දකුණු ලක පාසලකට සුපිරි අට වරම්

339

කැලණිය ගුරුකුල විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ ජයක් ලබාගත් ගාල්ල මහින්ද විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

නාලන්ද විද්‍යාලය හා රාහුල විද්‍යාලය අතර පැවැත්වූ තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි පළමු ඉනිමේ වාසිය දිනා ගැනීමට නාලන්ද විද්‍යාලයට හැකි විය.

125 වසරක් ඉපැරණි ක්‍රිකට් තරගයේ වැඩි වාසිය කන්ද උඩරටට

රාජකීය – ත්‍රිත්ව 125 වන වාර්ෂික සුහද මහා ක්‍රිකට් ගැටුමේ වැඩි වාසිය ත්‍රිත්ව විද්‍යාලය…

කැලණිය ගුරුකුල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ තවත් එක් තරගයක් වූ මේ තරගය අද අවසන් වූයේ සත්කාරක මහින්ද විද්‍යාලයට ඉදිරි වටයට යාමට අවශ්‍ය පසුබිම සකස් කරමිනි.

ඊයේ (24) දිනයට තරගය නවතාලන විට මහින්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබාගෙන සිටියේය. කවිඳු එදිරිවීරගේ නොදැවුණු අර්ධ ශතකය නිසාවෙන් වර්ණවත් වූ මහින්ද විද්‍යාල පළමු ඉනිමට තවදුරටත් සහය දැක්වීමට කේ. කේ. කෙවින් හා හංසික වැලිහිඳට හැකි විය. තරගය නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලයට හැකි විය. නුවන් චානක හා පෘථිවි රූසර ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ගුරුකුල විද්‍යාලය – 229 (78.4): පැතුම් මහේෂ් 58, ලසිඳු අරෝශ 56, කෙමිර නයනතරු 32, නුවන් චානක 26, පසන් පෙතනගොඩ 5/98.

මහින්ද විද්‍යාලය – 265/8 (78.3): කවිඳු එදිරිවීර 66*, කේ. කේ. කෙවින් 40, හංසික වැලිහිඳ 39, විනුර දුල්සර 23, නුවන් චානක 3/51, පෘථිවි රූසර 3/57. 


මාතර රාහුල විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

මාතර උයන්වත්ත පිටියේ දී නිමාව දුටු මේ තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට නාලන්ද විද්‍යාලය සමත් විය.

රාහුල විද්‍යාලය වෙනුවෙන් සචිත් මනුරංග ලකුණු 41කට දැවී යන විට රවීන් ද සිල්වා කඩුලු 4ක් දවා ගන්නා ලදි.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නාලන්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 109ක් ලබාගෙන සිටියේය. අද දිනය ආරම්භයේ දී සජිත රාජපක්ෂ ඇතුළු රාහුල ක්‍රීඩකයින් නාලන්ද පිතිකරුවන් හට දැඩි පීඩනයක් එල්ල කරමින් කඩුලු කිහිපයක්ම අඩු ලකුණකට දවා ගැනීමට සමත් විය. නමුත් නාලන්ද නායක ලක්ෂිත රසාංජන හා දිල්හාර පොල්ගම්පල හොඳින් ලකුණු අතරට පිවිසෙමින් නාලන්ද පළමු ඉනිමේ ජය තහවුරු කරන ලදි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සජිත කඩුලු 5ක් දවා ගන්නා විට ඔවින් බෝපගේ කඩුලු 3යි.

රාහුල විද්‍යාලය – 131 (61.2): සචිත් මනුරංග 44, යුරාජ් චාලක 37, රවීන් ද සිල්වා 4/39, උමේෂ්ක ඩිල්ශාන් 2/17.

නාලන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 151/9 (52): ලක්ෂිත රසාංජන 45,, දිල්හාර පොල්ගම්පල 43, අවිශ්ක පෙරේරා 30, සජිත රාජපක්ෂ 5/23, ඔවින් බෝපගේ 3/22.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<