රිච්මන්ඩ් විද්‍යාලයට දැවැන්ත ජයක්

516
Singer U19 schools january 18th roundup

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (18) අවසන් වූ තරඟ වලින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණයක් ලබා ගන්නා විට, කොළඹ ඉසිපතන විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණ වාර්තා කරන ලදී.

අයනගේ ශතකය නිසා ඉසිපතනය පෙරමුණ ගනියි

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව අද (17) පැවති තරගයේදී අයන සිරිවර්ධන රැස් කල ශතකය හේතුවෙන් ඔහු ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාලයට තරගයේ පෙරමුණ ගන්නට හැකිවිය.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය

ඊයේ (17) උදෑසන පේරාදෙණිය සරසවි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය කොළඹ ඉසිපතන විද්‍යාලය සතුවිය.

ඒ අනුව ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදුනු ඔවුන් ප්‍රථම දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා තම ඉණිම අත්හිටුවූ අතර, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ තම පිළිතුරු පළමු ඉණිමට ලකුණු 24ක් ලබා ගත් පුලින ගුණතිලකගේ ඉණිම හැරෙන්නට වෙනත් සාර්ථක ලකුණක් ඔවුන්ගේ ලකුණු පුවරුවේ සටහන් නොවිණි. එහිදී හෙශාන් ප්‍රනාන්දු ලකුණු 17කට කඩුලු 3ක් දවාලීමට සමත් වූ අතර,  ඉසිපතන දෙවන ඉණිමට ලකුණු 58ක් ද ලබා ගන්නා ලදි.

ඉසිපතන විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 329 dec (පන්දුවාර  77): අයන සිරිවර්ධන 134, කලණ පෙරේරා 42, ලෙශාන් අමරසිංහ 68*, ඉසුරු ප්‍රබෝධ  2/46, නිපුණ කුමාරසිරි  2/59

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 39.3): පුලින ගුණතිලක 24, හෙශාන් ප්‍රනාන්දු 3/17, ලෙසුර වීනාත් 3/26, ලහිරු දිල්හාන් 2/13

කොළඹ ඉසිපතන විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 194 (පන්දුවාර 53): හෙශාන් ප්‍රනාන්දු  58, කලණ පෙරේරා 39, නිපුණ කුමාරසිරි 3/56, කසුන් කරැණාතිලක 2/62


මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී අද  ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ද හිමි වූයේ තර්ස්ටන් පිළටයි. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී මාරිස්ටෙලා පිතිකරුවන්ට ඇරයුම් කරන ලදී.

තර්ස්ටන් විද්‍යාලය ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 57ක් ලබා සිටි අතර එම ඉණිමේ කඩුලු 6ක් දවාලූ පසිදු උශෙට්ටි සුපිරි පන්දු යැවීමක නිරත විය. අනතුරුව පිටියට පැමිණි මාරිස්ටෙලා විද්‍යාල ඉණිමේ දී ද කඩුලු 6ක් දවාලීමට නවීන් ගුණවර්ධන සමත් විය. තම ජයග්‍රහණය සඳහා ලකුණු 202ක් තර්ස්ටන් විද්‍යාලයට ලබා ගැනීමට නියමිතව තිබුණද, ප්‍රමාණවත් පන්දු ප්‍රමාණයක් නොතිබුණි.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 255 (පන්දුවාර 67.1): අශාන් ප්‍රනාන්දු 91, සවිදු කොළඹගේ 82, කුසල් ආධිත්‍යය 3/37, චරණ නානායක්කාර 3/48

කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 58): ජයවිහාන් මහවිතාන  33,  ඉමේෂ් විරංග 32, චරණ නානායක්කාර  25, පසිදු උශෙට්ටි 6/47

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 42.2): රවිදු ප්‍රනාන්දු  26,  නවීන් ගුණවර්ධන 6/41

කොළඹ තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 2ක් දැවී ලකුණු 45 (පන්දුවාර 10)


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේදී ඊයේ (17) ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සතුවිය. මෙම තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් වුණි.

මුලින් පිතිකරණයේ යෙදීම තෝරාගත් ඔවුන් පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන කොළඹ මහානාම විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියහ. එම ඉණිමට නිදුක වැලිකල ලකුණු 79ක් ලබාගෙන තුන් ඉරියව් දස්කම් දක්වද්දී, පවන් රත්නායක ලකුණු 76ක් තම විද්‍යාලයේ පළමු ඉණිමේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ලබා ගන්නා ලදි. වේල්ස් කුමර විද්‍යාලයේ දෙවන ඉණිමට නැවතත් අවිදු හා සදුන් ලකුණු 56ක් හා ලකුණු 47ක් පිළිවෙලින් ලබාගෙන දස්කම් දැක්වූහ.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 296  (පන්දුවාර 75.4): අවිදු ප්‍රනාන්දු 87, සඳුන් ප්‍රනාන්දු 86, විහාන් මුදලිගේ 3/38, නිදුක වැලිකල 2/42, හේශාන් හෙට්ටිආරච්චි 2/42

කොළඹ මහානාම විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 308 dec (පන්දුවාර 94.4): නිදුක වැලිකල 79, පවන් රත්නායක 76, හෙශාන් හෙට්ටිආරච්චි 51*, බිශාන් මෙන්ඩිස් 39, තිලාන් නිමේෂ් 3/97

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 165 (පන්දුවාර 26): අවිදු ප්‍රනාන්දු 56, සඳුන් ප්‍රනාන්දු 47, සනෝජ් දර්ශික 21, හශාන් සංදීප 4/52


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරඟය

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී A කාණ්ඩයෙන් පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතුකරගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. මෙම තරගයෙන් ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දෙවන ඉණිම වෙනුවෙන් පළමු ඉණිමේ දී ද සාර්ථක වුනු ධනංජය ලක්ෂාන් ලකුණු 71ක් ලබා ගත්තේය. චමිදු සමරසිංහ එම ඉණිමේ කඩුලු 3ක් ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් දවාලන ලදි.

අනතුරුව තම ජයග්‍රහණය සඳහා ලකුණු 236ක ඉලක්කයක් හිමිවූ ධර්මපාල විද්‍යාලයට සදුන් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු යැවීමේ හමුවේ එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි විය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 37.2): ධනංජය ලක්ෂාන් 28, තවිශ අභිෂේක් 26, ඩිල්ශාන් ද සිල්වා 4/16, මහීම වීරකෝන් 4/38

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 70, (පන්දුවාර 34.4): ධනංජය ලක්ෂාන් 3/15, සදුන් මෙන්ඩිස් 3/19, කවිශ්ක විජේසිරි 3/34

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ‍දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 185 dec (පන්දුවාර 41): ධනංජය ලක්ෂාන් 71, තවීෂ අභිෂේක් 46, චමිදු සමරසිංහ 3/56

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 105 (පන්දුවාර 32.3): අමිල දයානායක 23, සදුන් මෙන්ඩිස් 7/32


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙසින් අද (18) පළමු දිනය ක්‍රියාත්මක වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මලියදේව තණතීරුවේ දී පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි මලියදේව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබාගෙන සිටින ලදි.

පළමු ඉණිම දියත් කල ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් මදුෂාන් රණතුංග දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ශතකයක් රැස් කරගන්නා ලදි. දමිත් සිල්වා හා සංජීව ප්‍රියදර්ශන කඩුලු 3 බැගින් දවාලමින් එම ඉණිම ලකුණු 205කට සීමා කලහ.

වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 63.1): මදුෂාන් රණතුංග 100, යොහාන් පීරිස් 30, දමිත් සිල්වා 3/42, සංජීව ප්‍රියදර්ශන 3/46, කලණ ඉලංගකෝන් 2/10

කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 108 (පන්දුවාර 31)

කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 97ක් පසුපසින්  පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට