ඉනිමක ජය සාන්ත මරියා හා රිච්මන්ඩ් විද්‍යාල වලට

267
Singer U19 Schools Cricket February 17th roundup

සිංගර් කුසලාන 19න් පහළ ක්‍රිකට් තරග මෙන්ම සහෝදර ක්‍රිකට් සටනේ පෙර පුහුණු තරගයෙන් ද වර්ණවත් වූ පාසල් ක්‍රිකට් පිටියේ අද (17) දිනය කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක පූර්ණ ජයග්‍රහණයක් හිමි කර දෙමින් අවසන් විය.

83 වැනි ‘සාන්තුවරයන්ගේ සටනට’ ඩයලොග් සවිය

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයත්, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයත් අතර පැවැත්වෙන 83 වැනි ‘සාන්තුවරයන්ගේ සටන’, එළඹෙන මාර්තු 04 සහ 05 යන දිනයන් වලදී පී. සරා…

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත මරියා විද්‍යාලයට ඉනිමක හා ලකුණු 77ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගය මාතලේ සාන්ත තෝමස් පිටියේ දී අවසන් විය.

සාන්ත මරියා විද්‍යාලය තම පළමු ඉනිමට ලකුණු 385ක් ලබා ගත් අතර, ගජිත කොටුවේගොඩ දක්ෂ පිතිකරණයක නිරත විය. ලසිත උඩගේ කඩුලු 8යි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 124 (39.1): සජිත් ද සිල්වා 47, බවන්ත සමිතසංග 19, ලසිත උඩගේ 4/31, දමින්ද ගයාන් 2/24

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – 385/9 dec  (81.4): ගජිත කොටුවේගොඩ 127, තිමිර සුපුන් 50, මාස් රහීම් 48, සජීව රංජිත් 46, ලසිත උඩගේ 43, සසික බණ්ඩාර 3/42, දීමන්ත සේනානායක 2/71

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 184 (35.4): ලිහාජ ජයසුන්දර 94, සජිත් ද සිල්වා 71, ලසිත උඩගේ 4/84


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එදිරිව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

මග්ගොන සරේ පිටියේ දී නිමාවට පත්වූ මෙම තරගයෙන් රිච්මන්ඩ් විද්‍යාලය ඉනිමක හා ලකුණු 29ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

ධනංජය ලක්ෂාන්ගේ ලකුණු 40ත් සමඟ රිච්මන්ඩ් පිතිකරුවන් තම විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 255ක් දක්වා වර්ධනය කරගත් අතර, ධර්මාශෝක විද්‍යාලය ඉනිම් දෙකක් දියත් කලද, ඉනිමක පරාජයෙන් ගැලවීමට සඳුන් මෙන්ඩිස් හා රවිශ්ක විජේසිරි ධර්මාශෝක පිතිකරුවන්ට ඉඩ දුන්නේ නැත.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 255 (56.1): ධනංජය ලක්ෂාන් 40, සදුන් මෙන්ඩිස් 40, අවිදු තීක්ෂණ 37, කවිදු නදීශාන් 4/61

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 124 (36.5): කවීෂ කුමාර 37, හර්ෂජිත් රුශාන්ත 30, රවිශ්ක විජේසිරි 4/24

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම (f/o) – සියල්ලන්ම දැවී ලකුණු 102 (32.5): කවීෂ කුමාර 37, දිනුක ඩිල්ශාන් 25, ධනංජය ලක්ෂාන් 3/13, සදුන් මෙන්ඩිස් 3/18


සහෝදරයින්ගේ සටන (පුහුණු තරගය)

තර්ස්ටන් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල තර්ස්ටන් නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ මෙම තරගයේ තර්ස්ටන් පළමු ඉනිම ලකුණු 87කට සීමා කිරීමට මදුශික සඳරුවන්ගේ පන්දු යැවීමට හැකි වූ අතර, අකිල රණතුංග ලකුණු 21ක් ලබාගෙන එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. තම විද්‍යාලයේ දෙවන ඉනිමට පළමු ඉනිමේ වූ අඩුපාඩු නිවැරදි කර ගත් තර්ස්ටන් පිතිකරුවන් ඉනිමක පරාජයෙන් ගලවාගෙන නිවැරැදි දිශාවකට හරවන්නට  ජයවිහාන් මහවිතාන සමත් විය. මදුශික සඳරුවන් කඩුලු 9ක් දවා ගන්නා ලදී.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 190 (65): මදුශික සඳරුවන් 47, මාලිංග අභිෂේක් 30, හර්ෂ රත්නායක 27, අකිල රණතු3/38, තුතිර වීරසිංහ 2/26, ජනුශ්ක ප්‍රනාන්දු 2/43

