ක්‍රිකට් ආයතනය මාධ්‍ය ආයතනයකට එරෙහිව නඩු මගට

789

පසුගිය ජූලි 4 වැනිදා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක පළවූ වාර්තාවක් මඟින් 2018 වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරය අතරතුර ඇමරිකානු ඩොලර් 187,084/75ක මුදල් අක්‍රමිකතාවක් සිදු වූ බව වාර්තා කර තිබුණි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකිව යුතු බවත් එමඟින් කියැවිනි. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය කෙසේ නිමා වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන අවසන් තරගය සඳහා හෙට (6) ඉන්දීය කණ්ඩායම….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටාජ් ටෙලිවිෂන් ලිමිටඩ් ආයතනය සමඟින් හිටපු සභාපති ජයන්ත ධර්මදාස හා ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ කාල සීමාවේ දී ගිවිසුමකට එළඹ සිට ඇත. 2016 වසරේ දී එම ගිවිසුම ටාජ් ටෙලිවිෂන් සමාගමේ සිට Sony Pictures Network India ආයතනයට මාරු කර ඇත. එහි දී Sony Pictures ආයතනය ඉල්ලා සිටි, ක්‍රිකට් ආයතනය විසින් නිසි ලෙස අනුමැතිය ලබා ගත් බැංකු ගිණුමක් ඉදිරිපත් කිරීමට අසමත්ව ඇත.

කෙසේ වෙතත් 2018 අගෝස්තු මාසයට ආසන්න කාලයක දී Sony Pictures ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 187,085/75ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් නිල නොලත් ගිණුමක් වෙත ගෙවා ඇත. එම මුදල සම්බන්ධයෙන් අදාළ අර්බුදය මතුව ඇත.

2019 වසරේ පෙබරවාරි මස පත්වූ නව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර ඒ අපරාධ පරීක්ෂණයන් පැවැත්වෙන අතරතුර දී ය.

ඉහත වටපිටාව අතරදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපියක් මඟින් Sony Pictures ආයතනයට දන්වා ඇත්තේ 2018 දකුණු අප්‍රිකානු තරගාවලියේ විකාශනයට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී නැති බවයි. එම ලිපියට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත උදෙසා මෙම කාරණය වඩාත් හොඳින් විසඳා ගැනීම සඳහා Sony Pictures ආයතනය නීතිමය උපදෙස් ලබාගන්නා බවත් දිගුකාලීන හා අඛණ්ඩ සම්බන්ධතාවය පිළිබඳව නිසි අවධානයක් යොමු කරන බවත් පවසා ඇත.

මෙම අක්‍රමිකතාවය සිදුවී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මීට පෙර පත්කරන ලද තාවකාලික කමිටුවෙන් වන අතර එම කමිටුවේ සිටි එක් නිලධාරියෙක් හෝ වර්තමාන කමිටුවේ සාමාජිකයන් නොවේ.

කෙසේ වෙතත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව තුල සිදු වූ විකාශන කටයුතු වල ප්‍රමිතිය ඉතාමත් අඩු මට්ටමක පැවති බවත් ඒ පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බවත් Sony Pictures ආයතනය පවසා ඇත.

දිමුත් දක්ෂ නායකයෙක් වේවි – හතුරුසිංහ

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ තරග කීපයක් පමණි.

මෙම රූපවාහිනී ආයතනය ඔවුන්ගේ පුවත්පත් කලාවේ ප්‍රමිතීන් පහත හෙලා ඇති බවත්, ඔවුන්ගේ ප්‍රවෘත්ති අයිතමයේ භාවිතා කර ඇති ලිපියේ අත්සන් කරුවෙකුගෙන් මේ කාරණයේ කරුණු නිශ්චය කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා තරමට පහත් මට්ටමකට එම රූපවාහිනී ආයතනය පත්ව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපහාස කිරීමේ අරමුණින් කරන ලද ඉහත චෝදනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිය යටතේ ඇති උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<