑසන පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම නීති රාශියක් උල්ලංඝනය කිරීමක් බව ද ඔහු ප්‍රකාශ කළේය.

තවද වරදකරුවන් අභියාචනා නොකළහොත් ICC චර්යා ධර්ම සංග්‍රහයේ 5.2 කොටස යටතේ චර්යා ධර්ම සංග්‍රහ කමිටුවෙන් අධිකරණ කොමසාරිස්වරයෙකු (Judicial Commissioner) පත්කර දඬුවම් නියම කිරීමට නියමිතයි. සියලු තුන්වන මට්ටමේ නීති උල්ලංඝනය කිරීම් සඳහා තරග-තහනම් (suspension points) ලකුණු හතරේ සිට අට දක්වා ලබා දිය හැකිය.

පන්දුව පළුදු කළා යැයි චන්දිමාල්ට චෝදනා

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සාන්ත ලුසියා හිදී පැවැත්වෙන දෙවන…

තරග තීරක ජවගාල් ශ්‍රීනාත් මහතා, “තරගයේ දර්ශන නැරඹීමෙන් අනතුරුව චන්දිමාල් පන්දුව මත කෘතීම යමක් ආලේප කරනු තහවුරු වුනා, ඔහු ඔහුගේ ඛේටය සමඟ ඔහුගේ මුවේ තිබූ යමක් ආලේප කළා, ICC චර්යා ධර්ම සංග්‍රහයට අනුව එය වරදක්.” යැයි පවසා සිටියා.

ICC ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන් මහතා පවසා සිටියේ තරග නිලධාරීන්ගේ තීරණයට ICC ය සම්පූර්ණ සහයෝගය දෙන බවත්, එම තීරණ වීඩියෝ දර්ශන මගින් තහවුරු වී ඇති බවත් මින් පසුව වන සිදුවීම්වලටත් මේ ලෙසම දඬුවම් හිමි වන බවත්ය.  

සාන්ත ලුසියා හිදී පැවති විභාගයක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය හා තරග නිලධාරින් ඉදිරියේ දී වීඩියෝ දර්ශන පරික්ෂා කළ අතර චන්දිමාල් තමන් යම්කිසි දෙයක් සිය මුවේ දමා ගත් බව පිළිගත්තා. නමුත් මුවේ දමා ගත්තේ කුමක්ද යන්න ඔහුට මතකයක් නැතැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

ICC චෝදනාව චන්දිමාල් විසින් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ…

ඒ අනුව තරග තීරකවරයා චන්දිමාල්ට ඉහත දඬුවම් නියම කිරීමට පියවර ගත්තා. තරග තහනම් ලකුණු දෙක, එක ටෙස්ට් තරගයක තහනමකට හෝ එක්දින තරග දෙකක තහනමකට හෝ විස්සයි විස්ස තරග දෙකක තහනමකට හේතුවනවා. පළමුවෙන්ම එම ක්‍රීඩකයාට ඇති තරගය එම දඬුවමට අදාළ වේ. ඒ අනුව චන්දිමාල්ට බාබඩෝස් හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය හෙවත් තෙවැනි ටෙස්ට් තරගය අහිමි වන අතරම එම තරග තහනම් ලකුණු නිසා චන්දිමාල්ගේ විනය වාර්තාවට අයහපත් (demerit points) ලකුණු හතරක් ද එකතු වනවා.

පසුගිය ඉරිදා චන්දිමාල් පිටියේ විනිසුරුවරුන් වූ අලීම් ඩාර් හා ඉයන් ගෝල්ඩ් සහ තෙවන විනිසුරු වූ රිචඩ් කෙට්ල්බර්ග් ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම’ පිළිබඳ කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් නිවැරදිකරු යැයි අභියාචනා කරනු ලැබුවා.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<