13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නවවැනි හා අවසන් දිනයේ තරග අද (10) පැවැත්විය. තරග ඉසව් කීපයකම අවසන් තරග කීපයක් අද පැවති අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී රන් පදක්කමක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 3ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මුළු පදක්කම්  250ක් සමඟින් තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගනිමින් සාර්ථකව තරගාවලිය නිමා කිරීමට සමත් විය. 

මැතිව්ට 8 වැනි රන් පදක්කම නූලෙන් මිස් වෙයි; ජාතික වාර්තා 3ක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අටවන දිනය වූ අද (09) නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රන්…

තරගාවලියේ අටවැනි දිනය ලෙස ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 79ක් හා ලෝකඩ පදක්කම් 118ක් සමඟින් මුළු පදක්කම් 236ක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටියේය. 

ඉන්දියාව රන් පදක්කම් 159ක්, රිදී පදක්කම් 91ක් හා ලෝකඩ පදක්කම් 44ක් සමඟින් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි අතර දෙවන ස්ථානය ‍රන් පදක්කම් 49ක් ලබා ගත් නේපාලයට හිමිව තිබුණි. 

තරගාවලියේ අවසන් දිනයේ පළමු තරග ඉසව්ව ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරග වැදුණු පැසිපන්දු අවසන් තරගය පැවැත්විය. එම තරගයේ දී ලකුණු 101-62ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට එහි රිදී පදක්කම හිමි විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩු සටන් තරග ඉසව්වේ ලෝකඩ පදක්කම් තුනක් අද දිනා ගත් අතර එයට පිරිමි කණ්ඩායම් epee, sabre හා foil යන තරග ඉසව් ඇතුළත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ ජයග්‍රහණය කළ එකම රන් පදක්කම සඳහා හිමිකම් කීමට කිලෝග්‍රෑම් 81 Light Heavyweight බොක්සිං තරගය සඳහා සහභාගි වූ රුමේශ් සඳකැළුම් සමත් විය. 

ඒ සමඟින් මෙවර තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ‍රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් අටක් ජයග්‍රහණය කිරීමට සමත් විය. 

මෙම පදක්කම් සංඛ්‍යාව ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී වාර්තා කළ වැඩිම පදක්කම් සංඛ්‍යාව විය. තවද කිලෝග්‍රෑම් 81 බර පන්තියේ රන් පදක්කම වසර 20කට පසු ජයග්‍රහණය කිරීමට රුමේෂ් සඳකැළුම් සමත් විය. 

ශ්‍රී ලංකා පදක්කම් මල්ලට තවත් පදක්කම් කීපයක් එක් කිරීමට බොක්සිං ක්‍රීඩකයන් සමත් විය. පිරිමි කිලෝග්‍රෑම් 53 fly weight බර පන්තිය නියෝජනය කළ එම්. පී. ජී. සංජීව නුවන් එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ අතර කාන්තා කිලෝග්‍රෑම් 48-51 fly weight බර පන්තිය නියෝජනය කළ ඒ. ඒ. කේ. නිල්මිණි එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

කාන්තා කිලෝග්‍රෑම් 54-57 feather weight බර පන්තිය නියෝජනය කළ කේ. ඒ. ඩී. ධර්මතිලක එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

මැතිව්ගේ ගෙලට රන් 7ක් සහ රිදී පදක්කමක්

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ…

ක්‍රීඩා උළෙලේ ස්කොශ් තරගවල අවසන් තරග අද පැවති අතර එහි කණ්ඩායම් තරග ඉසව්වේ කාන්තා හා පිරිමි ලෝකඩ පදක්කම් ද්විත්වයම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් එක් තරග ඉසව්වල දී ජයග්‍රහණය කළ පදක්කම් සංඛ්‍යාව පහත පරිදි වේ.

>>SAG MEDAL COUNT<<

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් සටහන පහත පරිදි වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලිය තුල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් හා ලෝකඩ පදක්කම් 128ක් සමඟින් සමස්ත පදක්කම් 251ක් තම පදක්කම් එකතුවට එක්කර ගැනීමට ඔවුන් සමත් විය. මෙම පදක්කම් ප්‍රමාණය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව වාර්තා කළ වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස ඉතිහාසගත විය. 

වසර 28ක් පුරා ඉන්දියාව සතු වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා අණසක තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වූ අතර එය මෙම ක්‍රීඩා උළෙලේ වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාව ලෙස සටහන් විය. 

SAG පිටිය බැබළවූ “දිගන පොඩි නංගි” – ඩිල්ෂි

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා…

තරගාවලිය තුල නව තරගාවලි වාර්තා හා නව ශ්‍රී ලංකා වාර්තා කීපයක් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනෙකුට අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගය වැළදීම නිසා තරගාවලිය අහිමි වීම අවාසනාවන්ත සිදුවීමකි. 

සතුට, දුක, සිනහව හා කඳුළු සියල්ල අතරින් ශ්‍රී ලංකා ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩා උළෙල අද නේපාලයේ කත්මන්ඩු හිදී නිමා වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩා අනාගතයට සුබදායි බලාපොරොත්තු රැසක් එක්කරමිනි. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක්වූ සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම් මෙලෙස එක්කරන්නෙමු. 

පුරා සති දෙකකට අධික කාලයක් විවිධ සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා දස්කම් සැමරීමට ThePapare.com සමඟින් එක්ව සිටි සියලුම ප්‍රේක්ෂක ක්‍රීඩාලෝලීන්ට අපගේ ස්තුතිය ද මෙලෙස පුදකර සිටින්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<