නාලන්දාව අවදානමක; සාන්ත තෝමස් පිතිකරණය විශිෂ්ටයි

204

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් අද (19) ආරම්භ වූ අතර, බොහෝමයක් තරඟ වලට වර්ෂාවෙන් බාධා එල්ල විය.

කමිඳු තවත් ශතකයකට; ලුම්බිණි විද්‍යාලයට සුපිරි ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් අද දින (17) සාර්ථකව නිමාව දුටුවේය.

නාලන්දා විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

C කාණ්ඩය යටතේ පැවැත්වුණු මෙම තරඟය මග්ගොන දී පැවැත්විණි. එහිදී ප්‍රතිවාදී නාලන්දා පිතිකරුවන්ව ඔවුන්ගේ මුල් ඉනිම තුළ ලකුණු 83ක් වැනි අවම ලකුණු මට්මකට සීමා කිරීමට කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් පිලට හැකිවිණි.

නාලන්දා විද්‍යාලය වෙනුවෙන් සුරංග විජේවර්ධන ලකුණු 25ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර සඳුන් මෙන්ඩිස් හා දිළුම් සුධීර රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4 බැගින් දවාලන ලදි. මෙම තරඟය ක්‍රීඩා කරන අතරතුර වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල විය.

දිනය අවසානයේ පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන රිච්මන්ඩ් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටින ලදි.

නාලන්දා විද්‍යාලය පළමු ඉනිම – 83/10 (35.4): සුරංග විජේවර්ධන 25, අවිශ්ක පෙරේරා 20, සඳුන් මෙන්ඩිස් 4/18, දිළුම් සුධීර 4/23.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 39/1 (9.4):


සාන්ත තෝමස් විද්‍යාලය හා මැසනොඩ් විද්‍යාලය

D කාණ්ඩය යටතේ ආරම්භ වූ මෙම තරඟය කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ සත්කාරකත්වය සහිතව පැවැත්වුණි. කාසියේ වාසිය දිනූ ප්‍රතිවාදී සාන්ත තෝමස් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් වමත් පිතිකරු දුලිත් ගුණරත්න හා ඩිලෝන් පීරිස් හොඳ සබඳතාවයක් ගොඩනංවමින් පිළිවෙළින් ලකුණු 58ක් හා ලකුණු 45ක් සාන්ත තෝමස් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය. ශනිල් ද මෙල් ලකුණු 39ක් රැස්කළේය. පන්දු යැවීමේ දී සාලිය ජූඩ් ලකුණු 69කට කඩුලු 6ක් දවාලන ලදි.

ද මැසනොඩ් විද්‍යාලය තරඟයේ පළමු දිනය අවසන් වන විට, එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 38ක් ලබාගෙන සිටින අතර ඔවුන් සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 200ක් පසුපසින් පසුවෙයි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 238/10 (73.2): දුලිත් ගුණරත්න 58, ඩිලෝන් පීරිස් 45, ශනිල් මෙල් 39, සාලිය ජූඩ් 6/69,රොමාල් ප්‍රනාන්දු 2/39.

මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 38/1 (11.3):

පාකිස්තානු නවකයින් දෙදෙනෙක් පළපුරුදු ශ්‍රී ලංකාවට බැටදෙයි!

තරග 100කටත් වඩා අත්දැකීම් ඇති ක්‍රීඩකයින් රැසක් පිරිවරාගත් ශ්‍රී ලංකා පිළ අසරණ කරමින් …


ධර්මාශෝක විද්‍යාලය හා මහින්ද විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලයට කාසියේ වාසිය හිමිවූ මෙම තරඟය සූරියවැව ක්‍රිකට් පිටියේ දී පැවැත්විණි. පළමු දිනය සඳහා තරඟය අවසන් කරන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටියි.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ සචින් සංගීත් පෞද්ගලිකව ලකුණු 47ක් ධර්මාශෝක පළමු ඉනිමට එක්කර තිබියදී අවාසනාවන්ත ලෙස දැවීගියේය. නිමේෂ් මෙන්ඩිස් ලකුණු 39යි. පන්දු යැවීමේ දී දකුණතින් වේග පන්දු යවන කවිඳු එදිරිවීර සිය පන්දු යැවීමේ දස්කම් මැනවින් උපයෝගී කරගනිමින් කඩුලු 6ක් දවාගත්තේය. අවසානයේ ධර්මාශෝක පළමු ඉනිම ලකුණු 145කට සීමා විය.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 145/10 (48.3): සචින් සංගීත් 47, නිමේෂ් මෙන්ඩිස් 39, කවිඳු එදිරිවීර 6/57.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 34/2 (16):


සාන්ත පීතර විද්‍යාලය  හා ත්‍රිත්ව විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාලයේ හසින්ත ජයසූරිය ගේ නොදැවුණු අර්ධ ශතකය මගින් වර්ණවත් වුණු මෙම තරඟය සාන්ත පීතර පිටියේ දී පැවැත්වේ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ප්‍රතිවාදී ත්‍රිත්ව විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළ අතර, තරඟයේ පළමු දිනය තුළ, කිහිප වරක් වර්ෂාවෙන් ඇතිවූ බාධා හේතුවෙන් ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දුවාර 39ක් පමණි. එහිදී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් හසින්ත හා පුබුදු බණ්ඩාර පිළිවෙළින් ලකුණු 51*ක් හා ලකුණු 28ක් ලබාගෙන ලකුණු 99ක් දක්වා ඔවුන්ගේ ඉනිම ගොඩනංවන ලදි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 99/3 (39): හසින්ත ජයසූරිය 51*, පුබුදු බණ්ඩාර 28.

රාජකීය බලකොටුවට උතුරෙන් එල්ලවූ අනපේක්ෂිත වෙඩිමුරය

කේ. කපිල්රාජ්ගේ සහ එම්. අභිනාෂ්ගේ සුපිරි පන්දු යැවීමේ දක්ෂතා හමුවේ සවිමත් වූ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය…


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාල පිටියේ දී ආරම්භ වූ මෙම තරඟය පළමු දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 71ක් ලබාගැනීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සමත්විය. වර්ෂාවෙන් බාධා එල්ලවීම මෙම තරඟයටද නුහුරු අත්දැකීමක් නොවීය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කිංග්ස්වුඩ් කණ්ඩායමේ ඇරයුමින් පිටියට පිවිසුනු සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් ජනකාන්ත රාජසිංහ ලකුණු 22ක් වාර්තා කළේය. පන්දු යැවීමේ දී හශාන් වික්‍රමසිංහ විසින් කඩුලු 2ක් දවාලූ අතර, තරඟය අවසානයේ ක්‍රීඩා පිටියට වර්ෂාවෙන් අඩුපාඩුවක් සිදුවූයේ නැත.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 71/6 (39): ජනකාන්ත රාජසිංහ 22, හශාන් වික්‍රමසිංහ 2/08.

මෙම තරඟ සියල්ලේම දෙවන හා අවසන් දිනය හෙට (20) ක්‍රියාත්මක වේ.