කවිඳු සහ සනෝජ් මේරියන්ස් ගොඩදායි

52
SLC Major Emerging Tournament 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය අද (19) ආරම්භ විය. ඒ එස්. එස්. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතරත් හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් අතරත්ය. 

දිමුත් සහ රොස්කෝ පිතිකරණයෙන් ලකුණු අතරට

27 වැනි වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන්

එස්. එස්. සී සහ කෝල්ට්ස් තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිමට ලකුණු 128ක් ලබා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 61ක් ලබා සිටියහ. 

එස්. එස්. සී. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක ක්‍රිශාන් සංජුල ය. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තේය. ඊට අමතරව කඩුලු රකින ක්‍රීඩක සොහාන් ද ලිවේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර ධනංජය ලක්ෂාන්ට හිමි කර ගත් කඩුලු සංඛ්‍යාව 4කි. ආරම්භක වේගපන්දු යැවූ කවිශ්ක අංජුල ද කඩුලු 2ක් දවා ගත්තේය. 

Photos: Colts CC Vs SSC | SF 2 | SLC Major Emerging Tournament 2019/20 – Day 1

පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ඉනිමේ 14 වැනි පන්දුවේ දී ලකුණු 2ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් එතැන් සිට තම කඩුලු පරිස්සම් කර ගනිමින් පන්දුවට පහර දීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. දිනය අවසන් වෙන විට ඔවුන් වෙනුවෙන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා ගැනීමට ප්‍රින්ස් ප්‍රනාන්දු සමත් විය. 

ඔහුට අමතරව ධනංජය ලක්ෂාන් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තේය. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට නායක විශාද් රන්දික පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේය. 

කඩුලු ලබා ගැනීමේ දී ආකාශ් සේනාරත්න ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තේය. 

එස්. එස්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (39.2) සොහාන් ද ලිවේරා 25, ක්‍රිශාන් සංජුල 28, ආකාශ් සේනාරත්න 20, තෙවිඳු සේනාරත්න 17, කවිශ්ක අංජුල 2/36, ධනංජය ලක්ෂාන් 4/28, ප්‍රවීන් ජයවික්‍රම 3/12

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 61 (22) ප්‍රින්ස් ප්‍රනාන්දු 24, විශාද් රන්දික නොදැවී 16, ආකාශ් සේනාරත්න 2/27

හුදකලා සටනක නිරත වූ රවිඳුගෙන් ශ්‍රී ලංකාවට මුක්කුවක්

සංචාරක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට්


හලාවත මේරියන්ස් සහ යුද හමුදා තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 125ක් ලබා සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් වමත් පිතිකරු කවිඳු ඉරෝෂ් පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය. ඊට අමතරව සනෝජ් විජේතුංග පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට සබඳතාව නොදැවුණ ලකුණු 96කි. 

Photos: Army SC Vs Chilaw MCC | SF 1 | SLC Major Emerging Tournament 2019/20 – Day 1

කඩුලු ලබා ගැනීමේ දී හේෂාන් හෙට්ටිආරච්චි සහ මලීෂ අලුත්ගෙදර කඩුලු 2 බැගින් දවා ගත්හ. 

මෙම තරගයේ ආරම්භය පිටියේ පැවති අයහපත් තත්ත්වය මත පැයකට අධික කාලයක් ප්‍රමාද වූ අතර තරගය අතරමග පස්වරු 3.40ට පමණ ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් පළමු දිනය එතැන් සිට නතර කිරීමට පිටියේ විනිසුරුවන්ට සිදු වූහ. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 125 (54) ලසිත් කෘස්පුල්ලේ 20, කවිඳු ඉරෝෂ් නොදැවී 56, සනෝජ් විජේතුංග නොදැවී 38

මෙම තරග හෙට (20) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<