සහිරා තර්ජනයට ඉසිපතනය සාර්ථකව පිළිතුරු දෙයි

754

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් ලෙස ඉසිපතන විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර හැව්ලොක් පිටියේ දී පැවති තරගයෙන් ජයග්‍රහණය දිනා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වූයේ ලකුණු 17-03ක් වශයෙනි.

මේ වන විට ක්‍රීඩා කළ සියලුම තරග අපරාජිතව නිමා කළ ඉසිපතනයින් සිය IIA ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වන අතර සහිරා විද්‍යාලය කිසිදු තරගයක් ජයග්‍රහණය කර නැත.

නායකයාගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් ධර්මරාජයට දැවැන්ත ජයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (23) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්…

තරගයේ ආරම්භයේ දී දෙපිළෙහිම ක්‍රීඩා විලාසයන් එහි ජයග්‍රහණයේ හිමිකාරිත්වය පිළිබඳව අනාවැකි පල කිරීමට අපොහොසත් වූයේ කණ්ඩායම් ද්විත්වයම එකිනෙකාට නොදෙවෙනි ලෙස සිය ශක්තියම යොදා කරට කර ක්‍රීඩා කිරීම නිසාවෙනි.

මුලදී සටන්කාමී ලෙස තරගය තුළ හැසිරුණු ඉසිපතන විද්‍යාලය සහිරාවන්ගෙන් එල්ල වුණු තර්ජනය හමුවේ කෙමෙන් කෙමෙන් ආරක්ෂාකාරී ඉරියව්වකට හැඩ ගැසුණි. කෙසේ නමුත් සිය ගෝලය පස මීටර් 22 රේඛාවේ සිට Rolling maul අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් සුපිරි ධාවනයක නිරත වූ ආර්. එච්. ද සිල්වා උත්සාහක දිනුමක් වාර්තා කළේ එහි ප්‍රවර්තනය මනෙල්ක රුබේරුගේ පාදයෙන් සාර්ථක වීමට මත්තෙනි. (ඉසිපතන 07-00 සහිරා)

විනිසුරු ලබා දුන් ස්ක්‍රම් අවස්ථාවන් කිසිවක දී සිය ශක්තිය උපකාරයෙන් අනෙකා පරයා යාමට කිසිදු පිළකට හැකි නොවූයේ දෙපිලේම ක්‍රීඩකයින්ගේ තිබූ ඉහළ මට්ටමේ ශාරීරික යෝග්‍යතාවය ප්‍රකට කරමිනි.

රාජකීයයන් අපරාජිත වාර්තාව තවදුරටත් රඳවා ගනී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ තරග මේ වන විට ආරම්භ වී ඇත. උද්වේගකර තරග කිහිපයක්ම මෙම…

එක්වරම නොසිතූ පරිදී ක්‍රියාත්මක වෙමින් විනිසුරු විසින් ලබා දුන් වාසි සහගත අවස්ථාවන් ද උපකාරී කරගනිමින් ඉදිරියට ඇදුණු සහිරා ක්‍රීඩකයින්ගෙන් ගෝලය ආරක්ෂා කරන අතරවාරයේ දී ඉසිපතන ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගන්නට එස්. ඒ. සලාම් සමත් විය. ඒ අනුව සහිරා විද්‍යාලය හට තරගයේ ප්‍රථම ලකුණු සංඛ්‍යාව හිමි විය. (ඉසිපතන 07-03 සහිරා)

දෙපිළෙහිම ක්‍රීඩකයින් ලකුණු වාර්තා කරනවා වෙනුවට තරගයට මෙන් Knock On සහ Off Side වැනි අත්වැරදීම් සිදු කරනු දක්නට ලැබුණි. සහිරා විද්‍යාලය සිය කණ්ඩායමේ ලකුණු ඉහළ දමා ගනිමින් ඉසිපතන විද්‍යාලය වෙත අභියෝගයක් වීමට දැරූ උත්සාහයන් සියල්ලක්ම පාහේ ව්‍යර්ථ කර දමමින් ඉසිපතන ආරක්ෂක පෙළ නොපිරිහෙලා සිය වගකීම මැනවින් ඉටු කළේය.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 07 – 03 සහිරා විද්‍යාලය

වැසිබර අඳුරු සන්ද්‍යාවක් ගත වන අවස්ථාවේ ආරම්භ වූ දෙවන අර්ධයේ දී ද ප්‍රබල ඉසිපතන කණ්ඩායමට පහසුවෙන් ලකුණු රැස් කිරීමට ප්‍රතිවාදී සහිරාවන් ඉඩ තැබුවේ නැත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ප්‍රථම අර්ධයේ පරිදිම ආක්‍රමණශීලී නොවී ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයේ බැමි බිඳිමින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සහිරා ක්‍රීඩකයින් සිදු කළ සියලු උපක්‍රම අසාර්ථක විය. කණ්ඩායම් දෙකෙහිම සැලසුම් ඉෂ්ට නොවන විටෙක දී දඬුවම් පහරක් මඟින් නැවතත් ලකුණු 03ක් සිය විද්‍යාලය වෙනුවෙන් රැස් කර ගැනීමට මනෙල්ක රුබෙරු හට හැකි විය. (ඉසිපතන 10 – 03 සහිරා)

කාලය වේගයෙන් ගත වෙමින් තිබූ අතර සහිරා විද්‍යාලයට සිය ප්‍රතිවාදීන් හා සම වීමට උත්සාහක දිනුමක් සමඟින් ප්‍රවර්තනයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වී තිබුණි. දෙපිළෙ අඩු ලකුණු පරතරයක් සහිතව තරගය සිදු වෙමින් තිබිය දී යම් පීඩනයකට හසු වූ ඉසිපතන කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අතින් පන්දුව ගිලිහී ගොස් සහිරා ක්‍රීඩකයින්ගේ අතට පත්වනු කිහිප විටෙක දී දක්නට ලැබුණ ද ඉන් කිසිදු වාසිය අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ ප්‍රබල ඉසිපතන ආරක්ෂක බැමි හේතුවෙනි.

ඩී. එස්. – සුම්මා අතරින් බිඳ වැටෙන්නේ කාගේ අපරාජිත වාර්තාව ද?

2019 සිංගර් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩය මෙන්ම B කාණ්ඩයත් ඉතා උණුසුම්. ඒ අතරත් IIB ඉතාමත්ම තරගකාරී කාණ්ඩයක්…

දැඩිවම ලකුණු අවශ්‍ය මොහොතක දී විනිසුරු ලබා දුන් දඬුවම් පහරක් මනෙල්ක රුබේරු අතින් ගිලිහී ගිය අතර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු උස්සා බිම දමමින් සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ඒ. රහුමාන් හට කහ කාඩ් පතක් ලැබී පිටියෙන් ඉවත් වීමට සිදු විය.

තරගයේ අවසානයට ළඟා වෙමින් තිබිය දී සිය ගෝල රේඛාව අසල යම් අරගලයක් දියත් කරමින් සිටි ඉසිපතන ක්‍රීඩකයින් සුපිරි පන්දු පිරිනැමීමකින් අනතුරුව සිය ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ එම්. එල්. රියාස්ගේ උත්සාහක දිනුම සහ මනෙල්ක රුබේරුගේ සාර්ථක ප්‍රවර්තනයත් සමඟිනි.

මේ අනුව පිට පිට සිය සිව්වැනි ජයග්‍රහණයත් වාර්තා කළ ඉසිපතන විද්‍යාලයට පළමු වටය වෙනුවෙන් තවත් ඉතිරිව ඇත්තේ IIA ලකුණු සටහනේ පෙරමුණේ සිටින අපරාජිත සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ පැවැත්වෙන තරගයයි.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 17 – 03 සහිරා විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • ඉසිපතන විද්‍යාලය: ආර්. එච්. ද සිල්වා 1T, එම්. එල්. රියාස් 1T, මනෙල්ක රුබේරු 2C 1P
  • සහිරා විද්‍යාලය: එස්. ඒ. සලාම් 1P

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<