ගාල්ල මහින්ද විද්‍යාලයට නොසිතූ ජයක්

249
Singer Schools U19 Cricket

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන දෙදින පාසල් ක්‍රිකට්  තරගාවලියේ පළමු පෙළ තවත් තරග දෙකක් ඊයේ (13) පැවැත්විය.

ගාල්ල මහින්ද විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් ධර්මපාල විද්‍යාලය පළමුව පිතිකරණයේ  නිරත වීමට සත්කාරක මහින්ද විද්‍යාලයට ආරාධනා කරන ලදි. එහි දී මහින්ද පළමු ඉනිම ලකුණු 107කට සීමා කිරීමට ලක්ෂිත පුරසිංහ, චමිඳු සමරසිංහ ඇතුළු ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය.

විනුර පුන්සර ලකුණු 26යි. ඉන්පසු සිය පළමු ඉනිම දියත් කළ ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන දුලාජ් එගොඩගේ ලකුණු 27ක් ලබා ගත්තේය. අවසානයේ ඔවුන් මහින්ද විද්‍යාලය අභිබවා ලකුණු 124ක් රැස්කර ගත්තේ ලකුණු 17 පළමු ඉනිමේ වාසියක් ද ලබා ගනිමිනි. කෙවින් කොත්තිගොඩ කඩුලු 4යි.

යෙසිත් හා නිමුතුගෙන් ඇදහිය නොහැකි පිතිකරණයක්

වයස අවුරුදු 13න් පහළ වෙළඳ සංගම් ආරාධිත අන්තර් ඇකඩමි ක්‍රිකට් තරගාවලියේ අද (12)..

විනුර දුල්සර මහින්ද විද්‍යාලයේ දෙවන ඉනිමේ බර සම්පුර්ණයෙන් කරට ගෙන මනරම් ශතකයක් ලබාගත්තේ ලකුණු 135ක් ලබා ගනිමිනි. ඔහුට සහය වූ කවිඳු එදිරිවීර නොදැවී ලකුණු 59*ක් ලබා ගෙන සිටිය දී සිය දෙවන ඉනිම අත්හිටවූයේ තරගය කෙසේ හෝ ජය ගැනීමේ අරමුණ ඇතිවයි.

ධර්මපාල විද්‍යාලයේ දෙවන ඉනිම සුනු විසුනු කළ කවිඳු ලකුණු 43ක් තුල කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂ ලෙස පන්දු යවන ලදි. පසන් පෙතනගොඩ කඩුලු 4යි. අවසානයේ ධර්මපාල විද්‍යාලයීය දෙවන ඉනිම  ලකුණු 92කට සීමා වූයේ මහින්ද විද්‍යාලයට ලකුණු 157ක ජයක් හිමිකර දෙමිනි.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම -107/10 (32):  විනුර පුන්සර 26, හංසික වැලිහිඳ 20, ලක්ෂිත පුරසිංහ 3/20, චමිඳු සමරසිංහ 3/24,  දුලාජ් එගොඩගේ 2/06, තරිඳු සඳරුවන් 2/28.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – 124/10 (26.4): දුලාජ් එගොඩගේ 27, අමිල දයානයක 24, චමිඳු සමරසිංහ 20, කෙවින් කොත්තිගොඩ 4/18, පසන් පෙතනගොඩ  2/27.

මහින්ද විද්‍යාලය දෙවන ඉනිම – 266/4 dec (61): විනුර දුල්සර 135, කවිඳු එද්රිවීර 59*, නවෝද් පරණවිතාන 33, චමිඳු සමරසිංහ 2/23, දුලාජ් එගොඩගේ 2/92.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – 92/10 (30.3): කවිඳු එදිරිවීර 5/43, පසන් පෙතනගොඩ 4/28.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයේ දකුණතින් පිත්ත හසුරුවන මන්තිල විජේරත්න නොදැවී ලබාගත් ලකුණු 69* නිසාවෙන් යාපනය සාන්ත ජෝන් විද්‍යාල පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ පළමු ඉනිම ලකුණු 130ක් දක්වා රැගෙන ඒමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය. පන්දු යැවීමේ දී වී. ජතුෂන් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

15න් පහළ අවසන් සටනට පිවිසෙන විදුහල් දෙක තීරණය වෙයි

ලබන 28 වැනිදා කොළඹ දී පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ තෙවන පෙළ..

මෙම තරගයේ පළමු දිනය අවසානයේ පිළිතුරු ඉනිම දියත් කරන සාන්ත ජෝන් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 84ක් ලබාගෙන සිටියේය. තෙවින් ඊරියගම කඩුලු 3යි. මෙම තරගය දෙවන දිනය සඳහා අදත් (14) ක්‍රියාත්මක වෙනු ඇත.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 128/10 (62): මන්තිල විජේරත්න 69*, රයන් ප්රනාන්දු 15, වී. ජතුෂන් 4/30, කේ.කපිල්රාජ් 3/31, එම්.අභිනාෂ් 2/29.

සාන්ත ජෝන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 84/9 (33): වී. ජතුෂන් 32, එන්. රතුෂන් 14*,ශැනොන් ප්‍රනාන්දු 3/09, තෙවින් ඊරියගම 3/14, මොහොමඩ් අසාම් 2/14.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<