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 87 (44): අකිල රණතුංග 21, මදුශික සඳරුවන් 4/24, මලින්ද අභිෂේක් 3/19

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම (f/o) – 231/8 (78): ජයවිහාන් මහවිතාන 54, නිමේෂ් පෙරේරා 47, ජනුශ්ක ප්‍රනාන්දු 38, පන්සිලු දේශාන් 34, මදුශික සඳරුවන් 5/96


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග,

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එදිරිව කැලණිය ගුරුකුල විද්‍යාලය

අද දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 99ක් ලෙස සනිටුහන්ව තිබූ සාන්ත අන්තෝනි ඉනිම අවිශ්ක තරිදුගේ ලකුණු 35ත් සමගින් බල ගැන්වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. එම ලකුණු 103ට පිළිතුරු ලෙස පිත්ත එසවූ පෘථිවි රූසර ලකුණු 63ක් ලබා ගනිමින් ගුරුකුල විද්‍යාලයට දැනටමත් පළමු ඉනිමේ ජයග්‍රහණය උදා කර දී ඇත.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 103 (39.1): රශ්මික මෙවන් 35, අවින්ද පසිදු 30, සචිත චමිත් 3/10, උදාර රවිදු 3/10, ලසිදු අරෝශ් 3/25

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 143/7 dec (23.2): පෘථිවි රූසර 63, තුශාර මදුෂාන් 2/29, අවිශ්ක තරිදු 2/30, කවිදු මදුක 2/32

සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 99/4 (26): අවිශ්ක තරිදු 35*, රශ්මික මෙවන් 28


කුරුණෑගල මලියදේව විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය

නාලන්ද පිටියේ දී කාසියේ වාසිය ජය ගත් මලියදේව විද්‍යාලය වෙනුවෙන් ඩිල්ශාන් කොල්ලුරේ ලකුණු 65 ලබා ගත් අතර පළමු ඉනිමට පිළිතුරු ලෙස නාලන්ද විද්‍යාලයේ පළමු ඉණිමට ලකුණු 66ක් ලබාගත් දසුන් සෙනෙවිරත්න නාලන්ද විද්‍යාලයට සවියක් විය. දැනටමත් නාලන්ද විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණය සනිටුහන් කරගෙන අවසන් ය. පන්දු යැවීමේ දී දමිත සිල්වා මලියදේව විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් දවාලන ලදි.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 126 (40.3): ඩිල්ශාන් කොල්ලුරේ 65, දමිත සිල්වා 23, ලක්ෂිත රසාංජන 4/13, අසේල කුලතුංග 3/17

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – සියල්ලන්ම දැවී 206 (49): දසුන් සෙනෙවිරත්න 66, රූසර ද සිල්වා 27, කලන කත්‍රිආරච්ච් 27, දමිත සිල්වා 5/46, සංජීවන් ප්‍රියදර්ශන 3/57


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

කාසියේ වාසිය තමන් සතුකරගත් සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දු යවා සාන්ත බෙනඩික්ට් පිතිකරුවන්ගේ පළමු ඉනිම ලකුණු 282කට සීමා කරවීමට සමත් විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දිනිත බස්නායක ලකුණු 64ක් හා ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 51ක්, සාන්ත ජෝසප් පන්දු යවන්නන්ට එරෙහිව ලබා ගැනීමට සමත් විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 282 (91.4): දිනිත බස්නායක 64, ශෙහාන් ප්‍රනාන්දු 51, ඩිලාන් චතුරංග 42, චලන සංකල්ප 30, නිපුන් සුමනසිංහ 4/32

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) කිසිවෙකු නොදැවී ලකුණු 3 (2):


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (රනිල් අබේනායක සමරු කුසලාන තරගය )

පවිත් රත්නායකගේ දක්ෂ පන්දු යැවීම නැවතත් කලඑලි බැස ගත් තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතුකරගත් ත්‍රිත්ව විද්‍යාලය සාන්ත තෝමස් තණතීරුවේ දී පළමුව ලකුණු රැස්කර ගන්නා ලදි.

ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 224ක් ලෙස දිස්විය. පවිත් රත්නායක කඩුලු 5ක් දවාලූ අතර, පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සිතාර හපුහින්න නොදැවී ලකුණු 71*යි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම  – සියල්ලන්ම දැවී 224 (64.5): විමංග සූරියන්පොළ 36, ශැනොගීත් ශන්මුගනාතන් 35,හසින්ත ජයසූරිය 26, පූර්ණ වනසේකර 23, පවිත් රත්නායක 5/54

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 123/3 (27): සිතාර හපුහින්න 71*

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට