ගෙවුනු දවස ජුලි 21 – ජයග්‍රහණය ක්‍රිස්ටල් පැලස්ට

365
Last Day Summary July - 21

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පාපන්දු –

බ්ලු ස්ටාර්, ක්‍රිස්ටල් පැලස්ට පැරදෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ඩයලොග් අාසාඅාටා සමගම සමඟ එක්ව පැවැත්වෙන ඩයලොග් ශුරයින්ගේ පාපන්දු කුසලානයේ තරගයක් ඊයේ (21) කළුතර ජයතිලත ක්‍රීඩා පිටියේදි පැවැත්විය. එයින් ගෝල 02 : 01 ලෙස ජය ලබා ගැනීමට ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය සමත් විය.

ප්‍රථම අර්ධය අාරම්භ වී සුළු මොහොතක් යන තැන ක්‍රිස්ටල් පැලස් වෙනුවෙන් ගෝලයක් ලබා ගැනීමට අයිසැක් අබා සමත් විය. ප්‍රථම අර්ධය අවසන් වූයේ 01 : 00 ලෙසිනි. තරගයේ දෙවන අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේදි ක්‍රිස්ටල් පැලස් වෙනුවෙන් ඩබ්. එම්. අංජන ගෝලයක් රැස් කරන අතර බ්ලු ස්ටාර් වෙනුවෙන් වාර්තා වු එකම ගෝලය ඒ. අයි. හමීඩ් විසින් වාර්තා කරන ලදි.

අවසන් ලකුණු: බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය 01 : 02 ක්‍රිස්ටල් පැලස්


ක්‍රිකට් –

හොර ටිකට් වලට SLC එකෙන් විසදුමක්

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග මාලාව සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීම ඇතුළු කටයුතු කිහිපයක් සඳහා ඉන්දියානු සමාගමක් වන BookMyShow.com හී සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ප්‍රවේශපත්‍ර අළෙවිය, ගිණුම් ගත කිරීම, ක්‍රීඩාංගනයට පිවිසෙන ප්‍රේක්ෂකයන් පාලනය, නිලධාරී සහ මාධ්‍යවේදී අවසරපත් නිකුතුව ඇතුළු කටයුතු රැසක් එම සමාගම සිදු කිරීමට නියමිතයි.

සම්පූර්ණ ලිපිය: ව්‍යාජ ප්‍රවේශපත් මර්ධනයට ඉන්දීය තාක්ෂණය

කුසල්ට වන්දියක් දෙන්න ලොක්කොත් මැදිහත් වෙයි

තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ලවූ වැරදි චෝදනාවක් මත තරග තහනමකට ලක්ව සිටි ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් හට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ (WADA) මැදිහත්වීම ලැබෙන බව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන ආයතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ තහනම් උත්තේජක මර්ධන වැඩපිළිවෙලේ ප්‍රගතිය පිලිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මහාචාර්යවරයා මේ බව පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන ආයතනයේ වෛද්‍යවරු පැවසුවේ එළඹෙන රියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින සියලුදෙනා තහනම් උත්තේජක පරීක්ෂණ වලට භාජනය කළ බවයි. මේ වනවිට ඇමරිකාවේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායක, මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, ජපානයේ පුහුණුව ලබන බර ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් පීරිස් සහ පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම් හැර ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේ පරීක්ෂණයට ලක්වී ඇත.

සම්පූර්ණ ලිපිය: කුසල්ට වන්දි ගන්න WADA ප්‍රධානියාගේ සහය

ඔස්ට්‍රේලියාවට එරෙහිවන ශ්‍රී ලංකා සංචිතය

මීලග අගහරුවාදා එනම් ජුලි මස 26 වැනිදා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පලමු ටෙස්ට් තරගය සදහා 15ක දෙනෙකුගෙන් යුතු සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයත්, දිනේෂ් චන්දිමාල්ගේ උපනායකත්වයත් යටතේ සිය වෘත්තීය දිවියේ ආරම්භය සටහන් කරන ක්‍රීඩකයින් වන ලක්ෂාන් සදකැන්, රෝශේන් සිල්වා සහ අසිත ෆර්නැන්ඩෝ සංචිතයට කැදවා ඇත.

සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, රොශේන් සිල්වා, කුසල් ජනිත්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ‍ලක්ෂාන් සදකැන්, සුරංග ලක්මාල්

සම්පූර්ණ ලිපිය: නවක මුහුණු සමග පලමු ටෙස්ට් සංචිතය එලියට

දවසේ නිමාව